° Page 46 ° - ° PJM

813 266 50
                                    


song recommendation -

Isa - Andro Andro Sonnaya Lunnaya

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

එකපාරටම ඇරුණ දොරින් කුමරියගෙ එක සහෝදරියක් කෑම දෙන්න උත්සාහ කරද්දි එයාවත් පසෙකට තල්ලු කරපු පුංචි කුමරිය වේගයෙන් එළියට දිව ගියා...

'ඉන්න ඇඩම්...කරුණාකරලා..අනේ මට ටික වෙලාවක් දෙන්න......'

එයා අයදින ගමන් කැලෑව මැදින් දිව ගියා...

රාක්‍ෂයාගෙ රෝස උද්‍යානයේ මැද මාලිගාවට එයා දිව යන්න ගියත් එක වරම දැක්කෙ රතු රෝස පඳුරු මැද වැටී සිටි රාක්‍ෂයාටව..එයා රාක්‍ෂයා ලඟ දණින් වැටුනා..

"ඇඩම්......! ඇඩම් අනේ ඇස් අරින්න..කරුණාකරලා...අනේ..බලන්න මා දිහා....... "

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

ජිමින් එයාගෙ අතේ තියාන හිටිය වීදුරු කටුව දිහා බැලුවා..ඊළඟට එයා ආයෙත් බිත්තියේ ඔරලෝසුව දිහා බැලුවා....තව පැය හතරයි ඉතිරි....


ඒ ප්‍රාන්තයට යන්න පැය හතරක් යනවා...මේක...අවසාන අවස්ථාව කියලා ජිමින් දන්නවා........

එයා යටි තොල් හපාන වීදුරු කටු කෑල්ල එයාගෙ අනිත් අනේ මැණික් කටුව මත තද කරන්න ගත්තා..ජීවිතේ පළවෙනි පාරට එයා එයාගෙම ලේ දකින්න උත්සාහ කලා..එයාට කාමරෙන් එළියට යන්න...ජේකේ ළඟට...

"ආආආආආආආආහ්හ්හ්....."

ජිමින්ට කෑ ගැස්සුනා..එයාගෙ සුදුපාට අත්ල දිගේ ලේ ගලාන ගියා..එයාගෙ අතින් වීදුරු කටුව බිම වැටිලා ගියා...ලේ දකින්නවත් අකමැති පුංචි ඒන්ජල් එයාටම රිද්දන් කකුල් පණ නැතුව පොළව උඩ කඩන් වැටුනා..

ඒ එක්කම එයා දැක්කා එයාගෙ කාමරේ දොර ඇරිලා එයා ළඟට දුවන් එන ටේව! එයා දුවන් ඇවිල්ලත් මග ගැස්සිලා නැවතුනේ ජිමින්ගෙ අතින් ලේ ගලාන යනවා දැකලා...

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now