Chapter #10🔥

131 23 8
                                    

වෛශ්ට හිතීමටවත් වෙලාවක් නොතියා ඔනෙලා වෛශ්ගේ අතින් ඇදගෙන Basketball Rest room එකට ගියා.වෛශ්ගේ බෑගය ගලවා පසෙකට විසිකල ඇය වෛශ්ව එහි වූ බිත්තියට තද කර රදවා ගත්තාය.

"මොකක්ද ආහ් ඔයාගේ ප්‍රශ්නේ ,හිතාමතාමද ම්ට මෙහෙම කරන්නේ...මට කියනවා" ඔනෙලා පුපුරන දෑසින් වියරුවෙන් මෙන් වෛශ්ගෙන් ඇසුවාය .

වෛශ් සිටියේ වික්ෂිප්තව මෙන්ම බිය වී ය.
මන්ද මීට පෙර කිසිදු දවසක ඇය ඔනෙලාව මේ අයුරින් දැක තිබුණේ නැත.ඔනෙලාගේ වියරුව හමුවේ වෛශ්ට ඇගේ කටින් වචනයක් පිට කිරීමට තරම්වත් ශක්තියක් නොවූවාය.ඇය කිසිවක් කීමට මත්තෙන් ඔනෙලා වෛශ්ව අත හැර අසල වූ Locker එකකටද වැරෙන් පහරක් එල්ල කොට එතනින් පිටව ගියාය.

කිසිවක් සිතාගැනීමට නොහැකිව වෛශ් එතනම ගල් ගැසී සිටියාය.ඔනෙලා දැඩි තරහෙන්  කොරිඩෝ එකෙන් ගමන් කරනවා දුටු  සාක්ෂා වෛශ්ව සෙවුවද ඇය සිටියයේ නැත.සිදුවූ දෙය තේරුම් ගත් සාක්ෂා ඉක්මනින් වෛශ්ව සොයා පිටව ගියාය.

සාක්ෂා Basketball Rest room එකට පැමිණෙන විටත් වෛශ් එහි වූ අතර සාක්ෂා දැකීමෙන් ඇය හිර කොටගෙන තිබූ කඳුළු බිඳු කීපයක් දෙකොපුල් දිගේ රූරා වැටුනාය.

"වෛශ් , මොකක්ද වුණේ..ඇයි මේ අඩන්නේ..ඔනෙලා මේ පාර මොකක්ද ඔයාට කළේ ...ඉන්න මං එයාට අද......."
සාක්ෂා පුපුරන දෑසින් යුතුව ඔනෙලා සොයායන්න හැදුවද  වෛශ් ඇගේ අතින් අල්වා නැවැත්වුවාය.කිරීමට වෙනත් කිසිවක් නොවූ හෙයින් සාක්ෂා වෛශ්ගේ බෑගයද අහුලාගෙන් ඇයව පංතියට රැගෙන යන්න සූදානම් විය.ඒත් සමඟම සාක්ෂා ව දැඩිව බදාගෙන ඇගේ පපුවට තුරුල් වී වෛශ් අඩන්නට විය...වෛශ්ගේ කඳුළු වලින් සාක්ෂා ගේ නිළ ඇඳුමේ ඉහළ කොටස තෙත් විය.

මඳ වේලවකින් රිසි සේ හඬා නිම කළ වෛශ් සාක්ෂා දෙස බැලුවේ හැඟීම් විරහිත දෑසින් යුතුවය.සාක්ෂා කිසිවක් නොකියා වෛශ්ගේ කඳුළු පිසදා ඇයව පංතියට රැගෙන් ගියාය.

පංතියට ගියද එහි ඔනෙලා නොවීය.වෛශ්ගේ හිත තවත් නොසන්සුන් වනවා දුටු සාක්ෂා ඔනෙලා සමඟ කතා කර ඇයව සොයාගෙන එන බවට පොරොන්දු වී පංති කාමරයෙන් පිටව ගියාය.

🔞It's A Sin - II🔥Where stories live. Discover now