° Page 15 ° - ° PJM

948 302 3
                                    

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

පුංචි කුමාරි ඇස් ලොකු කරන් බලද්දි එතන කවුරුත් හිටියෙ නෑ...

"මාව හොයන්න එපා බියුටි...මං ඔයා ඉස්සරහට එන්නෙ නෑ...ඔයාට තියෙන්නෙ මට පේන්න ඉන්න විතරයි..."

ඒ කටහඬ කතා කලා...කුමාරිකාව මොන තරම් හෙව්වත් කිසිම දෙයක් එයා දැක්කෙ නෑ....

"ඔ...ඔයා කවුද...මට පේන්න එන්න..."එයා මිමිණුවා..

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

"ඔ..ඔයා කවුද..? ඇයි මාස්ක් එකක් පිටිපස්සෙ හැංගෙන්නෙ.."

ජිමින් එයා ඉස්සරහ හිටිය මනුස්සයා දිහා බලන් හෙමින් කිව්වා..එයාගෙ කටහඬ එයාටම ඇහෙන් නෑ....

"දැන්ම නෙවෙයි ඒන්ජල්..දැන්ම නෙවෙයි.....දැන් ඔයා මං ලඟින් හිටියොත් ඒ හොඳටම ඇති...මේ ගේ ඔයාගෙත් ගේ දැන්...පුංචි ඒන්ජල් කැමති විදියට ඉන්න...හැබැයි මෙහෙන් පැනලා යන්න හිතන්නවත් එපා..!"

එයා කියලා ඊළඟට ආපහු හැරුනෙ පඩිපෙළ නැගලා එයාගෙ කාමරේට යන්න වුනත් ජිමින් එයාට ආයෙ කතා කලා..

"මං...මං...ඔයාට කොහොමද කතා කරන්න ඕනි..මිස්ටර්......?"

"ජේකේ කියන්න....හැමෝම දන්නෙ එහෙමයි..එතකොට ඔයා ජිමින්...? මං හරිනෙ..? යන්න ඒන්ජල් ඔයාගෙ රූම් එක අරක.."

ජේකේ ජිමින් දිහා නොබලම කියලා අත දික් කලේ පල්ලෙහා තට්ටුවෙම රූම් එකකට.ජිමින් ඒ දිහා බලද්දි ජේකේ එයාගෙ කාමරේට ගිහින් දොර වහ ගත්තා...

ජිමින් ප්‍රධාන දොර දිහා බැලුවෙ නිකමට වගේ...එයා අමාරුවෙන් උනත් මේ මර උගුලෙ ඉන්න හිත හදා ගත්තා.

එයාගෙ අප්පා වෙනුවෙන්....විතරක්ම..

●●●

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now