රහස් සොයා යෑම.......🤫

885 145 186
                                    

අද උදේම නිනී රූබි ශේහා තුන්දෙනා ටියාගෙ ගෙදරට ඇවිත් ලොකු කතාවක්...එයාලා ලොකු වැඩක් කරන්න වගේ හෝ ගාලා ප්ලෑන් ගහන්නෙ නම්ජුන්ගෙ පරන ගෙදරට ගිහින් අර විඩියො එකේ දැකපු කෙල්ල ගැන මොනා හරි විස්තරයක් හොයා ගන්න....

" දැන් උබලා කියන්නෙ අපි ඔය ගෙදරට යන්න ඕන කියලද............"

රූබි කතාව පටන් ගත්ත වෙලාවෙ ඉදන් ඔය ප්‍රශ්නෙ අහන 35115171151 වතාවෙ මෙ...රූබිට ඕන මේ ගමන නොගිහින් ඉන්න...මොකද ඔය ගමන නිසා රූබිගෙ අප්පාගෙයි නම්ජුන්ගෙයි අතර තියන යාලුකමටත් ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා...ඒ ගෙදර ගැන දැනන් හිටියේ නම්ජුනුයි අනිත් කොල්ලො හයදෙනයි රූබිගෙ අප්පයි විතරයි...රූබිගෙ අප්පාත් ඒ ගෙදර ගැන දැන ගත්තෙ ඒ ගෙදර විකුනන්න රූබිගෙ අප්පට නම්ජුන් භාර දුන්න නිසා...

" ටියා මං කියන්නද අපි මෙන්න මෙකිව දාලා යමන්...නැත්නම් මෙකි අපිට වැඩෙ කරගන්න දෙන්නෙ නෑ....."

ශේහා කිවෙ රූබි දිහා රවලා බලන ගමන්....

" රූබි බය නොවී ඉදහම්කො අපි ඒක පරිස්සමට කරමු......"

ටියා කිවෙ රූබිගෙ උරහිසට තට්ටුවක් දාන ගමන්...

" උබලා මේක පරිස්සමට කරනවා කියන්නෙ අනිවාරෙන් උබලා මේ වැඩෙ හත්පොලේ ගාගන්නවා කියන එක......"

රූබි කිවෙ කටහඩෙ සද්දෙ පොඩ්ඩක් අඩු කරලා ඔලුවට අතකුත් ගහගන්න ගමන්....

" රූබි කියපන් උබට එන්න බැරිද......"

ටියාගෙ ඇද උඩට වෙලා නිනී සීරියස් මූඩ් එකෙන් රූබිගෙන් ඇහුවා

" හරි හරි මගුල එන්නම්...උබලාගෙ වැඩ නිසා මටයි මගෙ අහිංසක පවුලෙ මිනිස්සුන්ටයි පාරට බහින්න තමා වෙන්නෙ කවදාහරි......."

රූබි කිවෙ ලොකු හුස්මක් අරන් පාතට දාන ගමන්..

" අන්න එහෙම වරෙන්..දැන් එතකොට කවදද යන්නෙ....."

ශේහා ඇහුවෙ කැලැන්ඩර් එක දිහා බලාගෙන.....

" හෙට යමල්ලා....."

ටියා කිවා...

" හෙට යුනිනේ යකො අපිට...අනික ශේහාට හෙට කොලේජ් යන්නත් තියෙනෙ....."

Annoying girls and seven boys (Completed)Where stories live. Discover now