- 03 -💨

822 193 3
                                    

ටේහියුන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේහියුන්

ඉපදුණේ ඩේජු වල...
අවුරුදු 25.
වැඩිමල් සහෝදරයෙක් ඉන්නව.

පුංචි කාලෙම අප්පා නැතිවුණා cancer එකකින්... පස්සෙ එයාලගෙ ඔම්මා තමා එයාලව බලාගත්තෙ..
මීට මාස කීපයකට කලින් එයාලගෙ ඔම්මත් ඔවුන්ව දමා ගියා... ඒ අවුරුදු දෙකකට වැඩි කාලක් ඇය ඔත්පල වෙලා ඉදලා...

ටේහියුන්ගෙ අයියා තමා ඒ දවස්වල ඔවුන් තුන්දෙනාගෙම වියදම් පිරිමැහුවෙ..
එතකොට ටේහියුන්, ඔහුගෙ Collage ජීවිතෙත් අතරමග නවත්තලා ඔම්මට සාත්තු සප්පායම් කරන්න කාලය වැය කලා...















එතකොට ටේහියුන්, ඔහුගෙ Collage ජීවිතෙත් අතරමග නවත්තලා ඔම්මට සාත්තු සප්පායම් කරන්න කාලය වැය කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජංකුක්

ඉපදුණේ සෝල් වල..
අවුරුදු 25.
පවුලෙ එකම දරුවා.

මධ්‍යම පාන්තික පවුලක දරුවෙක්..
ඔහුගේ පියා ඔහුටම අයිති කුඩා ව්‍යාපාරයක් කරගෙන යනවා..
මව ගෘහණියක්...
දැඩි ආදරය හා රැකවරණය මැද සුවසේ වැඩෙන දරුවෙක් මොහු.









ටේහියුන් හා ජංකුක් එකිනෙකා මුණ ගැහෙන්නෙ Collage එකේදි....
ඔවුන් දෙදෙනාම Art faculty එකේ නවක ශිෂ්‍යයන් වුණා...

එකිනෙකට වෙනස් විෂයන් කීපයක් අතරින් ඔවුන් දෙදෙනාටම පොදු විශය වුණේ චිත්‍ර කලාව පමණයි...
ඉතින් ඔවුන් Art room එකේදී එකිනෙකා මුණ ගැසුනා... අදුන ගත්තා.... යාලුවො වුණා....

කාලයත් එක්ක මොවුන් දෙදෙනාගෙ හැඟීම් යාලුකමට එහා ගිය දේකට නිරායාසයෙන්ම පෙරලෙන්නට වුණා.....
නමුත් මොවුන් දෙදෙනාගෙන් එක් අයෙක්වත් එය අනිකාට ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වුණේ නෑ... හැම විටම පසු බැස්සා... ඒ හැමදේම හිත් ඇතුලෙ හිර කරගෙන දවස් ගෙව්වා...

ඔය කාලෙදි තමා ටේහියුන් ගෙ ඔම්මා අසනීප වෙලා ඇයව බලාගැනීමට ටේහියුන් සෝල් හැරදමා යන්නෙ...
ඒකත්,,, ඔහු නැවත සෝල් පැමිණෙන දිනයක් ගැන හරිහැටි බලාපොරොත්තුවක් නොමැතිවම...

ජංකුක් ට ඒ අවස්ථාවේ ටේහියුන් ගෙ තීරණයට කැමති වෙනවා හැරෙන්නට ඊට ලොකු බලපෑමක් කරන්න කිසිම හැකියාවක් තිබ්බෙ නෑ....
මොකද ඔවුන්ට සීමාවක් තිබ්බා.. යාලුවන්ගෙ සීමාව.





ඉතින් ටේහියුන් ගෙ මේ හදිසි වෙන්ව යාමත් එක්ක ටික කාලයක් යනකන් ජංකුක් හිටියෙ සෑහෙන්න මානසිකව ඇද වැටිලා...

එයා පසුතැවුණා තමන්ගෙ හැඟීම් ගැන ටේහියුන් ට ප්‍රකාශ කරන්න බැරි වුණු එක ගැන...
එයා දුක් වුණා ටේහියුන්ට අමාරුම අවස්ථාවක ඔහුට උපකාර කරන්න බැරි වුණු එක ගැන...
එයා හැමතිස්සෙම තනි වෙන්න උත්සාහ කලා... දෙමව්පියන් එක්ක වුණත් කතා බහ කරන එක අඩුවුණා...

එතකොට ටේහියුන් ගෙ පැත්තෙන් බැලුවොත්......
ඔහුටත් ජංකුක් ව මතක් වෙලා රහසින් හැඩුව වාර ඇති පදම් තිබ්බා...
නමුත් ඔහුට ජංකුක් ගැන හිත හිත කාලේ කා දමන්න හැකියාවක් තිබ්බෙ නෑ... ඔහුට තමන්ගෙ ඔම්මව රැකබලා ගන්න තිබ්බා... ඒ නිසාම ඔහු ඒ වැඩ වලට හිර වුණා.









කාලය ගත වුණේ ඇහිපිය ගහන වේගයෙන්..

ටේහියුනුත් ජංකුකුත් කාලයත් එක්ක ඔවුන්ගෙ ජීවිත වල සිදුවුණු මේ හදිසි වෙනස් වීම් වලට ටිකෙන් ටික හැඩ ගැහෙන්න පටන් ගත්තා...
ඔවුන් අලුත් විදියට ජීවිතේ ඉස්සරහට ගියා...
තම තමන්ගේ අනාගතය වෙනුවෙන් මහන්සි වුණා..










නමුත්.......

ඔවුන් දෙදෙනාමටම තමන්ගෙ ප්‍රථම ප්‍රේමය අමතක කල නොහැකි වුණා.....






.
.
.
.
Continue your reading! 💨

Thank you for reading & voting
Sorry for mistakes 💜 💜

ᴸᵃˢᵗ ᵇʳᵉᵃᵗʰ  | ✔✔Where stories live. Discover now