° Page 24 ° - ° PJM

953 307 12
                                    


song recommendation -
Back in Time
( Korean song  - moon embracing the sun)

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

          
තාමත් කරුවල අහස දිහා බලන් හිටිය පුංචි බියුටි මාලිගාවෙ බැල්කනියට ගියා..

අහසම හරිම ලස්සනයි..පුංචි තරු කැට වගේම තැනින් තැන දිළිසෙන කණාමැදිරියො දිහා කුමරිය දීප්තිමත් ඇස් එක්ක බලන් හිටියා..පුංචි තරු කැටයක් අනිත් තරු වලින් වෙන් වෙලා පහලට පියෑඹුවා.එයා පස්සෙ කුමරියගෙ ඇස් දිව්වා...ඒවා නතර වුනේ...

රෝස මල් උද්‍යානයෙ රෝස මල් වලට වතුර දාන රාක්‍ෂයා ළඟ!

කුමරිය පුදුමෙන් සද්ද නැතිව උද්‍යානයට යද්දි රාක්‍ෂයා කලබලයෙන් යන්න හැදුවා...

"ඉන්න..!"

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●
          

ජන්කුක්ගෙ ඇස් වැහෙන්න Gold Masquerade Mask එකක් තිබුනත් එයාම හපාන වේදනාව දරා ගන්න  තොල් ජිමින් හොඳටම දැක්කා..එයා ජේකේට ලං වෙද්දි ජේකේ පියාන හිටිය ඇස් ඇරියා..

එයා ඉස්සරහ හිටිය පුදුමෙන් ඇස් ලොකු කර ගත්ත පුංචි සුරදූතයා දැක්කම ජේකේ ගොඩක් කළබල වෙලා එයාගෙ මූණ හංගගන් අහක බලන් එතනින් යන්න හැදුවත් ජිමින් ඉක්මනට කතා කලා...

ආයෙ නම් මග ඇර ගන්න බෑ ජිමින්...

"ජේකේ..! ඉන්න.."

ජිමින් කියද්දි එයාව පහුකරන් ගිය ජේකේ හිටපු තැනම ගල් ගැස්සුනා..එයාගෙ ඒන්ජල් එයාට කතා කලා...වචන දෙකක් කතා කලා..එයාට ඒ හොඳටම ඇති ගල් වෙන්න..

ජිමින් ආයෙ හැරිලා ජේකේ ඉස්සරහට ගිහින් හිට ගත්තා..ජේකේගෙ ඇස් එක්ක කැපුම් සළකුණු ජිමින්ට Masquerade එක නිසා  නොපෙනුනත් එයා ජේකේගෙ අතේ කැපුම හොඳටම දැක්කා..ජේකේ ඒක දරා ගන්න හැටි එයා හොඳටම දැක්කා..

ජිමින් එයාගෙ චූටි අත ජේකේගෙ අතට හෙමීට දික් කලා..ජේකේ ඇස් පුදුමෙන් එයා දිහා ම බලාන හිටියා..

ජිමින්ගෙ සිනිදු ඇඟිලි තුඩු එයාගෙ අත ස්පර්ශ කරද්දි ජේකේව හිරිවැටෙනවා එයාටම දැනුනා..

"රිදෙනවද....."

ජේකේගෙ ලේ බිංදු දැක්කම ජිමින්ගෙ ඇස් වල කඳුළු පිරුණා...ජේකේ ජිමින් දිහාම බලන් හිටියා.තත්පරෙන් වෙනස් වන එයාගෙ හැඟීම් දිහා බලන් හිටියා...

"හ්ම්...ගොඩක්..."

ජිමින් නිල් ඇස් වල කඳුළු කම්මුල් වලට වැටෙන්න ඉඩ ඇරලා නිශ්ශබ්දව සුසුම් යැව්වා..එයාට දැනුනා එයාගෙ කම්මුල්වල කඳුළු සිනිඳුවට පිහින ඇඟිලි තුඩු...

"රිදෙනවා ගොඩක්..ඒ නිසා අඬන්න එපා ඒන්ජල්...."

ඒක විතරමයි රිදෙන්නෙ...ඔයාගෙ කඳුළු මාව රිද්දනවා..

●●●

Jk's Masquerade

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jk's Masquerade

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now