- 10 -💨

692 181 4
                                    


ජංකුක්ව එකහෙළා ප්‍රක්ෂේප කිරීම ටේහියුන්ටත් ලොකු වේදනාවක් අරන් ආවා... මොකද ජංකුක් ඔහුට ආදරේ කරන්නව වගේම ඔහුත් ජංකුක්ට අසීමිතව ආදරේ කරනවා.... ඒකත් අද ඊයේ ඉදන් නෙවෙයි, මීට අවුරුදු දෙකකට කලින් ඉදන්ම....
නමුත් ඔහුට අනුව ඔහු මේ සිදුකලේ ඔහු අනිවාර්යයෙන්ම සිදුකල යුතුව තිබූ දෙයක්....

" ට්-ටේහියුන්...
ඇයි....ඇයි එහෙම කියන්නෙ.
ඇයි අපිට ආදරේ කරන්න බැරි...

ඔයා මට ආදරේ කරන්නෙ නැද්ද !
එහෙම නැත්නම්.... එහෙම නැත්නම් ඔයාට කවුරුහරි වෙන කෙනෙක් දැනටමත් ඉන්නවද !
නෑ ඒක වෙන්න බෑ... එහෙනම් මම ඒක කලින් දැන ගන්න ඕනී...

මොකද්ද හේතුව...?
ඇයි මාව එපා කියන්නෙ ටේ...? "

" ජංකුකී මේ අහන්න...
කලබල වෙන්න එපා.."

පාලනයකින් තොරව කදුළු බේරෙන නොසන්සුන් දෑස් ඇති ජංකුක්ගෙ අත් දෙකෙන් හිමීට අල්ලගත්ත ටේහියුන් ඒවා සිනිදුවට පිරිමදින ගමන් කිව්වා.

" ටේහියුන්... please...
Please මාව reject කරන්න එපා...

මට ඔයාව එකපාරක් මග ඇරුණා...
දන්නවද ඒ දවස් වල මම ගොඩක් ඇඩුවා... ඔයාට මගේ feelings ගැන කියන්න බැරි වුණු නිසා මම ඒ ගැන ගොඩක් පසුතැවුණා... මං හිතුවෙ ඔයාව මට සදහටම නැති වුණා කියලා.

ඒත්.... ඒත් ආපහු ඔයා මගේ ඇස් ඉස්සරහට ඇවිත්...
මට බෑ ආපහු සැරයක් ඔයාව නැති කරගන්න ටේහියුන්.. මට බෑ...

මං ඔයාට ආදරෙයි.. ගොඩක් ආදරෙයි.
ඔයාට දැනෙනවද ඒක ටේ...

අපේ ගෙදර අය ගැන නම් ඔයාට ප්‍රශ්නෙ... ඒ ගැන හිතන්න එපා.
එයාලා දැනටමත් ඔයාට කැමතී...
මාව විශ්වාස කරන්න. "

" ෂ්ෂ්ෂ්ෂ් කුකී...
කෝ අඩන එක නවත්තන්නකො.."

ජංකුක්ගෙ ඉන වටෙන් අතක් යවලා ඔහුව තමාගේ එක් උරහිසකට බර කරගත් ටේහියුන් ඔහුව සංසුන් කරන්න උත්සාහ කලා....

















" ටේහියුන් පුතා... "

ඒ වෙලාවෙ කුමක් හෝ කාරණාවක් නිසා ඒ කාමරේට ආපු ජංකුක්ගෙ ඔම්මා මේ දෙන්නා දිහා බලන් හිටියෙ ලොකු ප්‍රශ්නාර්ථයක් එක්ක...

" අනේ ඔම්මා...
ටෙටේ මට ආදරේ නෑ කියනවා.. එයාට මාව එපා ලු... "

ඊළඟ තප්පරේ ටේහියුන්ගෙ අත් අතරින් ගැලවෙන ගමන් එහෙම මුමුණපු ජංකුක් ඔහුගේ මව දෙස ගොඩක් අසරණ විදියට බැලුවේ ' අනේ ඔම්මා මොනහරි කරන්න ' වගේ බැල්මකින්..

" හරි හරි ඔයා දැන් අඩන්නෙ නැතුව ඉන්නකො කුකී... බලන්න නිකන් nursery බබෙක් වගේනෙ.
මම ටේහියුන් පුතා එක්ක කතා කරන්නම්කො හරිද !
කෝ දැන් අඩන එක නතර කරන්න. "

" අනේ ඔම්මා...
ඔයාලා කැමතී නේද මගේ ටේහියුන්ට.!?
එයාට කියන්න ඔයාලගෙන් එයාට අකමැත්තක් නෑ කියලා...
මම එයාට ගොඩක් ආදරෙයි කියන්න. "

" හරි පැටියෝ මං කියන්නම්....
පොඩ්ඩක් සංසුන් වෙන්නකො... "





ජංකුක්ගෙ ඔම්ම ජංකුක්ව සංසුන් කරන්න උත්සාහ කරන දිහා ටේහියුන් බලාගෙන හිටියෙ කිසිම හැගීමක් නැතුව.... හැබැයි ඔහුගේ ඇස් වලිනුත් බේරිලා ගිහින් තිබ්බ උණුසුම් කදුළු බින්දු කීපය, ඔහුත් ජංකුක් වගේම දුකින් පසුවන බව ජංකුක්ගෙ ඔම්මට තේරුම් කලා.

වැදගත්ම දේ ටේහියුන් අද ජංකුක්ගෙ වෙනස්ම පැත්තක් දැක්ක... එයා තේරුම් ගත්තා ජංකුක්ට තියන්නෙ ගොඩක් සියුමැලි හදවතක් බවත්, ඔහුව පොඩි දේකින් හරි කලබල වුණොත් නැවත සංසුන් කරවන්න ගොඩක් අපහසු බවත්..












.
.
.
.
Continue your reading! 💨

Thank you for reading & voting
Sorry for mistakes 💜💜

ᴸᵃˢᵗ ᵇʳᵉᵃᵗʰ  | ✔✔Where stories live. Discover now