වෙන්වීම 🙁

836 141 126
                                    

පහුවදා උදේම කට්ටියට ආපහු සෝල් වලට එන්න වුනේ ශේහා තවමත් කොල්ලො ටිකත් එක්ක තිබුන කේන්තිය නිසා...ටියාට රූබිට නිනීට නම් හිතුනෙ මේ ට්‍රිප් එක ආපු එකත් අපරාදයක් කියලා...කොල්ලො ටිකයි කෙල්ලො ටිකයි වාහනෙ එනකල් එක වචනයක්වත් කතා කරෙ නම් නෑ...තේහියුන්ග් ජිමින් ජන්කූක් තුන්දෙනා කෙල්ලො එක්ක කතා කරන්න හැදුවත් කෙල්ලො එයාලාව මග ඇරලා දැම්මා...සෝල් වලට එනකල්ම වචනයක් වත් කතා නොකර ආපු කෙල්ලො හතරදෙනා නම්ජුන්ගෙ ගෙදර ළඟින් වාහනය නවත්තපු ගමන් පුලුවන් තරම් ඉක්මනට ගේ ඇතුලට දුවලා ගියා...කෙල්ලන්ගෙ මේ හැසීරිම නිසා කොල්ලො ටිකට නම් ටිකක් අවුල් ගිහින් තිබුනා....

" හ්‍යුන්ග් එයාලට මොකක් වෙලාද...."

ජිමින් වාහනෙන් එයාලගෙ ඇදුම් බෑග් එලියට ගන්න ගමන් ජින්ගෙන් ඇහුවා....

" කවුද දන්නෙ ජිමිනො එයාලගෙ ඔලුව ඇතුලෙ වැඩ කරන දෙවල් එයාලම තමා දන්නෙ...ඔන්න ඔය බෑග් ටික එලියට ගන්න ඉක්මන්ට...කුකී යුන්ගි හ්‍යුන්ග්ව ඇහැරවන්න....."

ජින් තවමත් වාහනෙ ඇතුලෙ නිදාගෙන ඉන්න යුන්ගිව පෙන්වන ගමන් කිවා....කොල්ලො ටික ගෙදර ඇතුලට එනකොට ටියා සොෆා එකෙ ටේබල් එකෙ යට අහුරලා තිබුන එයා පාඩම් කරන පොත් ටික අස් කරන ගමන් හිටියෙ..ටියා ඉන්නවා දැකපු නම්ජුන් ටියා ලගට ගිහින් අත් දෙකත් සාක්කුවට දාන් කලබලෙන් පොත් අහුරගන්න ටියා දිහා බලන් හිටියා...පොත් ටික අහුරන් නැගිටිනකොටම එයා ඉස්සරහා තාප්පයක් ගහලා වගෙ හිටගෙන ඉන්න නම්ජුන්ව දැකපු ටියා බය වුන පාර ආපහු සෝෆා එකටම වැටුනා.....

" ඔප්පා ඔයා......"

" ඔව් මං....මොකද්ද ඔයා මේ කරන්නෙ...."

" ආහ් මෙකයි ඔප්පා අපි අද ආපහු ගෙදර යනවානෙ..ඉතින් මං මගෙ පොත් ටික ගත්තා...."

" ඇයි මේ හදිස්සියෙම යන්නෙ..."

" කොහොමත් අපි අදනෙ යන්න හිටියෙ ඔප්පා...හදිස්සියක් නෑ......"

" ම්ම් හරි...."

නම්ජුන් ටියාට ආපහු මොකුත් නොකියා එතනින් එහාට ගියා...නම්ජුන් යන දිහා බලන් හිටපු ටියා ආපහු පොත් ටිකත් අරන් සෝෆා එකෙන් නැගිටලා එයාගෙ රූම් එකට ගිහින් ඇදුම් අස් කරගත්තා...ඒ වගේම රූබි නිනී ශේහා තුන්දෙනත් එයාලගෙ ඇදුම් අස් කරගත්තා...ටියා නිනී ශේහා වගේම රූබිටත් ඕන වුනෙ තවත් කොල්ලො හත්දෙනට කරදරයක් නොවී ඒ ගෙදරින් පිටවෙලා යන්න...ඒ නිසම බෑග් ටික පුලුවන් ඉක්මනට ලෑස්ති කරගත්තු කෙල්ලො හතරදෙනා බෑග් ටිකත් උස්සන් පල්ලෙ තට්ටුවට ගියෙ කොල්ලො හත්දෙනාට සමු දිලා ආපහු එයාලගෙ ගෙවල් වලට යන්න හිතාගෙන...කෙල්ලො ටික යනකොට කොල්ලො හත්දෙනා සෝෆා එකේ වාඩිවෙලා කෙල්ලො ටික එන දිහා බලන් හිටියා...

Annoying girls and seven boys (Completed)Where stories live. Discover now