කෑම ඉවිල්ල......🍜

953 145 173
                                    

ටිකක් වෙලා කාමරෙට වෙලා හිටපු කෙල්ලො ටික කාමරෙන් එලියට ආවෙ බඩේ පනුවෝ බොක්සිං ගහන්න පටන් ගත්තු නිසා...ටියා එලියට එන්න බෑ කියලා කෑ ගහද්දි රූබි ශේශා දෙන්නා ටියාව බලහත්කාරයෙන් ඇදගෙන පල්ලෙහා තට්ටුවට ආවා....

කෙල්ලො ටික වටපිට බල බල ආවෙ නම්ජුන් පේන මානෙක ඉන්නවද බලන ගමන්....කෙල්ලො ටිකගෙ කොහෙදෝ මන්දා තිබ්බ වාසනාවකට නම්ජුන් පේන්න හිටියෙ නෑ.....

" ඒ අඩෝ බඩු නෑ........."

" ඒක තමා........"

" යම ඔහොමම චිකන් එකට......."

" චිකන් මොකක්......"

" හුටා වැරදුනා කිචන් එකට...."

කෙල්ලො හතරදෙනා හොර පුසෝ ටිකක් වගේ සද්දයක්වත් නොකර කෙලින්ම ආවෙ කිචන් එකට..එයාලා එනකොටත් ගෙදර වැඩ කරන කෙනා කිචන් එකේ වැඩැක් කරන ගමන් හිටියේ...කෙල්ලො හතර දෙනා දැකපු පාර මනුස්සයා ඉක්මනට නැගිටලා කෙල්ලො ලගට ආවා....

" කෝ මේ ගෙදර කට්ටිය......"

ශේහා ඇහුවෙ වැඩි සද්දයක් නැතුව....

" ආ 🗣️🗣️ මහත්තයලා 🗣️🗣️ "

ශේහා හෙමින් ඇහුවත් වැඩ කරන කෙනා ඒ අහපු දේට මහ හයියෙන් උත්තර දෙන්න හදපු නිසා රූබි ළඟ තිබුන තක්කාලි ගෙඩියක් අරන් මිනිහාගෙ කටෙ එබුවා.....

" පිස්සුද ඕයි හෙමින් ප්‍රශ්නයක් ඇහුවාම හයියෙන් උත්තර දෙන්නෙ....."

නිනි ඇහුවෙ ඉන්ටත් අත තියන්...රූබි කටේ ඔබපු තක්කාලි ගෙඩිය එහෙමම හපලා ගිලපු මනුස්සයා දිහා කෙල්ලො ටික බලන් හිටියේ මූ මොන වගේ ඩයල් එකක්ද වගේ සීන් එකකින්.....

" මහත්තයලා හෙට නත්තල් පාටියට බඩු ගේන්න ගියා නෝනා......"

එක අහපු කෙල්ලො ටිකගෙ ඉහේ මල් වත්තක්ම පිපුනෙ කොල්ලො ටික ශොපින් ගියාම ආයේ මහ රෑ වෙනකල් එන්නෙ නැති බව දන්න නිසා....

" නෝනා....අද මං ගෙදර යනවා...නම්ජුන් සර් මට නත්තලට නිවාඩු දුන්නා....."

" අහ් එහෙමද හරි......"

" නෝනලාට පුලුවන්නෙ අද රෑට කෑම හදන්න......"

Annoying girls and seven boys (Completed)Where stories live. Discover now