Chapter 15

168 30 23
                                    


"හෙයිමි..අපි පොඩි ගමනක් යමුද..?"අප්පා ඇවිත් රූම් එකට එබුණෙ එහෙම අහගෙන..

"කොහෙද අප්පා..?"මං කාමරෙන් එළියට ආවා..ටේ අන්කලුයි ජිමින් අන්කලුයි තවමත් එතන හිටියා..

අප්පා මෙහෙම හිනාවෙලා කතාකරාට නොකියන මොකක් හරි දුකක් අප්පාගෙ හිත ඇතුළෙ තියෙන බව මට තේරිලා තිබුණා..
කලින් ටේ අන්කලුයි ජිමින් අන්කලුයි එක්ක අප්පා කතා කරපු දේවල් වලින් අප්පා මම ආයෙත් යන එක⁣ට ලොකු කැමැත්තකින් හිටියෙ නැති බවත් මට තේරුණා..

ඒත් ඒක අප්පාගෙන් අහන්න හිත දුන්නෙ නැත්තෙ අප්පා තවත් දුක් වෙයි කියලා හිතලමයි...

"අපි යමු ඔයාට ඇඳුම් ටිකක් ගන්න.."

"මට...?ඒත් මං කොහොමද එළියට යන්නෙ?මට අප්පාගෙ ඇඳුම් ඇඳගෙන එළියට යන්න බෑනෙ.."මං කිව්වෙ ටේ අන්කලුයි ජිමින් අන්කලුයි හිටිය තැනින් වාඩි වෙලා..
මට ගෙනාවා කෙසේ වෙතත් ඒ දෙන්නා නම් එයාලා ගෙනාපු දේවල් කාලාදාන ගමන් හිටියෙ..

"ඒකට තමයි හෙයිමියා අපි වගේ බුද්ධිමතුන්ගෙන් උදව් ඕනෙ.."කියපු ටේ අන්කල් කවරයක් මගෙ ඇඟට විසිකළා..මම බැලුවෙ ඒකෙ තිායන්නෙ මොනාද කියලා..

කවරෙ අැතුළෙ තිබුණෙ ලා දම් පාට ගවුමක්..
මං ටේ අන්කල් දිහා බැලු⁣වා..

"ඔයාට කොහෙන්ද මේක අන්කල්?"

"ඇත්තම කතාව ඕක අපෙ නංගිගෙ..හොරෙන් අරන් ආවෙ..දැනගන්න තියන්න එපා ජන්ග්කුකා.."ටේ අන්කල් අප්පට කිව්වා..

"අරස්සෝ.."අප්පා කිව්වෙ කිචන් එකට යන අතරෙදි..

"දැන්ම යනවද අප්පා?"

"ඔව්.දැන් යමු..හෙට මට යුනිවර්සිටි යන්නම ඕනෙ හෙයිමියා රිසර්ච් එකේ වැඩක් තියෙනවා..අදම යමු ඒ නිසා.."

"ඒත් මට බඩගිනියි නෙ අප්පා.."මං කිව්වෙ අැත්තටම මම ඒ වෙද්දි බඩගින්නෙ හිටි නිසා..

ටේ අන්කල් ගෙනාපු කෑමවලින් සැන්විච් එකක් මගෙ අතින් තිබ්බෙ බීම කෑන් එකක් දීලා..
ඒ අතරෙ අප්පා කිම්චි හදන්න ලෑස්ති කරපු ගෝවා ටික ෆ්‍රිජ් එකෙන් තිබ්බෙ උයන එක කවදාවත් අපිට හරියට කරගන්න බෑ කියලා තේරුණ නිසා වෙන්න ඇති..කොහොමත් මම ඒක කලින්ම විනාස කරලනෙ තිබ්බෙ..

You've reached the end of published parts.

⏰ Last updated: Mar 25 ⏰

Add this story to your Library to get notified about new parts!

Who Are You? | Jungkook Centric | OnholdWhere stories live. Discover now