° Page 01 ° - ° PJM

2.2K 337 4
                                    


●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

එකමත් එක රටක ලස්සන පුංචි කුමාරියක් එයාගෙ තාත්තායි සහෝදරියො දෙන්නයි එක්ක ජීවත් වුනා...
තාත්තා ගොඩක් ධනවත් නිසා ඒ තුන්දෙනාම සැපෙන් ජීවත් වුනේ..

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●


"ජිමින් , එන්න බබා ඩෙසට් ගන්න .."

ජිමින්ගෙ අප්පා පහල ඉඳන් කතා කරද්දි ජිමින් ලිය ලිය හිටිය ඩයරි එක වහලා දාලා වේගෙන් පහලට දිව්වා..

හැමදාමත් වගේ සේරම ෆ්ලෙවර් වලින් අයිස් ක්‍රීම් වලින් මේසෙ ම පුරවලා තිබුනා.ජිමින් ගිහින් අප්පා ලඟින් වාඩි වෙද්දි එයාලාගෙ එහා කොන පේන් නැති තරම් දිග මේසෙ වටේට හිටන් හිටිය ස'වන්ට්ලා ජිමින්ට එයා ආසම චොක්ලට් අයිස් ක්‍රීම් පුරෝපු කප් එකක් දුන්නා.

එයාලාගෙ පාර්ක් මන්දිරයෙ හිටියෙ එයායි , අප්පයි , එයාගෙ අයියලා දෙන්නයි විතරමයි.කිසිම සිහියක් නැතුව ෆෝන් එක දිහා බලන් කස්ටඩ් පුඩින් කප් දෙකක් කන එයාගෙ සහෝදරයන්ට, ඉන්නෙ කොහෙද , කන්නෙ මොනාද කියන එක ගාණකට ගත්තෙ ම නෑ..

"මෙයා හොඳයිද...?" ටේහ්යන් එයාගෙ ෆෝන් එක යුන්ගිට පෙන්නුවා..

යුන්ගිත් ඒකට එබිලා හිනාවෙන්ම ටේහ්යන් දිහා බැලුවා..

"මාත් එයාව බලලා තිබ්බෙ...එයා හොඳයි.."

ජිමින් එයාගෙ සහෝදරයො දෙන්නා කතාවෙන ඒවා අහන් සද්ද නැතුව ඩෙසට් ගත්තා.ඒ කෙල්ලත් හරි කියලා ජිමින් ලොකු හුස්මක් යැව්වා.

මිස්ටර් පාර්ක් ඩෙසට් අරන් ඉවර වෙලා ලඟදිම ඕපන් කරන එයාගෙ හොස්පිට්ල් එක චෙක් කරන්න ගියාම ජිමින් කොලේජ් යන්න ලෑස්ති වුනා.ජිම්න් පහලට එද්දිත් එයාගෙ ඩ්‍රයිවර් කා එකේ දොර ඇරන් බලන් හිටියා.

කොලේජ් එකේ හැම කෙනාගෙ ඇස් තමන්ට ඇද ගන්න ජිමින්ට පුලුවන්..එයා ගොඩාක් ලස්සන , හුරතල් , හැමෝම එක්ක හිනා වෙලා කතා කරන , හිත හොඳ , පොහොසත්
කෙනෙක්...!

කුමාරයෙක් වගේ.....

●●●

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now