° Page 31 ° - ° PJM

954 297 37
                                    

song recommendation -

I see you monster
( English )

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●
          
රාක්‍ෂයා පුංචි කුමාරිය කිව්ව දෙයින් පුදුම වුනත් එයා එයාගෙ පැත්තට හැරෙන්න ගත්තා.රාක්‍ෂයාට වුනත් කුමරියගෙ මුහුණ දකින්න ඕනි හද ගැහෙන්න නම්....

රාක්‍ෂයාගෙ දුඹුරු ලොම් පිරුණ මුහුණෙ කළු පාට ලොකු ඇස් ගිලිලා තිබුනා..එයාගෙ කන් දෙක පහලට කඩන් වැටිලා තිබුනෙ එයා ඉන්නෙ දුකෙන් නිසා..

කුමරිය ඒ මුහුණට අත ගෙනිහින් ඒ ලෝම අතරින් එයාගෙ ඇඟිලි දිග හැරියා...

"සිනිඳුයි....."

කුමරිය හිනා වෙද්දි එයාගෙ කම්මුල් ලස්සනට වල ගැහුනා..රාක්‍ෂයා තාමත් පුදුමෙන් බලන් හිටියා..

"හුරතල්..ලොකු පූසෙක් වගේ..."

කුමරිය ආයෙත් හිනාවෙන ගමන් රාක්‍ෂයාගෙ කන පිටි පස්සෙ ලොම් පිරිමදිද්දි රාක්‍ෂයා නොදැනීම 'පුරු පුරු' හඬක් පිටකලා..

රාක්‍ෂයා පුංචි කුමාරිය ඉස්සරහ හීලෑ වුන කොටියෙක් වගේ..

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●
          

"ජි...ජිමින්.."

ජේකේ අමාරුවෙන් අකුරු ඇමිනුවෙ ජිමින් Masquerade එක උඩින් එයාගෙ ඇඟිලි කන් වලට අරන් යද්දි..ජේකේට තේරුනා ජිමින් ඒක අයින් කරන්න යන්නෙ කියලා.

ඒ හින්දා ජේකේ ඉක්මනින් Masquerade එක උඩ තිබුන ජිමින්ගෙ අත උඩින්ම අත තිබ්බෙ ' එපා ' කියන්න ඔළුව දෙපැත්තට වනන ගමන්. එයා ජිමින්ගෙ අත එයාගෙම කම්මුල් වලට තද කලා.

ඒත් ජිමින් කඳුළු අතරින්ම හිනා වුනා.

"ඔයා මං ඉස්සරහ වෙස්මූණක් පිටිපස්සෙ ඉන්න ඕනි නෑ..." ජිමින් ඒ හිනාවෙන් ම මිමිණුවා..

ජේකේ ඒ ඇස් දිහා බලද්දි ඒ නිල් ඇස් දියමන්ති වගේ දිළිසුනා විශ්වාසයෙ පාටින්.ජිමින්ට දැනුනා එයාගෙ අත උඩ තදවුන ජේකේගෙ අත ලිහිල් වෙනවා..

ජිමින් Masquerade එක ජේකේගෙ ඇස් වලින් ගලවද්දිත් ජේකේ ජිමින්ගෙන් ඇස් අහකට ගත්තෙ නෑ..එයාම හිතා ගත්තා ජිමින් එයාගෙ  බය හිතෙන මූණ දැකලා ගැස්සුනොත් ආයෙ Masquerade එක පිටිපස්සට යනවා කියලා..

ඒත්..ජිමින්ගෙ ඇස්වලවත් ගැස්මක් වුනේ නෑ ජේකේගෙ කැපුම් සළකුණු දකිද්දි.ජේකේ ඒක හොඳට ම දැක්කා වගේම පුදුම වුනා...

එයා ඇස් ලොකු කරන් බලන් ඉද්දි ජිමින් එයාගෙ චූටි ඇඟිලි තුඩු ඒ වේළිලා ගිය කැපුම් සළකුණු උඩ ගෙනගියා..ජේකේ මොහොතකට ඇස් වහන් ඒ සිනිඳු ඇඟිලි සලකුණු වින්දා..

"ජිමින්.."

"ම්ම්......"

"මාව දැක්කම බය හිතෙන්නේ නැද්ද...ඔයාට මාව අප්..."

"ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්...!!!"

ජිමින් එයාගෙ එක අතක චූටි ඇඟිල්ලක් එයාගෙම තොල් වල හරස් කරලා අනිත් අතේ චූටි ඇඟිල්ලක් ජේකේගෙ තොල් අතර හරස් කලා..

"ඒවා මගේ දැන් ඉඳන්...."

ජිමින් මිමිණුවෙ ඒ කැපුම් සළකුණු යන්තම් බේරපු ජේකේගෙ කළු පාට දිළිසෙන ඇස් දිහා බලන්.ඒ අහිංසක ඇස් දැක්කම  එයාට දැනුනා එයාගෙ ඇස් වල කඳුළු ආයෙ අළුත් වෙනවා..

"ජේකේ මට සමාවෙන්න..මං ඔයාට නපුරු විදියට බැන්......."

"ෂ්ෂ්ෂෂ්ෂ්ෂ්...!!!"

ජේකේ ජිමින්ගෙ රෝස තොල් මත එයාගෙ ඇඟිල්ලක් හරස් කරලා නැවැත්තුවා...

"ඒවා මගේ...ඔයාගෙ කඳුළු.ඒවා නිකන් වට්ටන්න එපා..මං වට්ටන්න දෙන්නෙත් නෑ....ඔයා මගේ ඒන්ජල්..මගෙ එකම ආදරේ..."

●●●

I saw new people reading this book of mine.😘
So I'm just saying this...🙃

It's not a comic book

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

It's not a comic book.But it will soothe your aching heart. I recommend that book if you want to laugh..🥰

Only if you like..!🌷❤

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now