° - ° Page 54 ° - °

826 260 25
                                    


ජේකේ ආවෙ ජිමින්ව තුරුළු කරන් නිදියන්න වුනත් ජිමින්ට එයාලාගෙ කාමරේ දැක්කම එයාලා හදපු ඩ්‍රීම් කැචර් එක අල්ලන්න ඕනි වුනා..ජිමින් ඒ දිහාට අත දික් කරද්දි ජේකේ එයාවත් වඩාන වීදුරු ප්‍රංශ පන්නෙට හදපු දොරත් ඇරන් බැල්කනි එකට ගියා...

"ජේකේ..මං දන්නවා එදා කුරුළු පිහාටු ගාඩ්න් එක පුරා තැන් තැන් වල තිබ්බෙ ඔයා කියලා.."

ජිමින් ඒක අල්ලන ගමන් ජේකේගෙ කම්මුලට ලොකු කිස් එකක් දුන්නෙ එයාගෙ ලේ පිරිලාම තද රෝස වෙන කම්මුල් වල චූටි ඇස් ගිලිලා යද්දි..ජේකේ ජිමින්ගෙ ඇස් දිහා බලන් හිනා වුනා..

"කෝමද ඔයා දන්නෙ ඒන්ජල්..? මං ඔයා නිදි අතරේ ඒවා ගිහින් තිබ්බෙ..?"

"ඔයා නැතුව මට නින්ද යන්නෙ නෑ දැන්.." ජිමින් හිනා වෙවී ජේකේගෙ කම්මුල හපන්න ගත්තා.

"අනේ මගෙ හුරතලේ.."

ජේකේ ජිමින්ගෙ බෙල්ලෙන් කිස් එකක් තියලා ඈත අහස දිහා බලන්,  එයාගෙ ජීවිතේ සදහටම එයාගෙ ඒන්ජල් එක්ක සතුටින් ගෙවෙන්න ප්‍රාර්ථනා කලා..

ලාවට අඳුරු වීගෙන එන අහසේ තැඹිලි පාට ඉර ටිකක් ඈත තියන මුහුදෙ ගිලිලා යන හැටි ජිමින් දැක්කා...

"ජේකේ අපි හෙට බීච් යමු...?"

"හා මැණික..."

"අනිද්දට කෑම්ප් යමු..."

"හරි ඒන්ජල්....."

"මට චොක්ලට් සිරප් වැඩියෙන් දාපු ඩෝනට් ගොඩාආආආආරියක් ඕනි..."

"මගෙ බබාට මං ගොඩාආආආආරියක් ගෙනත් දෙන්නම්....."

"ජේකේ...? 🥺"

"ඇයි මැණික...?"

"ඇයි මට මේ තරම් ආදරේ..? ඔයා දන්නවා මට තිබුනේ මෙන්ටල් ප්‍රොබ්ලම්ම්ම්ම්ම්ම්ම්...."

ජේකේ ජිමින්ට කතා කරන්න නොදීම එයාගෙ කියවන රෝස පාට තොල් අල්ල ගත්තෙ එයාට ඒක අහන්න ඕනි නෑ කියන්න..ජිමින් මොකුත් ම නොකර ඇස් පියා ගත්තෙ ඒක ආත්මයෙන්ම විඳ ගන්න.කෙනෙක්ට එච්චර ආදරේ කළෑකිද?

ගැඹුරු සිප ගැනීමෙන් පස්සෙ ජේකේ ජිමින්ගෙ නළල උඩ කෙස් අතරින් ආයෙමත් එයාගෙ තොල් තියලා ජිමින්ගෙ මූණට එබුනා..

"ජිමින් අහන්න රෝස මල..මං ඔයාටයි ආදරේ කලේ..ඒ කිසිම දෙයක් මට වැඩක් නෑ...තේරුණාද? මං මගේ ඒන්ජල්ටයි ආදරේ...ඔයාට ඒක තිබුනත් නැතත්..! "

ජේකේ ජිමින්ව අරන් ම කාමරේට යද්දි දැන් කළුවර වැටිලා නිසා රේඩියම් තරු කාමරේ බිත්ති වල දිළිසුනා.

ජේකේ ජිමින්ව බිමින් තියලා ඇඳට නැගලා ජිමින්ට එන්න අත් දික් කලාම ජිමින් එදා වගේම හිනා වෙවී ඒ තුරුළට පැන්නා.ඊළඟට එයා පුරුදු විදියටම ජේකේගෙ ලොකු ටී ෂර්ට් එක අස්සෙන් රිංගලා ජේකේගෙ බෙල්ල ලඟටම ඇවිත් ඒ කරෙන් ම ඔළුව එළියට දාලා ජේකේ එක්ක හිනා වුනා..

"ඒනම් ජේකේ මං ඔයාට විහිළු කතාවක් කියන්නද..?"

"මොකද්ද බේබි..? "

"මට Schizophrenia තියන කොට ඔයාගෙ මේමයි මේමයි ලොකු කැපුම් කැළැල් දෙකක් මූණෙ තියනවා දැක්කා...මට සිහිය එද්දි ඒක ඔයාගෙ මූණෙ නෑ කියලා දැක්කම මං පුදුම වුනා..."

ජිමින් ජේකේගෙ ඇස් ලඟින් එයා දැකපු කැළැල් උඩ එයාගෙ ඇඟිලි තුඩු ගෙනිච්චා..

"මේ මගෙ මූණෙ කැපුම් කැළැල් තිබුනා..?"

ජේකේ පුදුමෙන් ඇස් ලොකු කරන් ජිමින්ගෙ මූණට එබුනා ම ජිමින් ඇස් හීනි කරලා හිනා වුනා..

"හ්ම්..මේමයි මේමයි..."

ජිමින් ආයෙත් ජේකේගෙ මූණෙ ඉරි ඇඳලා හයියෙන් හිනා වුනා..

"ඒක ඔයා මවා ගත්තද බෝලේ..?" ජේකේ ජිමින්ගෙ නහය චුට්ටක් මිරිකලා හිනා වුනා..

"මං හිතන්නෙ..මං ඔයාව රාක්‍ෂයෙක් වගේ මවාන.." ජිමින් හිනා වෙවී මූණ ජේකේගෙ පපුව අස්සෙ හංග ගත්තා..

"ඉතිං මැණික ඔයා මූණේ එහෙම කැළලක් තිබුන ජේකේට ආදරේ කලාද ඒ තරම්..?"

ජේකේ ජිමින්ගෙ නිකටින් මූණ උස්සලා එයාගෙ දිලිසෙන නිල් ඇස් දිහා බලන් හිටියා...

"මං ආදරේ ඔයාට ජේකේ..ඔයාට හිම බබාට වගේ කෝටු අත් තිබ්බත්...ජෝන් ආදිපාදතුමාට වගේ තක්කාලි නහයක් තිබ්බත්...ඔයාට විතරයි ආදරේ..."

















'ඔයා මගේ බියුටි නම් මං ඔයාගෙ බීස්ට් වෙන්නම්..'

'ඔයා මගේ බීස්ට් නම් මං ඔයාගෙ බියුටි වෙන්නම්...'



●●●

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now