Chapter #5🔥

192 26 12
                                    

වෛශ් ඊළඟ දවසේ ඉස්කොලේ යන්න නැගිට්ටේ හරිම උද්යෝගයෙන් සහ නොයිවසිල්ලෙන්.......මොකද එයා නොපෙන්නුවා එයගේ යටි හිත ඔනෙලා ව හෙව්වා.....

වෛශ් ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුළුවෙන ගමන් Basketball Court එක දෙසට තම දෑස් යොමු කලේ ඔනෙලාව දැකගන්න....ඒත් කරුමෙට වගේ වෛශ්ගේ බලාපොරොත්තු සුන් කරමින් එදා Practice තිබ්බේ නැහ්....වෛශ් එයාගේ සුන් වෙච්ච බලාපොරොත්තු එක්ක හිමීට තම පන්තිය දෙසට ගියා....පන්තියෙන් බෑග් එක තියලා වෛශ් කොරිඩෝවට ඇවිල්ලා Ground එක දෙසට තම දෑස් යොමාගෙන සිටියේ හැඟීම් විරහිතව....නමුත් කතරට වැටුනු දියපොද්ක් මෙන් වෛශ්ගේ මුහුණ මත සිහින් සිනාවක් ඇඳුනා......වෛශ් දැක්කා ඔනෙලා Canteen එක ගාව ඉන්නවා යාළුවෝ එක්ක.......බඩගින්නක් නොවුනත් වෛශ් තීරණය කලා canteen එකට යන්න.....canteen එකට එලියෙන් වුන තාප්පය අසල ඔනෙලා සිටින බව ඈත තියාම වෛශ් අදුන ගත්තා......වෛශ් ඔනෙලා දිහා බලලා මඳ සිනාවක් එක්ක එතනින් ඇතුළට යන්න හදන විටම......

" ඒ.......නවතින්න......"
වෛශ් ඉදිරියට ගත්ත අඬිය ආපහු පස්සට තියලා ඔනෙලා ගාවට ගියා.....

"ඔයා නේද ඊයේ පාර මැද වැටුනේ......."සමච්චලයට සිනා සෙමින් ඔනෙලා ඇහුවා...ඒත් එක්කම වගේ කවුද මන්දා ගැහැණු ළමයෙක් ......Good Morning Onela Honey....කියමින් දුවවිත් ඔනෙලාගේ අතේ එල්ලුනා.....

එයාගේ නම කියාරා.....එයා ඔනෙලාගේ best Friend .....තරමක් උස,ඒවගේම සුරංගනාවියක් වගේ රූපයක් තමා එයාට තිබ්බේ...ඒ වගේම එයාගේ කොණ්ඩේ ඉන ගාවට විතර දිගයි.....

ඒත් මේක දැකපු වෛශ් එයාගේ සුන් වෙච්ච බලාපොරොත්තු එක්ක යන්න හැරුනා....

"Eh .....weight gain....ඔහොම ඉන්නවා...කොහෙද යන්නේ...තමුන් මගේ පන්තියේ නේ...අපිට treat දුන්නෙත් නැති එකේ අපිටත් එක්ක canteen එකෙන් මොනාහරි ගෙනත් දීලා යන්න......ඔනෙලා ගණන් නොගෙන කිව්වා.....

"මේ මගේ නම වෛශ්නාවී ..එහෙම නැතුව weight gain නෙමේ....."සිදුවූ දේවල් නිසා දුකටත් .තරහටත් පත් වෛශ් එයාලටත් එක්ක කෑම අරගෙන එය ආවේගයෙන් ඔනෙලා දෙසට විසිකර එතනින් ගියේ තවත් එතන ඉදන් කියාරගෙයි ඔනෙලාගෙයි කෝලම් බලන්න බැරි නිසා...........

වෛශ් තම පන්තියේ මේසය මත ඔළුව තියාගෙන සුසුම් හෙළුවේ මෙවරත් ඇය සිහින මවන්නේ කවදාවත් තමන්ට ළඟා කරගන්න බැරි දෙයක් වෙත්දැයි දෙගිඩියාවෙනි......ඇය ඊයේ මුළු රාත්‍රිය පුරාවටම මැවූ හීන....අද එක ක්ෂණයෙන් බිඳ වැටුනේ නොසීතූ විදිහටය..... කියාරාගේ පැමිණීමටත් වඩා ඇයගේ හිතට දුක ඔනෙලා ඇයට සලකන විදිහයි..... තමාගේ හිත තුළ වූ දුක හා කෝපය ඇයට පිටකිරීමට අවශ්‍ය වුවත් එය අකමැත්තෙන් හෝ දරාගැනීමට සිදුවුනේ මේ පාසල් නිසාත්...ඇය මෙයට නවකයෙක් වන නිසාත් ය....

🔞It's A Sin - II🔥Where stories live. Discover now