නම්ජූන්ගෙ කදුලු...🥺

839 133 130
                                    

" මොකද්ද ඕයි වෙල තියෙන්නේ උදේට කාලත් නෑ දවල්ට කාලත් නෑ....උබ හදන්නෙ රෑටත් නොකා ඉන්නද......."

නිනී මුලු ගේම දෙකක් වෙන්න රූබිට කෑගහන්නෙ ඊයෙ යුන්ජින් ඇවිත් ගියාට පස්සෙ ඉදන් රූබිගෙ හැසිරීම නිසා නිනීට හොදටම තරහා ගිහින් තිබුන නිසා..නිනීට විතරක් නෙවෙ ශේහාටත් ටියාටත් තරහා ගිහින් තිබුනෙ පරන අතීතය ගැන හිත හිතා දුක් වෙන රූබි නිසා.....

" රූබියා නැගිටපන් දැන් ඔය ඇති...උබට මොකක් වෙලාද...යුන්ජින් ගැනද උබ හිතන්නෙ...."

ටියා ඇද උඩ දිගා වෙලා ඉන්න රූබිගෙන් ඇහුවා....

" මට ටිකක් මෙහෙම ඉන්න දීපල්ලා....."

රූබි ඇදෙ අනිත් පැත්ත හැරෙන ගමන් කිවා.....

" උබට අපි උදේ ඉදන් පාඩුවෙ ඉන්න දුන්නානෙ....තවත් පාඩුවෙ ඉන්න දෙන්න කියන්නෙ මොකද්ද....අහපන් තොට ඕන මගුලක් කරපන් එත් අර දෙකටම නැති එකෙක් ගැන හිත හිත දුක් නොවී.....ඌ කරපු බලු වැඩ උබට මටකයිනෙ.....බොරුවට ඌ වගෙ එකෙක් ගැන හිත හිත කාලෙ නාස්ති කරන්න එපා ඕයි.....තමුසෙටත් පිස්සුනෙ මගුල....අනික ඊලග දවසෙ ඕකා මගෙ ඇස් ඉස්සරහට ආවොත් නම් මං ඕකව මරලා හිරෙ හරි යනවා.."

ශේහා කවදාවත් කැමති උනෙ නෑ එයාලගෙ අක්කලා තුන්දෙනා දුකින් ඉන්නවා බලන්න...රූබි මේ විදිහට ඉන්නවා බලන්න බැරි නිසාම ශේහා රූබිට කෑගැහුවා...රූබි මේ විදියට ඉන්න එක කෙල්ලො තුන්දෙනාටම දරාගන්න බෑ...මොකද රූබි කියන්නෙ එහෙම ඉන්න කෙනෙක් නෙවෙ...

" මට මේ දෙවල් අමතක කරන්න උදව් කරපන්......"

ටික වෙලාවක් නිහඩව හිටපු රූබි ඇදෙන් නැගිට්ටෙ ඇස් වල කදුලුත් පුරවන්...රූබිගෙ ඇස් වල කදුලු දැකපු නිනී එක තත්පරයකින් රූබිව හග් කරේ රූබිගෙ කදුලු එයා දකින්න අකමැති වුන නිසා..

" උබට අපි ඉන්නවානෙ බං......."

නිනීට වෙන කිසිම දෙයක් කියාගන්න බැරි වුනේ එයාටත් ඇඩුන නිසා...

" රූබි දැන් ඇති නංගි....ඌව අත ඇරියෙ උබමයි...රූබි උබට ඔහොම දුක් වෙන්න තිබ්බා බං ඌ හොද එකෙක් උනා නම්...එත් ඒකා මහ තිරුසනෙක්...ඌ කෙල්ලක්ට කතා කරන්නවත් දන්නෙ නෑ...උබට ඌව අමතක කරන්න බැරි කමක් නැ...උත්සාහ කරපන්...උබ ළඟින් අපි තුන්දෙනා ඉන්නවා හැමදාටම....."

Annoying girls and seven boys (Completed)Where stories live. Discover now