Chapter 14

560 131 33
                                    

මම අසනීපෙන් හිටිය දවස් කීපයම අප්පා මාව බලාගත්තෙ මලක් වගේ පරිස්සමට..වෙලාවකට අප්පා ගැන පුදුමත් හිතුණා..

පිරිමියෙක්ට පුළුවන්ද කෙල්ලෙක්ට මෙච්චර ලොකු රැකවරණයක් දෙන්න..?

මට කීපවතාවක් එහෙම හිතුණා..

අප්පා ආදරණීයයි..ආරක්ෂාකාරීයි..විමසිලිමත්..

කෙල්ලෙක් තමන්ගෙ ආදරවන්තයාගෙන් බලාපොරොත්තු වෙන හැම ගතිගුණයක්ම අප්පට තියෙනවා..ඔම්මා ගොඩාක් වාසනාවන්තයි අප්පා වගේ කෙනෙක්ව ලබන්න..

අසනීපෙන් ඉඳලා මට ඇඳෙන් නැගිටගන්න පුළුවන් වුණේ දවසකට විතර පස්සෙ..වේදනාකාරීව ගෙවිලා ගිය පැය කීපයකට පස්සෙ මට ආයෙත් යථා තත්වයට එන්න පුළුවන් වුණා..

හවස් වෙලා වොෂ් එකක් දාගෙන රූම් එකෙන් එළියට ආවෙ අප්පව හොයාගන්න..කිචන් එකෙන් ආපු සුවඳට අප්පා ඉන්නෙ කිචන් එකේ කියලා මට ඉවෙන් වගේ තේරුණා..

මම කිචන් එකට යද්දිත් අප්පා හිටියෙ කෑම හදන ගමන්..

කිචන් කවුන්ටර් එක උඩ ෆෝන් එකත් තියාගෙන අප්පා වීඩියෝ එකක් බල බල කෑම හදන විදිහ දැක්කම මට හිනාත් ගියා..

"අප්පා...මොකද කරන්නෙ?"මම කිචන් එකේ දොරට හේත්තු වෙලා හිමින් ඇහුවා..

"ආහ්..ඔයා නැගිට්ටද?දැන් අඩුද හෙයිමියා?"අප්පා ඇහුවෙ මගෙ ළඟට ඇවිත් ඔළුවත් අතගාන ගමන්..

"ම්ම්..දැන් අඩුයි.."මම කිව්වෙ කවුන්ටර් එක උඩින් වාඩිවෙන ගමන්..

"ඔයා ‌මොකද කරන්නෙ අප්පා?"මම අප්පාගෙ ෆෝන් එක අතට ගන්න ගමන් ඇහුවා..

"මම මේ යූ ටියුබ් එකේ රෙසිපි එකක් බැලුවා..මම ඉතින් එහෙම ලොකුවට උයන්න දන්නෙ නෑනෙ.."අප්පා කිව්වෙ ලැජ්ජාවෙන් වගේ හිනාවෙලා..

"යූ ටියුබ්?"මම අප්පාගෙ ෆෝන් එක අතට ගත්තෙ පුදුමයෙන් අහන ගමන්..

"හහ්..දැන් කියන්නකො ඒකත් දන්නෑ කියලා.."අප්පා කිව්වෙ ලොකු සුසමක් පිට කරන ගමන්..

"ආහ්..නෑ නෑ..ඒක දන්නවා..ඒත් අප්පලගෙ කාලෙත් යූ ටියුබ් තිබ්බද?"මං ඇහුවෙ විහිළුවෙන් වගේ..

Who Are You? | Jungkook Centric | OnholdWhere stories live. Discover now