පැටලුන කාමරෙ.....🏠️

956 146 121
                                    

දවල් වරුවෙ ගේ අස් කරන්න පටන් ගත්ත කෙල්ලො හතර දෙනාට පහුවදා පාන්දර දෙක වෙනකොටවත් ගේ අස් කරලා ඉවර කරගන්න බැරි වුනා...එත් ගේ අස් කරෙ නැත්නම් පහුවදා උදේට අර වසවර්තියෝ ටිකගෙන් බැනුම් අහන්න වෙන බව දන්න නිසාම කෙල්ලො හතරදෙනා නිදි කිරා වැටි වැටි ගේ අස් කරනවා.....

" හනේ තව නම් බෑ යකෝ මගේ මුලු සරීරයම ලෙෆ්ට් වීගෙන වගෙ එන්නෙ....."

ශේහා අතේ තිබ්බ කොස්සක් නිනීගේ ඇගට විසික් කරලා සොෆා එකට ඇදගෙන වැටුනේ උදේ ඉදන් මහන්සි වෙලා කකුල් දෙකත් පන නැති වීගෙන ආපු නිසා.....

" තොපිට මං කීවා බොන්න එපා කියලා........"

ටියා සොෆා එක අස්සෙ තිබුන මකුලු දැල් කඩන ගමන් කෑගැහුවෙ කිසිම වරදක් නොකරපු කෙනෙක් වගේ...

" මට කියපන් ටෝ එක කොයි වෙලාවෙද කිවෙ කියලා........"

පැය ගානක් තිස්සෙ බිත්තියෙ එල්ලලා තියන තේහියුන්ග්ගෙ ෆොටො එකක දුවිලි පිහන ගමන් රූබි ඇහුවා.....

" මා සොලා මට මේක කියපන් තෝ දැන් ඕක කියෙ ඉදන්ද පිහින්නෙ කියලා....බලපන් දැන් ෆොටො එකෙ පැත්තක් ගෙවිලා වගේ........."

නිනී කිවෙ ඉනටත් අත තියාගෙන රූබිගේ වැඩ දිහා බලාගෙන.....

" බලපන් අර හාවාට බනානා මිල්ක් ගෙන්න මං හම්බ කරපු මුලු සේසතම මට වියදම් කරන්න වුනා...."

ශේහා කිවෙ සෝෆා එකේ කොට්ටෙකුත් බදන් මූනත් තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ හදන්......

" ඒ ටියා බලපන්කො මෙකි කියන කතාව...මෙකි අර මෙකිගෙ අල්ලපු වැටෙ ඉන්න පොඩි කොල්ලව බය කරලා දවසට කඩාගන්න ගාන මහන්සි වෙලා හම්බ කරනවලු......."

රූබි කිවෙ ශේහා ගැන හොදාකාරව දන්න නිසා...

" අනේ තමා බලපන්කෝ...ටෝ ඔය මහන්සි වෙලා හම්බ කරපු සල්ලි හෙදිලා ගියෙ ටොගේ අහිංසක මොලෙ නිසා කියන එක අමතක කරන්න එපා........"

ටියා කිවෙ සෝෆ එක අස්සෙ ඉදන් නැගිටින ගමන්...සෝෆා එකේ තිබ්බ ඔක්කොම මකුලු දැල් ටියාගෙ කොන්ඩෙ හැමතැනම.....එක දැකපු අනිත් තුන් දෙනා හෝ ගාලා හිනා වෙනවා.....

Annoying girls and seven boys (Completed)Where stories live. Discover now