- 12 -💨

677 176 7
                                    

ජංකුක්ගෙ ඔම්මාත් එක්ක සිදුවුණු දීර්ඝ කතා බහකට පස්සෙ ටේහියුන් නැවත ජංකුක්ගෙ කාමරේ වෙත පැමිණියේ ලොකු තීරණේකුත් අරගෙන...
ඒත් ඒ වෙද්දි අඩල අඩලම හෙම්බත් වුණු ජංකුක්ව නොදැනීම නිදි දෙව්දුව වැලදගෙනයි තිබ්බෙ....

ටේහියුන් හිමීට ගිහින් ජංකුක්ට එහා පැත්තෙන් ඇදේ ඇලවෙලා ජංකුක්ව තමාගෙ තුරුලට අරන් ඔහුගේ නලල මතින් දිගු හාදුවක් තැවරුව...







ඒ වෙලාවෙ ඔහුගේ මතකයට නැගුණේ මීට සුළු මොහොතකට කලින් ජංකුක්ගෙ ඔම්මා ඔහුගෙන් කරපු ඉල්ලීම ගැන...

" ටේහියුන්..... මම දන්නෙ නෑ මං ඔයාගෙන් මෙහෙම ඉල්ලන එක හරිද කියලා... ඒත් මං මේක ඉල්ලන්නෙ මගෙ පුතා වෙනුවෙන්...

මට කියන්න ඕනි වුණේ ජංකුක්ව ඔයාගෙන් ඈත් කරන්න එපා ටේහියුන්... අපිට අපේ කොල්ලගෙ සතුට විතරයි වැදගත්.. ඒ වෙනුවෙන් අපි දෙන්නා කරන්න ඕනි ඕනිම දෙයක් දෙපාරක් නොහිතම කරනවා....

ජංකුක්ව සතුටු කරන්න ලොකූ දේවල් ඕනි නෑ.. එයා පුංචි පුංචි දේවල් වලින් ගොඩක් සතුට හොයන කෙනෙක්...

ඔයා සල්ලි ගැන වද වෙන්න එපා... අපේ පවුලට තියන හැම සතේම අපි ඔය දෙන්නට දෙන්නම්... ඔයත් මෙහෙ ඇවිත් නවතින්න... මේක ඔයාලගෙ ගෙදර කියල හිතන්න... කැමති නම් අප්පගෙ බිස්නස් එකත් ඔයා බාරගන්න.. ජංකුක්ට ආදරේ කරන්න... එයාට ආපහු කදුළු දෙන්න එපා පුතේ... මම ඒවා දකින්න ආස නෑ.. එයාව සතුටින් තියන්න...

ඔයාට ඒක කරන්න පුළුවන් නේද ටේහියුන්....??? "











ජංකුක්ගෙ ඔම්මා ආත්මාර්ථකාමී ද !

සමහර විට ඔව් එහෙම වෙන්න ඇති... එයාට එයාගෙ පුතාගෙ සතුට හැමදේටම වඩා වැදගත් වුණා...



ටේහියුන් කියන්නෙ කොයිතරම් දුප්පත් කෙනෙක් වුණත් කාටවත් යටත් වෙලා වැඩ කරන්න, අනිත් අයගෙ අනුකම්පාව දිනාගන්න පොඩ්ඩක්වත් කැමති කෙනෙක් නෙවෙයි... ඔහුට පිංබත් කන්න වූමනා වුණේ නෑ.... ඔහුට හැමදාම ඕනි වුණේ කොයිතරම් අමාරුකම් මැද්දෙ වුණත් තමන්ගෙ දෙපා වලින් ශක්තිමත් නැගී සිටින්න.. හරියට නියම පිරිමියෙක් වගේ...

ᴸᵃˢᵗ ᵇʳᵉᵃᵗʰ  | ✔✔Where stories live. Discover now