- 15 - 💨

701 177 10
                                    



_________♥_________

" මගෙ මැණික....
කෝ දැන් ඇස් දෙක අරින්නකො පණ....
බය වෙන්න එපා ඔයාගෙ ඩැඩී ඔයා ගාවම ඉන්නව... "

කකුල් දෙක තම පපුවට තදින් තුරුල් කරන් ඇස් දෙකත් තදින් පියාගෙන හිටපු ජංකුක්ට එකපාරටම තම ආදරවන්තයගෙ කටහඩ ඇහුනා....

" ඔයා ඇවිත් !!!!.... ඔයා ඇවිත්....."

ඊළඟ තප්පරේදි ජංකුක්, තම කදුළු පිරුණු බෝල ඇස් විවර කර ඔහු වටා වූ ඝන අන්ධකාරය අතරින් ටේහියුන්ගෙ රුව සොයන්නට වුණා.....

මද වේලාවකන් ඔහුගේ දෑස් වලට හසු වුණා තමන්ට ටිකක් ඉදිරියෙන් ලස්සන හිනාවකුත් එක්ක ඔහු දෙස බලාගෙන, අත් දෙකත් දෙපසට විහිදන්, හිටගෙන ඉන්න ටේහියුන් ව..

" ටෙටේ.... මගේ ටෙටේ.. "

එහෙම කියන ගමන් තමන් හිටපු තැනින් ඉක්මනට නැගිටගත්ත ජංකුක් ටේහියුන් වෙත දිව ගොස් ඔහුව තදින් වැලදගත්තෙ කවුරු හරි ඔහුව උදුරගෙන යයි කියලා බයෙන් වගේ....

" ඔයාට කරදරයක් නෑ නේද බබා...
කෝ බලන්න කොයිහරි තුවාල වුණාද කියලා.
කොතන හරි රිදෙන තැනක් තියනවද !.... "

තමාව වැලදගත්ත ජංකුක්ව මදකට තමාගෙන් ඈත් කරලා ඔහුව හතර වටේට කරකවමින් බලන ගමන් ටේහියුන් ඔහුගෙන් විමසුවා....

" ඇයි ඔයා ඒ මෝඩ වැඩේ කලේ ඩැඩී....
ඇයි ඔයා අපි හැප්පෙන්න යද්දි මාව තද කරල බදාගත්තෙ...

දන්නවද ඒ වෙලාවෙ මම කොයිතරම් බය වුණාද කියලා.....
ඔයාට මොනහරි වුණා නම් මම කොහොමද ජීවත්වෙන්නෙ...
මැරෙනවා නම් දෙන්නටම එකට මැරෙන්න තිබ්බ..."

ජංකුක් කෑ ගහල අඩන්න පටන් ගත්ත...

" මම ඔයාට ගොඩක් ආදරෙයිනෙ ජංකුක්...
ඒකනෙ මම ඔයාව බේරගන්න හැදුවෙ...

ඩැඩී පොඩ්ඩක්වත් කැමති නෑ එයාගෙ බබාගෙ ඇගේ පොඩි හරි හීරිමක්වත් තියනව දකින්න.. "

ජංකුක්ගෙ නලලට දිගු උණුසුම් හාදුවක් දුන්න ටේහියුන් එහෙම කිව්ව...

" මේ අහන්න මගේ කුකී....
දැන් ඔයා ආපහු ඔයාගෙ ඔම්මලා ගාවට යන්න ඕනි... බලන්න එයාලා ඔයාට කරදරයක් වෙලා ඇති කියලා ගොඩක් බයෙන් ඉන්නෙ...
දැක්කද ඔම්මා අඩන විදිය... "

" එතකොට ඔයා.... ඇයි ඔයා මං එක්ක එන්නෙ නැත්තෙ...

එන්න ඔයත් යමු ඩැඩී.... අපි දෙන්නම යමු..."

ජංකුක් ටේහියුන්ගෙ අතකින් අදින්න ගත්තා...



" මගෙ මැණික....
ඩැඩීට මෙතනින් එහාට එන්න බෑ පණ.
මෙතනයි දැන් මගේ සීමාව....

ඒත් මගෙ බබාට තාමත් අතනට යන්න පුළුවන්..
ඒ නිසා හොද ළමයා වගේ දැන් ඉක්මන් කරන්නකො....
දුවන්න ඔයා ගාවට... ආපහු ඇතුලට යන්න..
මං වෙනුවෙන් ජීවත් වෙන්න මැණික...

මම බලාගෙන ඉන්නම් කවදහරි ඔයා ආපහු මං ගාවට එනකන්...
බලහත්කාරයෙන් නෙවෙයි.... ස්වාභාවික විදියට... "


" මොනාද ඔයා මේ කියවන්නෙ...
බලන්න ඩැඩී එතන ඔයත් ඉන්නව... ඔයාටත් එන්න පුළුවන්..
අපි දෙන්නම යමු.... "


" කුකී අහන්න බබා.... "

ටේහියුන් තවත් මුකුත් කියන්න කලින් ජංකුක් දැක්කා තමන්ගෙ සිරුර ගාවින්ම තියල තිබ්බ ටේහියුන්ගෙ සිරුර සුදු රෙදි කඩකින් වහල දාලා එළියට අරන් යනවා...



" නෑ නෑ එපා..... අනේ එපා.....
ඕක කරන්න එපා Please..
මගෙ ඩැඩී තාම මෙතන ඉන්නව..
මොනාද ඔයාලා මේ කරන්නෙ..."




" බබා සංසුන් වෙන්න මැණික....
සන්සුන් වෙන්න...

ඔයා මෙතන කෑ ගැහුව කියලා මගේ ඉරණම වෙනස් කරන්න බෑ ජංකුක්....
ඒක වෙලා ඉවරයි දැන්..
මට සමාවෙන්න පණ... "

ජංකුක්ව තදින් වැලදගත් ටේහියුන් ඔහුගෙ කදුළු වලට නිදහසේ ගලා යාමට ඉඩ දුන්නෙ මේ ඔහු ජංකුක් ළඟ ගත කරන අවසාන මිනිත්තු කීපය කියල හොදින්ම දන්න නිසා....






.
.
.
.
.
Continue your reading!

Thank you for reading & voting
Sorry for mistakes 💜 💜

ᴸᵃˢᵗ ᵇʳᵉᵃᵗʰ  | ✔✔Where stories live. Discover now