Chapter 5

425 148 4
                                    

"එතකොට ඔයා කියන්නෙ..‌මගෙ අප්පා ටයිම් මැෂින් එකක් හැදුවා කියලාද??ඕනෙම කාලයකට යන්න පුළුවන් වෙන්න??"

මගෙ කතාව සාවධානව අහගෙන ඉඳපු අප්පා සෑහෙන වෙලාවකින් කතා කළා..මගෙ ඉස්සරහා තිබ්බ බීම වීදුරුවෙන් උගුරක් බීලා මං ඔළුව වැනුවා..

අප්පා මාව එක්කගෙන ආවෙ පොඩි රෙස්ටුරන්ට් එකකට..ලොකු කතාවකට මෙතන හොඳයි කියලයි එයානම් කිව්වෙ..අපේ කාලෙ වගේ නෙමෙයි..මේ රෙස්ටුරන්ට් පවා හරිම වෙනස්..

"ඕනෙම කාලයකට යන්න පුළුවන්ද කියන එක ගැන මට හරියටම කියන්න බෑ..ඒත් මේක සිද්ධ වුණේ නම් ඒ මැෂින් එක නිසා කියලා කියන්න පුළුවන්.."

අප්පා ආයෙත් කල්පනාවට වැටුණා..

"එතකොට..ඔයා මගේ දුව??"අප්පා එහෙම අහලා වාඩිවෙලා හිටිය පුටුවට හේත්තු වුණේ සැපපහසු විදිහට..හිනාවෙලා ඔළුව වනනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණෙම නෑ..අප්පත් මේ දේවල් විශ්වාස කරන්නෙ හරාබොජිගෙ ප්‍රැක්ටික්ල්ස් ගැන දන්න නිසා විතරක් බං මං දන්නවා..

"ආයෙත් කොහොමද ඔයා 2052ට යන්නෙ??"අප්පා ඇහුවා..

"ඒ ගැන මට කියන්න තේරෙන්නෙ නෑ අප්පා..මං තාම ඉන්නෙ හීනෙක වගේ..ඉක්මනින්ම මේ හැමදේම විසඳගන්න ඕනෙ.."

"ම්ම්...අප්පා..ඒක ටිකක් නුහුරුයි වගේනෙ..මං කියන්නෙ..මට දුවෙක් ඉන්නවා කියන එක නිකන්.."අප්පා කතා කළේ බෙල්ල පිටිපස්ස අතගාගන්න ගමන් ලැජ්ජාවෙන් වගේ..මං හිනාවුණා..

"අරස්සෝ..මට ඒක තේරෙනවා..ඒත්..මං අවුරුදු විසිපහක්ම අප්පා කිව්වෙ ඔයාට..ඔය රූපෙට..ඒක වෙනස් කරන්න අමාරුයි.."මං බිමට හැරුණ ඇස්වලින් කිව්වා..

ඒක හරිම නුහුරු හැඟීමක්..ඔයාට හිතාගන්න පුළුවන්ද ඔයාගෙ අප්පා ඔයාගෙ වයසෙම වුණොත්??හරිම පටලැවිල්ලක්...

"ම‌‌ට තේරෙනවා.."අප්පා කිව්වා..

"ඔයාට ආයෙත් යන්න ක්‍රමයක් තියෙන්න ඕනෙ හෙයිමි.."අප්පා ටික වෙලාවක් කල්පනා කරලා ආයෙත් කිව්වා..

"අපිට බැරිද හරාබොජිගෙන් උදව් ගන්න...එයා අනිවාරෙන්ම මේ ගැන දන්නවා අප්පා..එයයි මේ මැෂින් එක හැදුවෙ.."මං කියද්දි නම් අප්පාගෙ මූණ අඳුරු වුණා..අප්පා අහක බලාගත්තෙ මං කියන දේවල් වලට එකඟ වෙන්න බෑ කියනවා වගේ..

Who Are You? | Jungkook Centric | OnholdWhere stories live. Discover now