........Time passed.........
කාලය ගතවුනා.....කෙල්ලො ටික නම්ජුන්ගෙ ගෙදරට ඇවිත් දැන් සති දෙකකටත් වඩා වැඩියෙන් ගෙව්නා....එයාලා තව ටික කාලයයි නම්ජුන්ලගෙ ගෙදර ඉන්නෙ...තවමත් කෙල්ලො කොල්ලො අතර ලොකු සම්බන්ධයක් නෑ.....කෙල්ලො ටික දවසට දෙතුන් පාරක්වත් කොල්ලො ටිකගෙ යක්ෂයා අවුස්සලා කන පුරොවලා අහගන්නවා...එත් කෙල්ලො ටික කොච්චර කලත් හැදෙන්නෙ නෑ....එයාලා එයාලට ඕන දෙවල් කරල සතුටු වෙනවා....නොපෙන්නුවත් සමහරක් වෙලාවට කෙල්ලන්ගෙ වැඩ වලට කොල්ලො හත් දෙනාටත් හිනා යනවා...හැබැයි ඒ බව කෙල්ලොන්ට අගවන්නෙ නම් නෑ...
අද උදේ ඉදන් කොල්ලො ටික ටිකක් කලබලෙන් ගෙදර එහාට මෙහාට දුවනවා...එත් කෙල්ලො නම් සුපුරුදු පරිදි එයාලගෙ පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්නවා...රූබි ශේහා දෙන්නා විඩියෝ ගෙම් ප්ලේ කරනවා උදේ ඉදන්....එතකොට නිනී ටියා දෙන්නත් උදේ ඉදන් ලොකු වැඩක්... ඔව් දැන් දවස් කීපෙක ඉදන් නිනී ටියා දෙන්නගේ ක්‍රශ් එක උනේ ජින්....ඉතින් ඒ දෙන්නට පුලුවන් හැම වෙලාවෙම ඒ දෙන්නා ජින් දිහා බලන් මනෝපාරක් ගහන් ඉන්නවා මුලු දවසම හරි.... ඉතින් මේ ගෙවෙන මොහොතෙත් නිනී ටියා දෙන්නා කෑම මේසෙ ලග වාඩි වෙලා කිචන් එකේ වැඩ කරන එයාලගෙ සිහින කුමාරයාට පැනි හලන ගමන් ඉන්නෙ.....කෙල්ලො දෙන්නා සද්දයක් වත් නැතුව හරියට භාවනාවක් කරනවා වගෙ බලන් ඉන්නෙ.....
" ටියා බලනවකෝ ජින්ගේ ඒ දිලිසෙන දෙනෙත........."නිනී කිවෙ ලොකු හුස්මක් ගම්න ගමන්......
" දිලිසෙන දෙනෙත ජින්ගේ.......නැහැ අමතක වෙන්නෙ......වෙන්වී යන්න නම් ඇයි මට මේ තරම් ආදරේ කෙරුවෙ........"
ටියා සිංදුව කිවෙ ජින්ගෙ ඇස් දිහා බලාගෙන...ජින් කිචන් එකේ හෝ ගාලා වැඩ...එයා නම් දන්නෙ නෑ එයා දිහා බලන් පැනි පෙරන කෙල්ලො දෙන්නව....
YOU ARE READING
Annoying girls and seven boys (Completed)
Short Storyහැම වෙලාවෙම සීරියස් මූඩ් එකෙන් ඉන්න කොල්ලො හත් දෙනෙක් එක්ක පිස්සන්ටත් අන්ත හරි නම් මේ වෙනකොට පුනරුත්ථාපන මද්යස්තානයක ඉන්න ඕන කෙල්ලො හතර දෙනෙක්ට එකට එක ගෙදරක ජිවත් වෙන්න සිද්ද වුනොත්...........😐