Chapter 8

444 135 10
                                    

අප්පා ගියාට පස්සෙ හරිම පාළුවක් දැනෙන්නෙ..නිකමට කල්පනා වුණේ..දැන් 2052දී මං නෑ කියලා කට්ටිය දැනගෙන නම්..මොනවා වෙලා ඇතිද??

හැල්මොනියි හරාබොජියි නම් කොහොමත් දැනගෙන ඇති..ඒ දෙන්නා ගෙදර එද්දි මං නෑනෙ..එතකොට ඔම්මයි අප්පයි??එයාලා හැමෝම ගොඩක් කලබල වෙලා ඇති..අනේ මට එයාල‌ට කියන්න තිබුණා නම් මං හොඳින් ඉන්නවා කියලා..

2022 අප්පා නම් දන්නවා මට මොකද වුණේ කියලා..ඒත් 2052 අප්පා දන්නෙ නෑනෙ..

මගෙ අප්පා කොටස් දෙකයි..2022 අප්පා,2052 අප්පා..

මොකක්??මොන විකාරයක්ද මං ඒ කිව්වෙ?

මං ගැන දන්න නිසාමද මන්දා අප්පා කෑමත් හදලා ගිහින් තිබ්බා..මට අනාගතේවත් කෑමක් හදාගන්න බෑ කියලා අප්පාට තේරෙන්න ඇති..අප්පා තනියම ඉන්නකොට වීරයා වගේ ඉව්වට මොකද අපි දෙන්නත් එක්ක එකතු වෙලා කෑමක් හදපු දවසට කිචන් එකේ ගන්න දෙයක් නෑ..
දවසක් ඔම්මව සප්‍රයිස් කරවන්න කෑම හදලා ඔම්මා ඕනවටත් වඩා සප්‍රයිස් වුණා..මාවයි අප්පාවයි ගහලා පැන්නුවෙ කිචන් එකෙන්..

බඩ පිරෙන්න කාලා ඉවර වෙලා මං ආයෙත් ගේ පුරාම ඇවිදින්න ගත්තා..මං මෙහෙම ඇවිදින එක කමක් නැද්ද??

කමක් නෑ..මගෙ අප්පානෙ...

එක දෙයක් නම් ‌පැහැදිලියි..අප්පා හොඳටම මහන්සි වෙලා පාඩම් කරනවා..මුළු අපාර්ට්මන්ට් එකේම බිත්තිවල මයින්ඩ් මැප්ස්..පොඩි බැනර්ස්..බලන බලන තැන පොත්..

ඔව් ඉතින්..මෙහෙම පාඩම් කරේ නැත්නම් ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න බෑනෙ..

දැන් නම් හොඳටම කම්මැලියි..ගේ පුරාම වට දෙක තුනක්ම ඇවිදින්න ඇති..මං දැක්කෙ ගේ පැත්තක තියලා තියෙන වැකුම් ක්ලීනර් එකක්..මොකද කරන්නෙ??අස්පස් කරලාවත් දාන්න ඕනෙ..පවු..අප්පට ගෙදර අස් කරන්නවත් වෙලාවක් නැතුව ඇති..

සාලෙ පුරා විසිරිලා තිබ්බ පොත් ටික එක ගොඩකට ගහලා මං පොත් ටික පිළිවෙලකට හැදුවා..වැකුම් එක පරණ වුණාට ඒක පාවිච්චි කරන විදිහ දන්න නිසා යන්තම් දූවිලි ටිකත් අයින් කරා..ඇයි මෙහෙ වැකුම් රොබෝ කෙනෙක් නැත්තෙ..??දන්න වැඩ කිඩ දාලා වැකුම් එක යූස් කරාට මොකද තව නූලෙන් මල් පෝච්චියකුත් බිම..

Who Are You? | Jungkook Centric | OnholdWhere stories live. Discover now