කෑම මේසය 🍽️

1K 153 215
                                    

ගාල කඩාගත්තු හරක් වගේ දුවගෙන ආපු ටියා ශේහා වගේම නිනී කැම මේසේ ලගට අඩි තුනක් තියලා  ගානට බ්‍රෙක් ගහගත්තා.....එත් කගවෙනෙක් වගෙ දුවගෙන ආපු රූබිගේ බ්‍ර්‍රෙක් වැඩ කරෙ නැති නිසා කොල්ලො හයදෙනෙක් ඉස්සරහා අනිත් තුන්දෙනත් පෙරලගෙන බිම පත බෑවුනා......

" ආව් ආව් මගෙ බෙල්ල %&$*$#....අහකට පලයන් මගෙන් කුනුහර්ප නහා..........."

වැටුන පාර තුන්දෙනාම හිටියෙ ටියාගේ ඇග උඩ...ඒ නිසා ටියා මරලතෝනි තිය තිය කෑගහන්න පටන් ගත්තා......

" ඔය අත ගනින් මයේ පශ්ශෙන්...."

නිනී ශේහාගෙ පස්චාත් පෙදෙස උඩ අත තියන් රූබිට ගහන්න පටන් අරන් නිසා ශේහා නිනීට කෑගහනවා....

" ඕයි ඕයි ගෑනියේ  ගහන්න එපා ඔයි මගේ බ්‍රේක් වැඩ කරෙ නෑ බල්ලෝ ඒකයි වැටුනෙ....."

" තොට මං කියලා තියේ බ්‍රේක් ඔයිල් ටිකක් දාගනිම් කියලා...සැක් බලපන් මගේ කශේරුකාව ලෙෆ්ට් වෙලා වගේ........"

කෙල්ලො හතරදෙනා මරාගන්න දිහා තවත් හත් දෙනෙක් බලන් ඉන්න බව කෙල්ලො ටික නම් දන්නෙත් නෑ උන්ට සිහියකුත් නෑ......රන්ඩුවෙ ඉවරයක් නැති බව තෙරුන ජින් ටිකක් සද්දෙන් උගුර පෑදුවා....ඒක ඇහුන පාර කෙල්ලො ටික කරන්ට් එකක් වැදුනා වගේ නැගිට්ටා....එතකොට තමා හතරදෙනා දැක්කෙ උඩ කාමරෙ හිටපු පූස් කොල්ලයි හොබියි තවත් කුමාරයො වගේ ලස්සන කොල්ලො පස් දෙනෙකුයි එයාලා දිහා කන්න වගෙ බලන් ඉන්න බව.....

" සැක් රෙදි ලෙෆ්ට් වුනා නේත.......තොපිට මං කිවා හරියට හැදියල්ලා කියලා....කොහෙද තොපේ මුල් ලමාවිය සංවර්ධනය වෙලා නෑනේ......"

ටියා රහසෙන් අනිත් තුන්දෙනාගේ කන් වලට ලන් වෙලා කිවා...එක කියපු ටියා දිහා අනිත් තුන්දෙනා බැලුවෙ ටියාව බැදලා කන සීන් එකෙන්.....

" සමාවෙන්න සොරි.....ඇත්තටම මගේ පාදය තැපුලුනා....."

රූබි ඔක්කොටොම ඔලුව පාත් කරලා ආචාර කරන ගමන් කිව්වා.....

" ඇවිල්ලා වාඩිවෙන්න......."

නම්ජුන් රූබි කියපු දේ ගනන් නොගෙන එහෙම කියපු නිසා රූබි නම්ජුන්ට හිතෙන් බැන බැනම ගිහින් කෑම මේසෙන් වාඩි වුනා....නිනී ගිහින් රූබි ළඟින් වාඩි වෙනකොට ශේහා ටියා අක්කා නගෝ දෙම්නා රූබි නිනී දෙන්නට ඉස්සරහින් තිබුන පුටු දෙකෙ වාඩි වුනා.....

Annoying girls and seven boys (Completed)Where stories live. Discover now