Chapter #11 🔥

147 24 11
                                    

වෛශ් ගෙදර ගිය මොහොතේ සිට කල්පනා කළේ ඔනෙලා ගැනය.මන්ද යත් ඔනෙලාගේ හැසිරීම වෛශ් ට ආගන්තුක විය.නිවසට පැමිණි වහාම තම ජනේලයෙන් පිටත බලාගෙන වෛශ් තම නෙත් ඉමක් කොනක් නැති අහස දෙසට යොමා ගෙන කල්පනා කරන්නට විය.මද වේලවකින් පසු තම දිනපොතේ ඇය සියල්ල සටහන් කළාය.

මෙය තවත් ප්‍රේම සටනක ඇරඹුමද💕? "
යනුවෙන් සටහන් කොට ඇය අවසන් කළාය.

පසු දින උදෑසන ඉතාමත් උද්‍යෝගයෙන් වෛශ් පාසල වෙත පිය නගන්නට වූයේ හිතේ වූ දහසක් බලාපොරොත්තු,ප්‍රශ්නද පෙරදැරි කරගෙනය.

වෙනදා මෙන් ඇය තම දෑස් මුලින්ම යොමු කලේ Basketball court එක දෙසටය.ඇය බලාපොරොත්තු වූයේ ඔනෙලා වුවද ඇය එහි සාක්ෂා හා ලියානා සිටිනවා දුටු නිසා ඒ දෙසට ගියාය.

"Good Morning Saksha,Liyana"
*වෛශ්"

"Good Morning ඇටකෝට්ටී , මොකද අද මෙච්චර Happy එකේ ......කාවද හෙව්වේ...ඔයා හොයන කෙනානම් මේ වෙලාවේ ඉන්නේ Dressing Room එකේ......."
සාක්ෂා කට පුරා හිනාවෙමින් පැවසුවාය.වෛශ්ගේ මුහුණ ලැජ්ජාවෙන් රතු විය.

"අනේ මේ..මං කාවවත් බැලුවේ නැහ් ..මං ඔයා ඉන්නවා දැක්ක නිසා අවේ.."
වෛශ් තම රතුවූ මුහුණ සඟවා ගනිමින් පැවසුවාය .

"අනේ හාකෝ.......මටනෙ ඔය බොරු කරන්නේ ....කමක් නැහ් කමක් නැහ් .ඔහොම යන්කෝ...
සාක්ෂා වෛශ්ට තට්ටුවක් දමා පැවසුවාය .

"හරි මේ...Good Luck...මං Music room එකට යන්න ඔනේ.පරිස්සමින් සෙල්ලම් කරන්න .Bye"
වෛශ් සිනාවෙමින් පිටව ගියාය.

ඇය පංතියට බෑගය තැබීමට ගිය අතර ඇය එහි යන විට කිසිවෙකු පංතියේ සිටියේ නැත.ඇය තම Music Note Book එකත් රැගෙන පිටව යාමට සූදානම් විය.කොහේ සිටද පැමිණි ඔනෙලා වෛශ්ගේ ඉදිරියෙන් සිටගත්තාය.

"Good Morning " කොහෙද මේ හදිස්සියේ දුවන්නේ....Mmm?
ඔනෙලා තම අවුල් වූ කොණ්ඩය සකසමින් සරගී සිනාවක් සමඟින් සෙමින් වෛශ් අසලට ලඟා විය.

වෛශ්ගේ සිරුර පුරා සමනලුන් සැරිසරනවා මෙන් දැනෙන්නට විය.Basketball Kit එකෙන් සැරසී සිටි ඇය අවුල් වූ කොණ්ඩය සමඟ තවත් සරාගීව දිස් විය.තවද Basketball Skinney එකට ඇගේ mussels හොඳින් කැපී පෙණුනි.

🔞It's A Sin - II🔥Where stories live. Discover now