අලුත් ගෙදර 🏠️

1.3K 159 162
                                    

" මේ ශුවර්ද ඕයි මෙක හරි තැන කියල.....බලනවකො මේක මාලිගාවක් වගෙනේ....."

නීනී ඉනටත් අත් දෙක තියාගෙන එයාගෙ ඇස් ඉස්සරහා තියන ඒ විශාල තාප්පෙට එහා පැත්තෙන් තියන මාලිගාවක් වගේ ගේ දිහා බලන් රූබිගෙන් ඇහුවා.....කෙල්ලො හතර දෙනාට කොලෙජ් එකේන් ලැබුනු මාසෙක නිවාඩුව නිසා රූබිගෙ අප්පා කෙල්ලො හතර දෙනාව එයාගෙ බිස්නස් පාට්නර් කෙනෙක් වෙන කිම් නම්ජුන්ගෙ ගෙදර එව්වා.....ඇත්තටම රූබිගෙ පවුලෙ අය වගෙම අනිත් තුන්දෙනාගෙ පවුල් වල අයත් කෙල්ලො ටිකව නම්ජුන්ගෙ ගෙදර එවන්න පලවෙනි හෙතුව තමා මේ කෙල්ලො ටිකව හදාගන්න ඕන වුන එක.....මකලවත් හදන්න බැරි මුන් හතරදෙනාව කොල්ලො හත් දෙනෙක් එක්ක නවත්තන්න කෙල්ලො ටිකගෙ ගෙදර මිනිස්සු නම් පොඩ්ඩක් වත් බය වුනෙ නෑ.....බය වෙනවා නම් බය වෙන්න ඕන කොල්ලො හත්දෙනා ගැන.....

" මේ නිනී මේක තමා ඕයි තැන......."

රූබි අප්පා දුන්න ලොකේශන් එක දෙපාරක් චෙක් කරලා නිනීට කිවා...

" ටියා බලහම් බෙල් එක ගහලා......."

ශේහා කිවෙ නිනීගෙයි රූබිගෙයි කරවල් වලට අත් දෙක දානගමන්....ශේහා කියනවත් එක්කම ටියා ගිහින් බෙල් එක ගැහුවා....එක පාරක් ගහලා නැවතුනෙ නැති ටියා බෙල් එක අමුතුම තාලෙකට  ගහගෙන ගහගෙන ගියා......

" ඒ ගෑනියෙ ඕක අහන් ඉන්න පුලුවන් තාලෙකට ගහපන්කෝ......."

" අහ් පොඩ්ඩක් ඉදාම්........"

නිනී කිව පාර ටියා ඒක අලුත්ම තාලෙකට ගහන්න පටන් ගත්තා.....එත් එක්කම විශාල ගේට්ටුවට එහා පැත්තෙන් තිබුන පුංචි ගේට්ටුව ඇරගෙන මනුස්සයෙක් ඇවිත් ටියා දිහා බලාගෙන ඉන්නවා.....ටියා ඇස් දෙකත් වහගෙන බෙල් එක ගහනවා.....රූබි එයාගෙ කකුල දික් කරලා ටියාගෙ පස්චාත් පෙදෙසට දර්ශනීය පහරක් එල්ල කලා.....

" සැක් කෑවනේ මගේ ආතල් එක......."

ටියා රූබිට රවන ගමන් ශේහා ලගට ආවා.....

" කවුද ඔයාලා......"

අර ආපු මනුස්සයා කෙල්ලො හතර දෙනාට රවන ගමන් ඇහුවා......

" නම්ජුන් ඔප්පා ඉන්නවද......අපි මෙහෙ ආවෙ නවතින්න......"

රූබි ඒ මනුස්සයාව සත පහකට ගනන් නොගෙන කියලා දැම්මා......

Annoying girls and seven boys (Completed)Where stories live. Discover now