- 06 -💨

699 194 3
                                    

නැවතත් දින, සති ගත වුණේ ගොඩක් වේගයෙන්.....

ඒ ගතවුණු දවස් ජංකුක් වත් ටේහියුන් වත් නැවතත් කලින් පරිදිම එකිනෙකාට ළං කලා..
ඔවුන් හොදම යාලුවන් විදියට නිතර නිතර මුණ ගැසුණා, එක්ව කතා බහ කලා, විහිලු කලා, හිනාවුණා, ඇවිදින්න ගියා, පුංචි පුංචි දේවල් කරල සතුටු වුණා...

හැමදේම ආපහු හොද විදියට සිද්ධවෙද්දි ජංකුක්ට වූවමනා වුණා තවත් ඔහුගේ හැඟීම් හංගගෙන ඉන්නෙ නැතුව ඒ ගැන ටේහියුන්ට කියන්න...
ඔහු ඊට කීප ගමනක්ම උත්සාහ කලා....
නමුත්, 
ටේහියුන් ඒ හැම අවස්ථාවක්ම සාර්ථකව මග හැරියා... හිතාමතාම හෝ නොදැනුවත්වම...




_________♥__________

"ටේහියුන්...
අද අපේ ඔම්මා කිව්වා රෑ කෑමට ඔයාව ගෙදර එක්කන් එන්න කියලා. "

ටේහියුනුයි ජංකුකුයි හිටියෙ කලබලකාරී විදියක් දිගේ හිමින් හිමින් ගමන් කරන ගමන්...  එතකොට වෙලාව රෑ 9.30 පසුවී තිබුණා..

ටේහියුන් රෑට වැඩට යන mini bar එකේ එයාට වැඩ ඉවර වෙන වෙලාවට ඒ ආසන්නයටම පැමිණ සිටින ජංකුක්ව තවත් ඔහුට අහඹු හමුවීමක් වුණේ නෑ... මොකද දැනට සති තුනකුත් දවස් පහක් පුරාවටම ජංකුක් මේ වැඩේ දිගටම කලා...
ඒ නිසාම ජංකුක් එක්ක කතා කරමින් ඔහුගේ ගේ අසලටම පැමිණෙන ටේහියුන් ඔහුව පරිස්සමට නිවසට ඇරලවා නැවත තමාගෙ බෝඩිම් කාමරය වෙත පිටත් වීම පුරුද්දක් ලෙස හැමදාම සිදුකලා.

" ඇයි ඒ හදිස්සියෙම..."

" හදිස්සියක් නෙවෙයි ටේ...
මගේ ඔම්මට ඔයාව මුණ ගැහෙන්න ඕනි කියන්නෙ මීට ගොඩ දවසකට කලින් ඉදන්.. ඒත් මට තාමත් ඔයාව එයාට මුණ ගස්සන්න බැරිවුණා...

ඉතින් අද මගේ ඔම්මා මට ටිකක් තදින් කිව්වා ආපහු ගෙදර එද්දි ඔයාවත් අනිවාර්යයෙන්ම එක්කන් එන්න කියලා.. dinner එකත් ගන්න බලාගෙන. "

" ohh එහෙමත් එකක්ද !
හා එහෙනම් යමුකො...

ඒත්.... ඒත් මගේ මේ ඇදුම අවුලක් නැද්ද.?
අපි මගේ බෝඩිමට ගිහින් වෙන ඇදුමක් මාරු කරගෙන යමු. "

" ඕනි නෑ ඕක හොදයි...
හොදටම හොදයි. "

ටේහියුන් ගෙ අතක් එක්ක තම අතක් පටලවා ගන්න ගමන් ජංකුක් එහෙම කිව්වෙ හරි ලස්සනට හිනාවෙලා..

" එහෙනම් අපි ඔයාගෙ ඔම්මටයි අප්පටයි මොනහරි දෙයක් අරගෙන යන්.. "

" මුකුත් ඕනි නෑ ටේ...
ඔයා අපේ ගෙදර එන එක විතරයි එයාලට වැදගත්. "

" ඒත්.... ඒත් ඒක හරි නෑනේ කුකී.. "

" නෑ එහෙම එකක් නෑ ටේ..
ඔයා ඒ ගැන වැඩිය හිතන්න එපා. "

ඔහුට එකග වුණු ටේහියුන් ඉන් පසුව නිශ්ශබ්දවම ජංකුක් එක්ක ඔහුගේ නිවස වෙත ගමන් කලේ මදක් නොසන්සුන්කාරී හැගීමකුත් එක්ක... මොකද මේක තමයි එයාගෙ පලවෙනි අවස්ථාව යාලුවෙක්ගෙ ගෙදර අයව හමුවෙන්න යන..

 මොකද මේක තමයි එයාගෙ පලවෙනි අවස්ථාව යාලුවෙක්ගෙ ගෙදර අයව හමුවෙන්න යන

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.







.
.
.
.
Continue your reading! 💨

Thank you for reading & voting
Sorry for mistakes 💜💜








තව ටිකකින් ඉතුරු ටිකත් හිමීට දාන්නම්......😋❤

ᴸᵃˢᵗ ᵇʳᵉᵃᵗʰ  | ✔✔Onde as histórias ganham vida. Descobre agora