දඩුවම.....👀

1K 150 92
                                    

රෑ හය හත වෙනකොට කොල්ලො හත්දෙනාම එකටම අපහු ගෙදර ආවෙ උදේ ඉදන් දගලලා ඇගටත් මහන්සි නිසා අපු ගමන් හොද නින්දක් දාන්න කියලා හිතාගෙන.....එත් හත්දෙනා ගෙදරට ඇතුල් වෙනකොටම ගෙදරට වෙලා තිබ්බ දෙවල් දැක්ක නිසා හිටපු තැනම කොල්ලො ටික හිට්ට වුනා.....

" අහ් ජූන් හ්‍යුන්ග් භූමි කම්පාවක් හරි සුනාමියක් හරි ඇවිත්ද ගෙදරට......."

ජන්කූක් ඇහුවෙ දොර ලගම පෙරලිලා තිබුන පුටුවක් කෙලින් කරන ගමන්.....

" ආ.....හ් දෙවියනේ මගේ ගෙදර......."

ජූන් ඔලුවත් අත ගගා ගේ පුරා එහාට මෙහාට දිව්වා..එත් තවම කවුරුත් දැක්කෙ නෑ සෝෆා එක උඩ මොක්කුද වගේ නිදන් ඉන්න කෙල්ලො හතර දෙනාව නම්.....

" ආ.......හ් නම්ජුනා බලනවා මගේ මල් වාස් දෙකම කුඩු වෙලා........"

ජින් කෑගැහුවෙ බිම ඉදගෙන ටියා කඩලා දාපු මල් වාස් එකක කැඩුණු කෑලි අහුලන ගමන්.....

" ආ...හ් මොකද්ද ඒ එන ගද......."

තේහියුන්ග් නහයත් අතින් වහන් කිවෙ එයාට ආපු ගදක් නිසා.....

" ආ...හ් එ සෝජු වල සුවදනේ......."

ජිමින් කිවෙ බලු පැටියෙක් වගේ ඉව කරන ගමන්...

" මේ බලනවලා මේ කෙල්ලො ටික......"

යුන්ගි කෑ ගහනකොට ඔක්කොමලා යුන්ගි ඉන්න තැනට දුවගෙන ආවා...යුන්ගිගෙ සද්දෙට ඇහැරුන රූබි නින්දෙන්ම මොනවදෝ කියවලා ආපහු සෝෆා එකට වැටිලා නිදා ගත්තා.....

" මේ කෙල්ලො ටික බිලද......"

හොබී නම්ජුන්ගෙ පැත්ත හැරිලා ඇහුවෙ වැටිලා තිබ්බ සෝජු බොතලයක් අතට අර ගන්න ගමන්....

" මෙ කෙල්ලො ටික බිලා මදිවට ගෙත් විනාස කරලා...."

නම්ජුන්ට වගෙම අනිත් හයදෙනාටත් තරහා ගියේ කෙල්ලො හතර දෙනාගෙ වැඩ නිසා..

" නැගිටිනවලා ඉක්මනටම......"

නම්ජුන් යටිගිරියෙන් කෑ ගහන ගමන් කෙල්ලො ඉන්න සෝෆා එකට පයින් ගැහුවා.....ඒත් මොන නැගිටිල්ලක්ද නිදාගෙන හිටපු කෙල්ලො හතරදෙන හරි බරි ගැහිලා අනිත් පැත්ත හැරිලා ආපහු නිදාගත්තා....

Annoying girls and seven boys (Completed)Where stories live. Discover now