🔞Chapter #15🔥

215 19 20
                                    

🔞⚠️18+ WARNING.🔞⚠️

සාක්ෂාගේ Heart beat එක යතා තත්වයට ගැනීමට වෛද්‍යවරුන් විනාඩි පහකට අධික කාලයක් වෑයමක් දැරුවහ.කොපමණ උත්සහ කලත් වැඩක් නොමැති බව දැනුනු වෛද්‍යවරුන් සාක්ෂාගේ නිසල සිරුර ඔහේ තිබියදීම එළියට ආවාය.

වෛද්‍යවරුන් පිටතට පැමිණි වහාම සියළු දෙනාම ICU Room එක ඇතුළට ගිය අතර සාක්ෂාගේ මව ඇයගේ නිසල සිරුර බදාගෙන හඩන්නට විය.පියා හා අයියා ඇයව බදාගෙන කඳුළු සැලුවාය.

වෛශ් ඔනෙලාව බදාගෙන දොර අසලට වී හඩමින් සිටියාය.ලියානා වියරුවෙන් මෙන් තමන්ටම බැන වදිමින් කෑ ගැසූ අතර යෂ් වහා ගොස් ඇයව අල්ලා ගත්තාය.

ඇය යෂ්ව පසෙකට තල්ලු කර සාක්ෂා අසලට ගොස් ඇයව බදාගෙන අඩන්නට විය.

"සාක්ෂා.....I am.....Sorry....මගේ .....මගේ වැරැද්ද .....ඔයා නෙමේ මමයි මැරෙන්න තිබ්බේ....මං ඒ දේ නොකිය හිටියනම් මේ මුකුත් වෙන්නේ නැහ්......අනේ Plz යන්න එපා....එන්නකෝ..."
ලියානා සාක්ෂාගේ නිසල සිරුර බදාගෙන් ඇඳ අසලට වී අඩන්නට ගත්තාය.

මඳ වේලවකින් හෙදියක් පැමිණ ඔවුන්ට ඉවත් වෙන ලෙස පවසා සිරුර ආවරණය කරන්න හැදුවද වියරු වැටී සිටි ලියාන සාක්ෂා අසලට ගොස්,

"ඔයාට මෙහෙම මාව දාල යන්න බැහ්.....අනේ දෙවියනේ මගේ ජීවිතේ අරගෙන සාක්ෂාව ආපහු එවන්න...."

ඇය සාක්ෂාගේ නිසල සිරුර නොනවත්වා හොලවන්නට විය.....බැරිම තැන ඇය අත මිට මොලවා සාක්ෂාගේ පපුවට පහරක් එල්ල කළාය.

ඒත් සමඟම සාක්ෂාගේ Heart beat එක නැවත වැඩ කිරීමට ආරම්භ වුණ අතර ඇය කෝම තත්වයෙන් මිඳී සිහිය ආවාය.

නමුත් ලියානා දැක තිබුණේ සිහිනයකි.මේ වනවිට සාක්ෂාව Normal Room එකකට මාරු කර තිබුණු අතර ලියානා හැර සියල්ලන්ම Dinner එක ගැනීමට Hospital Canteen එකට ගොස් තිබුණාය.

ලියානා සාක්ෂා පිළිබඳ දුටු සිහිනයෙන් තිගැස්සී ඇහැරෙන විටත් ඇය සාක්ෂාගේ ඇඳ අසල පුටුවක වාඩි වී ඇගේ අතින් අල්ලාගෙන සිටියාය.

ලියානා සෙමින් සාක්ෂාගේ නම මුමුණා ඇගේ නලළ මත හාදුවක් තබ තම කඳුළු පිසදමමින් පිටව යාමට නැගිට්ටාය.

🔞It's A Sin - II🔥Where stories live. Discover now