- 14 -💨

684 172 14
                                    

සෝල් නගරයේ පිහිටි එක්තරා ප්‍රධාන පෙලේ රෝහලක ICU එක ඇතුලෙ ගොඩක් ලොකු කලබලයක්...

ඒකට හේතුව වුණේ මීට සුළු මොහොතකට කලින් එම රෝහල වෙත රැගෙන ආ දැඩි ලෙස තුවාල ලැබූ තරුණයින් දෙදෙනෙකුගෙ ජීවිත දෙක බේරාගැනීමට ඒ රෝහලේ වෛද්‍යවරුන් වගේම හෙදියන් සෑහෙන මහන්සියක් දැරීම....

ICU එක ඉස්සරහ හිටපු තරමක් මැදිවියේ යුවලක් වගේම තවත් තරුණයෙක් හැඬූ කදුලෙන් ඒ කලබලය දිහා බලන් හිටියා....

ඔවුන් බලාසිටිනවා හැරෙන්නට වෙන කුමක් කරන්නද !..
ඇයි දෛවය සමහර වෙලාවට මේ තරම් කුරිරු වෙන්නෙ ?!








---------





ඔරලෝසු කට්ට පණ අදින ගානට කැරකුණා...
දැන් පැය තුනකටත් අධික කාලයක් ICU එක ඇතුලෙ ප්‍රතිකාර දීම් සිදුවෙනවා...

ඉන් පිටත waiting chairs වල ඉදගෙන හිටපු ඒ වැඩිමහල් කාන්තාව දැන් ඔහුගේ ස්වාමි පුරුෂයගෙ උරහිසකට බර වෙලා කිසිදු හැගීමක් නොමැතිව ඔහේ බලාගත්තු අත බලන් ඉන්නව... ඇය අඩන්නෙ නෑ.... නමුත් ඒ ඇස් දෙකෙන් වාන් දැම්මා වගේ කදුළු ගලනවා...

ඇයගේ ස්වාමි පුරුෂයා හැම වේදනාවක්ම හිතේ දරාගෙන තම බිරිදව සනසවන්න උත්සාහ කරනවා...

ඊට එහායින් තාමත් එහෙ මෙහෙ ඇවිදිමින් හිටපු අනෙක් තරුණයා ගොඩක් නොසන්සුන් විදියට සැරෙන් සැරේ වෙලාව බලනවා....



-----------








පැය පහක් !
හරියටම පැය පහක් ගියා ICU එක ඇතුලෙ හිටපු වෛද්‍යවරයෙක් එළියට ඇවිත් කතා කරන්න....

" Taehyung කියන කෙනාගෙ භාරකාරයො කවුද ! "

ලේ වලින් පෙගුණු පරස් එකක් අතේ තියන් ඒ වෛද්‍යවරයා එහෙම කිව්වම මේතරම් වෙලා එළියෙ බලාගෙන හිටපු අර මැදිවයසෙ යුවල වගේම අනෙක් තරුණයාත් ඉක්මනට ඔහු ගාවට කිට්ටු වුණා..

" doctor ඒ අපි..."








" ohhh.... කියන්න ගොඩක් කණගාටුයි.
අපිට එයාව බේරගන්න බැරිවුණා.... "

" මොකද්ද ! "

එකපාරම පපුව අල්ලගෙන බිම වැඩිවුණු ඒ කාන්තාව මහ හයියෙන් අඩන්න පටන් ගත්තා...

ᴸᵃˢᵗ ᵇʳᵉᵃᵗʰ  | ✔✔Where stories live. Discover now