බීම බෝතලේ.....🍾

881 130 115
                                    

උදේ පාන්දරම නැගිටපු ටියා මූන කට හෝදගෙන පල්ලේ තට්ටුවට අවෙ උදේට කෑම කන්න කියලා හිතාගෙන....

" යකෝ මං හිතුවෙ තවම උදේ කියල..."

පල්ලෙ තට්ටුව ආපු ටියා ඔරලෝසුව දිහා බලන් කල්පනා කරා....ටියා හිතුවට එයා උදේම නැගිට්ටා කියලා එයා නැගිටලා තියෙන්නේ දවල් දොලහටත් ලන් වුනාම.....

" සැක් දැන් උදේට කන්න බෑනේ....ඒ නිසා දවල්ට කනවා උදේටත් එක්ක....."

ටියා කෑම මෙසෙ ඇරලා තිබුන කෑම දිහා බලන් තනියම කියෙව්වා...එත් එක්කම ටියා ඉන්න තැනට ආවෙ ගෙදර වැඩ කරන මනුස්සයා....

" ගුඩ්මෝනින් ටියා මැඩම්......එන්න වාඩිවෙලා කන්න......"

" අ....හ් හරි....එක නෙවෙයි කෝ අර මහත්වරු ටික..."

" අහ් මහත්තයලා හත්දෙනාම උදේම වැඩට යනවානේ.....ආපහු එන්නෙ ඉතිම් රෑ වෙලා......"

" අහ් එක හොදයි.....අනිත් තුන්දෙනා කෑවද......."

" නිනී මැඩම් නම් උදෙම නැගිටලා කාලා බීලා ආයම නිදාගන්න ගියා....එතකොට රූබි මැඩම් තවම පල්ලට ආවෙ නෑ....එතකොට ශේහා මැඩම් අන්න සෝෆා එකේ නිදි කන්න කියලා ආපු පාර......"

වැඩ කරන මනුස්සයා සෝෆා එක පෙන්නලා කියනකොට ටියාත් සෝෆා එක පැත්ත බැලුවා......සෝෆා එක උඩ හතර ගාතේ දාලා නිදාගෙන ඉන්න ශේහාව දැක්ක පාර ටියා ඔලුවෙ අත ගහගත්තා.......

" සැක් මේ ගෑනි........."

ටියා ශේහා ලගට ගියේ කෑම මෙසෙ උඩ තිබ්බ වතුර කොප්පෙත් අරගෙනමයි......

" ඒයි නැගිටහම්.....මල පෙරෙතියක් වගෙ මෙතන නිදි මොකද.........."

"අනේ ඔම්මා........"

" ඔම්මා නෙවෙ සුනඛයෝ මං තොගේ අක්කා ටියා නැගිටපන්........."

" අනේ වද දෙන්න එපා බං......"

" ටොට මම........."

දෙපාරක් හිතන්නෙ නැතුව ටියා ශේහාගේ ඇගට වතුර එක හැලුවා......

" අනේ පව්කාරි....උබ නම් මහා &%#%#%&#@&&............"

ශේහා කෑ ගහනකොට ටියා කන් දෙකට ඇගිලිත් ගහගෙන පස්සත් වනව වනව කෑම මෙසෙ ලගට ගියා.......ටියාගෙ පස්සෙන්ම ආපු ශේහාත් කෑම මෙසෙන් වාඩිවෙලා කන්න පටන් ගත්තා...ටිකක් වෙලා යනකොට රූබිත් පල්ලට ආවෙ අඩුම මූනවත් හොදන්නෙ නැතුව......

Annoying girls and seven boys (Completed)Where stories live. Discover now