- 04 -💨

743 194 7
                                    

මීට වසර දෙකකට උඩදි අවාසනාවන්ත ලෙස එකිනෙකාගෙන් වෙන්වෙලා කුමන හෝ වාසනාවකට නැවත මුණගැසුනු නිහඬ ආදරවන්තයින් දෙදෙනෙක්....

ඔබ හිතනවද ඔවුන් නැවතත් ඔවුන්ට එකිනෙකාව මග ඇරීයාමට ඉඩ තියාවි කියලා...!!!!!!????




________♥________

ආගිය තොරතුරු කතා බහ කරන ගමන් කෝපි කෝප්ප දෙක රසවිඳපු ටේහියුන් හා ජංකුක් Beachwood cafe shop එකෙන් එළියට බැස්සෙ, එය තවත් සුළු මොහොතකින් වසා දමන බව waiter වරයෙක් පැමිණ ඔවුන්ට දැනුම් දුන් නිසා..

" ඔයාට තනියම ගෙදර යන්න පුළුවන් ද ජංකුකී...
ගොඩක් රෑ වෙලා. "

" මම හිතනවා මට පුළුවන් කියලා..
වැඩි දුරක් නෑනේ... "

" එහෙනම් ගෙදර ගිය ගමන් මට මැසේජ් එකක් දාන්න හරිද!.
Ohh මගේ Phone number එක ඔයා ගාව නෑ නේද ! "

" ඒකනේ.....
ඒ දවස්වල ඔයාට Phone එකක් තිබ්බෙ නෑ... "

" ඔව්... ඒත් දැන් මට පොඩි Phone එකක් තියනවා.
Hyung මට එකක් අරන් දුන්නා.. "

එහෙම කියපු ටේහියුන් ඔහුගේ සාක්කුවෙන් ගත් පුංචි button Phone එක ජංකුක් අතට දුන්නෙ ජංකුක්ගෙ Phone number එක ඒකෙ සටහන් කරන්න කියල කියන ගමන්..

ඒ විදියට දෙන්නම ඔවුන්ගෙ දුරකතන අංක හුවමාරු කරගත්තට පස්සෙ ටේහියුන් හැදුවෙ ජංකුක් ට සමුදීලා ඔහුගෙ පුංචි බෝඩිම් කාමරය වෙත පිටවී යන්න...

ඒත්.....









" ටේහියුන්.. "

එකපාරටම නැවතත් ටේහියුන් ට කතා කරපු ජංකුක් ඔහුගේ සාක්කුවෙන් ගත් මුදල් පසුම්බියෙන් යම් මුදල් ප්‍රමාණයක් ඉවතට ගත්තා...

" ටේහියුන්....
කවදහරි මම ඔයාගෙ හොදම යාලුවෙක් වෙලා හිටිය නම් කරුණාකරලා මේ සල්ලි අරගන්න..

එදා මට මේ වගේ පොඩි ගානක් හරි ඔයාට දෙන්න බැරිවුණ නිසා මං ගොඩක් දවස් ඒ ගැන හිත හිත දුක් වුණා... පසුතැවුණා...
Please ආපහු ඒ දේම නිසා මට දුක්වෙන්න ඉඩ තියන්න එපා.... "

පුංචි කදුළු බින්දු කීපෙකින් තෙත් වෙලා තිබ්බ ජංකුක් ගෙ දෑස් දිහාම ටික වේලාවක් බලාගෙන හිටපු ටේහියුන් ඊළඟට තමාගේ දෑස් යොමු කලේ ඔහු අත වූ මුදල් නෝට්ටු කීපය වෙත...

" ජංකුකී ඒත්.... "

" please ටේ...
මං වෙනුවෙන් මේක ගන්න... "

" හම්~ හරි එහෙනම්..
ඔයාට ගොඩක් ස්තූතියි ජංකුක්... මං දන්නෙ නෑ මේ වෙනුවෙන් ඔයාට කොහොම ස්තුති කරන්නද කියලා... "

" එහෙනම් අපි ඉක්මනටම ආයෙ හම්බුවෙමුකො ටේහියුන්... "

" ඔව් අනිවාර්යයෙන්ම."

එහෙම්මම ටේහියුන් ට සමුදීලා අනෙක්පස හැරුණු ජංකුක් අදුර අතරින් නොපෙනී ගියේ, ටේහියුන් ඔහු දිහාම බලාගෙන ' මං ඔයාට ආදරෙයි ජංකුකී ' කියලා සිහින් හඩින් මුමුණද්දි...

එහෙම්මම ටේහියුන් ට සමුදීලා අනෙක්පස හැරුණු ජංකුක් අදුර අතරින් නොපෙනී ගියේ, ටේහියුන් ඔහු දිහාම බලාගෙන ' මං ඔයාට ආදරෙයි ජංකුකී ' කියලා සිහින් හඩින් මුමුණද්දි

Ουπς! Αυτή η εικόνα δεν ακολουθεί τους κανόνες περιεχομένου. Για να συνεχίσεις με την δημοσίευση, παρακαλώ αφαίρεσε την ή ανέβασε διαφορετική εικόνα.





.
.
.
.
Continue your reading! 💨

Thank you for reading & voting
Sorry for mistakes 💜 💜

ᴸᵃˢᵗ ᵇʳᵉᵃᵗʰ  | ✔✔Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα