- 08 -💨

655 184 7
                                    

👨 - ජංකුක්ගෙ අප්පා
👩 - ජංකුක්ගෙ ඔම්මා
🐯 - ටේහියුන්
🐰 - ජංකුක්





👨 " ohh... ඔයාලා ආවද!
එන්න ඉදගන්න දෙන්නම."

කෑම මේසෙ ළඟට ආපු ටේහියුන්වත් ජංකුක්වත් දුටු ජංකුක්ගෙ අප්පා ඔවුන් දෙදෙනාටම කතා කලේ ගොඩක් ආදරණීය විදියට...

🐰 " හරි අප්පා...

එන්න ටේ... "

එක ළඟ තියන පුටු දෙකකින් එකක ටේහියුන්ව වාඩි කරපු ජංකුක් එහෙම්මම හැරිලා කුස්සිය පැත්තට ඇවිදගෙන ගියේ තම මවට අවශ්‍ය උපකාරයක් තිබේ නම් එය කරල දෙන්න බලාගෙන...







👨 " අපේ පුතා කියපු විදියටම ඔයා ගොඩක් කඩවසම්.."

ජංකුක්ගෙ අප්පා එහෙම කියන ගමන් ටේහියුන් සමග පොඩි කතා බහකට මුල පිරුවා.

🐯 " Thank you අප්පා..
ඒත් එහෙම කියන්න එපා මට ලැජ්ජ හිතෙනවා. "

👨 " හරි හරි...
ඉතින් කොහොමද දැන් ඉලන්දාරියගෙ වැඩ කටයුතු.. "

🐯 " දිගටම කරගෙන යනව අප්පා..
තව මාසෙකින් විතර fashion designing training එක ඉවරයි... ඊට පස්සෙ මට එතනම රස්සාවක් ලැබෙනව.. "

👨 " ඒක හොද දෙයක්..
එතකොට රෑට කරන part-time job එක කොහොමද ! "

🐯 " company එකේ රස්සාව ලැබුනට පස්සෙ නම් ආපහු මම Bar එකේ වැඩට යන්නෙ නෑ අප්පා... එතකන් ඉතින් ඒකට යන්න වෙනවා වියදම cover කරගන්න ඕනි නිසා..
මගේ hyung ටත් කීයක් හරි යවන්න එපැයි හැම මාසෙම... එයාට දැන් අවුරුද්දක විතර චූටි ගෑනු ළමයෙක් ඉන්නව... එයාලත් අමාරුවෙන්නෙ ඒ පවුල ගෙනියන්නේ..

කුකීත් හිටපු ගමන් මට සල්ලි දෙනවා.. ඒත් ඉතින්.... "

👨 " ඔව් මට තේරුම් ගන්න පුළුවන් පුතා..
කුකීත් ඔයා ගැන ගොඩක් දුක් වෙනවා.

ඒක නෙවෙයි, ඔයා අකමැතිද part-time job එකක් විදියට මගේ බිස්නස් එකට join වෙන්න... අර Bar එකේ job එක නවත්තලා...
මම ඔයාට පඩි දෙන්නම්. "

🐯 " අ-අප්පා "







👩 " මොනාද ඔයාලා කතා කරන්නෙ ?
ඇයි මේ මගේ ටේ පුතා බය වෙලා වගේ.. "

ඒ වෙලාවෙ එතනට ආපු ජංකුක්ගෙ ඔම්මා තමා අත වූ සුප් බන්දේසිය මේසය මතින් තබා කතා බහට එකතු වුණා...

👨 " නෑ නෑ මම එයාට කිව්වා එයා කැමති නම් Bar එකේ job එක නවත්තලා ඒ time එකට මගේ බිස්නස් වැඩ වලට join වෙන්න කියලා...
ඒක හොද දෙයක් නෙවෙයිද ! "

👩 " ඔව් ඒක ඇත්තටම හොදයි...
ඔයා කැමති නම් දිගටම මෙහෙ නවතින්නත් පුළුවන් එතකොට.

* ටේහියුන්ට රහසින් * ජංකුක් වුණත් ඒකට ගොඩක් කැමති වෙයි ටේහියුන් "

🐯 " ඔ-ඔම්මා. "

ජංකුක්ගෙ ඔම්මගෙ කතාවත් එක්ක ටේහියුන් ගොඩක් කලබල වුණා...
මන්ද යත් ඔහු නිකමට වත් ඇයගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තු වුණේ නැති නිසා...

ටේහියුන් මීට පෙර සිටම දැන සිටියා ජංකුක් ඔහුගේ හැමදේම තම දෙමව්පියන් සමග බෙදාහදා ගන්න බව... මොකද ඔවුන් අතර ගොඩක් හොද සම්බන්ධතාවයක් තිබ්බා එදා ඉදන්ම... ඒ නිසයි ටේහියුන් ජංකුක්ගෙ පියා සමගත් කිසි දෙයක් නොසඟවා හැමදේම කතා කලේ... මොකද ටේහියුන් දන්නව දැනටමත් ඔහු තමා ගැන හැමදෙයක්ම හොදින් දැනුවත් බව....




'ඒත් ජංකුක්ගෙ ඔම්මා එහෙම කියන්න හේතුව මොකද්ද !

ඇයි ජංකුක් මාව මෙහෙම තියාගන්න කැමති !

බැරි වෙලාවත්....... බැරිවෙලාවත්........













එයත් මට කැමති ද! '












.
.
.
.
Continue your reading! 💨

Thank you for reading & voting
Sorry for mistakes 💜💜

Thank you for reading & voting Sorry for mistakes 💜💜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ᴸᵃˢᵗ ᵇʳᵉᵃᵗʰ  | ✔✔Where stories live. Discover now