- 11 -💨

675 184 8
                                    


එකදු තාරකාවක් වත් පෙනෙන්නට නොවූ වැහිබර රෑ අහස යට ජංකුක්ගෙ මවත්, ටේහියුනුත් ඒ ගෙදර ඉස්සරහින් තිබූ බෙන්ච් එකක් උඩ නිශ්ශබ්දවම වාඩි වී සිටියා..

ටේහියුන්ගෙ දෑස් වලින් තවමත් කදුළු ගලාගෙන යන්නෙ කිසිදු පාලනයකින් තොරව... ඒ නිසාම ඔහු දිගටම බිම බලාගෙන හීන් හඩින් ඉකි බින්ඳ...
ජංකුක්ගෙ මව ඔහුගෙ පිට අතගාන ගමන් කතා කරන්නට සුදුසු අවස්ථාව පැමිණෙනකන් බලාගෙන හිටියෙ ගොඩක් ඉවසීමෙන්...







" ටේහියුන් පුතා... "


" කියන්න ඔම්මා. "



" මට තේරෙනවා ඔයත් ජංකුක්ට ගොඩක් ආදරෙයි කියලා... එහෙම නේද ! "



" ඔ-ඔම්මා.."



" මාත් එක්ක කතා කරන්න බය වෙන්න එපා ටේහියුන්...
ඔයාට පුළුවන් මට හැමදේම කියන්න.. "



" ඔව් මාත් එයාට ගොඩක් ආදරෙයි ඔම්මා..
එයාව හම්බුණු මුල් කාලෙ ඉදන්මයි මම එයාට ආදරේ කලේ.. "



" එහෙනම් ඇයි අද ඔයා එයාව එපා කිව්වෙ ?"




" ඔම්මා....
පොඩ්ඩක් බලන්න මං දිහා.

මං ගොඩක් දුප්පත්.... ඒ නැතත් මම ජංකුක් වගේ උගත් කෙනෙකුත් නෙවෙයි.. තාමත් හරිහමන් රස්සාවක් නෑ... හරිහැටි ඉන්න තැනක්වත් නෑ...
මේ විදියට ඉදන් මම කුකීව මං ගාවට ගත්තොත් ඒක එයාට ගොඩක් අමාරු කාලයක් වෙයි.. මම ආස නෑ එයාට පොඩි හරි දුකක් දෙන්න...
මට.... මට පුළුවන් වුණා නම් ඔයාලා වගේම එයාව මලක් වගේ පරිස්සමට බලාගන්න මම මේ තරම් කල් බලන් ඉන්නෙ නෑ මගේ feelings ගැන ජංකුක්ට කියන්න ඔම්මා... "




" එහෙම කියන්න එපා ටේහියුන්...
ජංකුක් ඔයාට ආදරේ කරන්න ගත්තෙ ඔය හැමදේම ගැන හොදට දැනගෙන නේද ! එයා ඔය තරම් දෙයක්වත් තේරුම් ගන්න බැරි පොඩි එකෙක් නෙවෙයි...
එයා ආදරේ කරන්නෙ ඔයාට ටේහියුන්.. ඔයාගෙ හදවතට.
ඒ නැතුව ඔයාගෙ වෙන කිසිම දේකට නෙවෙයි පුතේ.. "



ᴸᵃˢᵗ ᵇʳᵉᵃᵗʰ  | ✔✔Where stories live. Discover now