Chapter 4

488 155 9
                                    

"එයාව අතඅරිනවා.."

ගොඩක් පුරුදු ඒ කටහඬ ඇහෙද්දි මං බැලුවෙ යුනිවර්සිටි එකේ ගේට් එක පැත්ත..මං විතරක් නෙමෙයි..අර කොල්ලො කට්ටියත් ඒ දිහා බලන වගක් මට තේරුණා..

ඉහළට ගත්ත හුස්ම පහළ දාන්න අමතක වෙලා මං බලාගෙන හිටියෙ එතන හිටිය කෙනා දිහා..ලොකු ආරක්ෂාවක් මගෙ හිතට දැනෙද්දි මගෙ ඇස්වලට කඳුළු ඉණුවෙ සතුට වැඩිකමට..

අප්පා...

අප්පා කොහෙන්ද මේ වෙලාවෙ මෙතැනට ආවෙ?මොනවද එයා ඇඳගෙන ඉන්නෙ?ඇයි ඒ පෙනුම ටිකක් වෙනස්..??

එයාව දැකපු ගමන් ඒ ගොඩක් ප්‍රශ්න හිතට ආවත් මට ඒ ගැන හිතන්න ඕනෙ වුණෙ නෑ...මට දැනුනෙ සැනසීමක්..අප්පා ගාව ඉන්නකොට කවදත් මගෙ හිතට දැනුන සැනසීම..දැනුත් ඒ විදිහටම දැනුනා..

අප්පා හිමින් අර කොල්ලො ගාවට ඇවිත් හිටගත්තෙ මූණෙ පිරිලා තිබ්බ අභියෝගාත්මක පෙනුමකුත් එක්ක..අප්පා මං දිහා බැලුවෙ ආගන්තුකයෙක් දිහා බලනවා වගේ..ඒත් මාව දැක්ක ගමන් ඒ ඇස් දෙක පුදුමයෙන් පිරුණ බව මට තේරුණා..ඒ වුණත් අප්පා ආයෙත් අර කොල්ලො දිහාට හැරුණා..

"එයාට යන්න දීලා තමුසෙලාගෙ වැඩක් බලාගන්නවා.."අප්පා ඒ කොල්ලොන්ට කිව්වෙ තර්ජනය කරනවා වගේ..අප්පාගෙ කටහඬ වෙනස්..හරියට පෙනුම වගේම තරුණ පාටයි..

"ඇයි ජොන් ජන්ග්කුක්??මේ තමුසෙගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ද?"මාව වට්ටපු කොල්ලා ඇහුවෙ අප්පාගෙ මූණ ඉස්සරහටම ගිහින්..

"ඔව්..මේ මගෙ ගර්ල් තමයි..තමුසෙලාට ඒකෙන් වැඩක් නෑනෙ..මගෙ යකා අවුස්සන්නෙ නැතුව මේ කෙල්ලට ඉන්න දීලා මෙහෙන් යනවා.."අප්පාගෙ හඬ කේන්තියෙන් පිරිලා තිබුණා වගේ..

"වාහ්..ජොන් ජන්ග්කුක්ගෙ ගර්ල්??මේක හෙන වටින නිවුස් එකක්නෙ.."එහෙම කියපු කොල්ලෙක් දිගට හරහට බිම වැටිලා හිටිය මගේ ෆොටෝස් ගන්න ගත්තා..අප්පා කළේ ඒ කොල්ලාගෙ අත අඹරලා අරගෙන ඒ කොල්ලාගෙන් ෆෝන් එක උදුරගත්ත එක..

"එක ෆොටෝ එකක් හරි අප්ලෝඩ් කරලා තිබුණොත් තමුසෙලාව කෑලි කරනවා..ඩිලීට් කරනවා දැන්මම.."අප්පා කෑ ගහලා කියද්දි අර කොල්ලා ෆෝන් එක අතට අරගෙන ටච් කරන්න ගත්තා..ඒවා හරිම පරණ ෆෝන් නෙ..

Who Are You? | Jungkook Centric | OnholdWhere stories live. Discover now