Chapter 2

648 173 52
                                    

"හෙයිමි..චූටි දූ මොකද මේ?"ඇඳේ ඇලවෙලා හිටිය මට ඇහුනෙ හරාබොජිගෙ කටහඬ..මම ඇස් ඇරලා ඇඳ උඩින් වාඩිවුණා..

"හරාබොජි.."මම හරාබොජිව බදාගත්තා..හරාබොජිගේ ඇඟිලි මගේ කොණ්ඩෙ අතරින් ගමන් කළා..

"‌අප්පයි දුවයි දෙන්නම එකයි..ගෙදරින් තරහා වෙලා යන එකමයි කරන්නෙ.."හරාබොජි මගෙ කම්මුලක් මිරිකලා කිව්වා..මම හරාබොජි දිහා බලාගෙන හිටියා..

වයස නිසා තරමක් හම රැලි වැටිලා තිබුණට හරාබොජිගෙ කොණ්ඩෙ තද කළු පාටයි..අප්පාගෙ පෙනුම හැල්මොනිටත් වඩා ගොඩක්ම සමීප වුණේ හරාබොජිට..

මම ඒ ගැන වැඩි විස්තර අහන්නෙ නැතුවම හරාබොජිගෙ අතක එල්ලිලා කාමරෙන් එළියට ගියා..හරාබොජිට පඩිපෙළ බහින්න අමාරු නිසා වෙන්න ඇති..එයා පාවිච්චි කරේ පර්සනල් එලවේටර් එක..මමත් හරාබොජි එක්ක එලවේටර් එකට නැග්ගා..හරාබොජි කිචන් අයිකන් එක ටච් කරලා මගෙ පැත්තට හැරුණා..

"හරාබොජි ලැබ් එකේ මොනවද කරේ?"මම හරාබොජිගෙ රැවුලෙන් අදින ගමන් ඇහුවා..

"මිනීව රෙපෙයාර් කරා හෙයිමි..අලුත් පාට්ස් ටිකක් ඇඩ් කරා.."

මිනී..ම්ම්..මට මතකයි..ඒ කියන්නෙ හරාබොජිලාගෙ ගෙදර හිටිය ක්ලීනින් රොබෝ..මිනී මේ ගෙදර ඉන්නෙ අවුරුදු ගානක ඉඳන් නිසා එයාව නිතර රෙපෙයාර් කරන්න ඕනෙ..

"එයාව හදලා ඉවරද හරාබොජි..?"එලවේටර් එකෙන් එළියට එන ගමන් මම ඇහුවා..

කුස්සියට එද්දිම පෙනහළු පිරිලා යන තරමේ ලොකු සුවඳක් දැනුනා..හැල්මොනි හිටියෙ තව ක්ලීනින් රොබෝ කෙනෙක් කුස්සියෙ වැඩ කරන ගමන්..ඒ මිනීගෙ ට්වීන් රොබෝ..නිනී..

"තව ටිකක් හදන්න තියෙනවා..නිනීවත් අලුතින් හදන්න වෙයි..එයාගෙ ට්‍රාන්ස්ලේටර් එකේ පොඩි අවුලක් තියෙනවා වගේ.."

මමයි හරාබොජියි කෑම මේසෙන් වාඩි වුණා..හැල්මොනිත් ඇවිත් මේසෙන් වාඩි වුණේ කෑම පුරවපු භාජන කීපයක්ම මේසෙන් තියන ගමන්..

"අපේ කාලෙ මෙච්චර දියුණු නෑ.."හැල්මොනි කිව්වෙ පිඟන් සුද්ද කරමින් හිටිය නිනී දිහා බලලා..

ඒ කතාව..අපෙ අප්පත් නිතරම කියන කතාව..

ඇත්තටම ඒ කාලෙ මේ වගේ දියුණුවක් නොතිබෙන්න ඇතිද..?

Who Are You? | Jungkook Centric | OnholdWhere stories live. Discover now