- 02 -💨

959 210 10
                                    

හන් ගඟ ආසනනයේම පැවතී Beachwood නම් cafe shop එකක් තුල එකිනෙකාට මුහුණලා වාඩි වී සිටින සුන්දර, කඩවසම්, සිත් ගන්නා සුළු තරුණයෝ දෙන්නෙක්..........

ඔවුන්ගේ ඉදිරියෙන් මේසය මත ඇති තවමත් දුම් දමන Americano කෝපි කෝප්ප දෙකක්.........

ඒ තරුණයන් දෙදෙනාගෙ මුවින් එක් වචනයක් හෝ පිට වූවා නම්, ඒ cafe shop එකේ සේවකයෙකුට තම ඇණවුම බාර දුන් අවස්ථාවේදී පමණයි....

ඉන් පසුව එළඹුනු මොහොතෙ සිට මේ වන තුරුත් ඔවුන්ගේ ඇස් එකිනෙකට පටලැවී තිබුනත්, තවමත් එකදු වචනයක්වත් ඔවුන් අතර හුවමාරු වුණේ නෑ...










" ඔයාගෙ ඔම්මට........
දැන් එයාට කොහොමද ! "

දැඩි නිහඬතාවය බිද දමා එක් තරුණයෙක් ඔහුගේ හඩ අවධිකලා.

" එයා....එයා මාව දාලා ගියා... "

" අනේ දෙවියනේ...
මට සමාවෙන්න ටේහියුන්. "

" ඒක ප්‍රශ්නයක් නෑ ජංකුකී...
මං හිත හදාගෙන ඉන්නෙ.. "

අනෙක් තරුණයා මද සිනාවක් සමග උත්තර දුන්නා.



" දැන් ඉතින් ඔයා මොනවද කරන්නෙ ?!
තනියමද ඉන්නෙ ? "

" ඔව් මං තනියම...

ගිය මාසෙ තමා මම ඩේජු වල ඉදන් ආපහු සෝල් ආවෙ.
දැන් මං මෙහෙ තියන fashion designing company එකක training වෙනවා...
Degree එක කරගන්න බැරි වුණ නිසා ඉතින් හොද රස්සාවක් හොයාගන්නත් අමාරුයිනෙ. "

" ohh....
ඔයාට ගොඩක් අමාරු කාලයක් වෙන්න ඇති.. "

" හ්ම්... ටිකක් විතර,...

මගේ ඔම්මා මට කියල ඉතුරු කරල තිබ්බ පොඩි ගානක් මට හම්බුනා.
ඉතින් මම ඒකෙන් කොහොමහරි සෝල් ඇවිත් fashion designing company එකට join වුණා.....
දවල් වරුවෙ ඒකෙ ඉදලා රෑට මං මේ ළඟම තියෙන mini bar එකේ වැඩට යනවා... එතනිනුත් මට පොඩි ගානක් හම්බුවෙනවා..
ඒ හොදටම ඇති...."

" මට ගොඩක් කණගාටුයි. "

" ඒ ගැන කරදර වෙන්න එපා ජංකුකී...

ඉතින් දැන් ඔයා ගැන කොහොමද ! "

" මම කොහොමහරි degree එක ගොඩ දාගත්තා ටේ...

දැනට නම් job එකක් කරන්නෙ නෑ...
ඒත් අපේ අප්පගෙ business එකේ වැඩ බලන්න මාත් හිටපු ගමන් යනවා... "

" ohh....
මට සතුටුයි ඔයා ගැන... "

ඔහු හදවතින්ම සතුටු වුණා.....









.
.
.
.
Continue your reading! 💨

Thank you for reading & voting
Sorry for mistakes 💜 💜

Thank you for reading & voting Sorry for mistakes 💜 💜

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

ටික ටික බීගෙන යන්න... 😋

ᴸᵃˢᵗ ᵇʳᵉᵃᵗʰ  | ✔✔Dove le storie prendono vita. Scoprilo ora