° Page 27 ° - ° PJM

923 305 35
                                    

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

පුංචි කුමාරි දන්නවා එයාගෙ රෝස උද්‍යානයට ටිකක් එහා තියන වනාන්තරයට රාක්‍ෂයා යනවා කියලා..

එයා ඒ නිසයි අද රෝස උද්‍යානෙට හොරෙන් ගියෙ..ඒත් සුදු රෝස වැටිය පහු කලොත් විතරයි ඒ වනාන්තරේට යන්න පුලුවන්...රාක්‍ෂයාට ලොකු තටු දෙකක් පිටේ තිබුනට කුමාරිට යන්න උනේ සුදු රෝස පඳුරු අස්සෙන්...

එයා එයාගෙ සිනිඳු යටිපතුල් රෝස පඳුරු අතරින් තියද්දි අත් වලින් රෝස අතු ඈත් කලා...

ඒත් ඒ රෝස..........

ලස්සන වගේම ඒවගෙ කටු සැර වැඩී...
පුංචි කුමාරිට ඒ කටු වල සැර වැඩී..

රාක්‍ෂයා කුමාරිය දකිද්දි....

එයාටත් ඒ කටු එයාගෙ හදවතේ කිඳා බහිනවා දැනුනා..

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

_ Jimin pov _

"ජි... ජි..මින්........................"

"ජිමින් මගෙ ඒන්ජල්................"

"නෑ..නෑ...නෑ..මට කියන්න එපා ඔයා පැය ගාණක් මෙතන හිටියා කියලා නම් මැණික..."

"කතා කරන්න ජිමින්....දෙවියන්ගෙ නාමෙන් කතා කරන්න.........ජිමින්.........මැණික"

".......මොකද්ද මෙතන කරන්නෙ ආ..ඇයි සීතලේ එලියට ආවෙ? මං එනකන්ද..?මේ සීතලේ ඇයි මං එනකන් බලන් හිටියෙ..මැණික..."

කවුරු හරි මාව තුරුළු කරන් කෑ ගහනවා. . . . . ඒ ඔයා... . . ඔයා අඬනවා...

මට ඕනි ඔයා එක්ක කතා කරන්න..මට ඕනි ඔයාට දෙයක් කියන්න...ඒත් මට බෑනෙ..

මට ඇස් අරින්න ඕනි ඒත්..මට බෑනෙ ජේකේ..මගෙ පපුව රිදෙනවා..හදවත ගැලවිලා වගේ..මගෙ පපුව අත ගාන්නකො...මගෙ හදවත රිදෙනවා...මට....මට .....හුස්ම ගන්න බෑ ජේකේ. . . . . . . . . . . . . . . . . . . . . .

මට කියන්න ඕනි.....

අඬන්න එපා..මැණික..ඔයාට අසනීප වෙයි.....

_ Jimin pov end _

ජේකේ ජිමින්ව අත් අතරට අරන් ඇතුළට දුවන් ගියෙ කඳුළු කැට මූණ පුරාම ගලාන ගිහින් ජිමින්ගෙ මූණ උඩටත් වැටෙද්දි...

ඒත් ජිමින් ඇස් ඇරියෙ නෑ....

එයා ගැඹුරු නින්දක..එයාට මහන්සී..එයා සති ගාණක් තනියම ආදරේ කලා....

ඒත් රාක්‍ෂයාටත් මහන්සි ඇති නේද...එයත් තනියමයි ආදරේ කලේ.....

ජිමින් ඇස් අරින්නකො මගේ ඒන්ජල්....

●●●

මං කතාව අදිනවා නෙවෙයි ළමයි..
මට ඕනි ඔයාලගෙ හාට්ස් ටච් කරන්න...🥺❤
ඒ වගේම මං හිතනවා මං ඒක කරනවා කියලා...❤
මේක Happy Ending වෙයි...
ඒත් ඉවර වෙන දවස මං දන්නෑ..
Sorry ❤🥺

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now