° Page 21 ° - ° PJM

940 305 24
                                    

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

එදයින් පස්සෙ රාක්‍ෂයා පුංචි කුමාරිය ඉස්සරහට ආවෙ නෑ...

දවසක්...දෙකක්...සතියක්.....

කිසිම වෙලාවක කුමරියගෙ කන් වලට රාක්‍ෂයාගෙ වචනයක්වත් , ඇස් වලට රාක්‍ෂයාගෙ හෙවනැල්ලක්වත් පෙනුනෙ නෑ....

දැන් පුංචි කුමාරිට එයාව දකින්න ඕනි වුනා...

ඒත් රාක්‍ෂයා එයා දිහා බලන් හිටියා විතරයි..
ඇතින්...........

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

ජිමින් මැන්ශන් එකේ බැල්කනියට බර වෙලා වැලමිට තියන් කම්මුල් අත් මත රඳවන් ඈත පේන දිලිසෙන තරු දිහා බලන් හිටියා.රෑ සීතල ජිමින්ට කා වැදුනත් එයාට හිතන්න දේවල් තිබුනා.

"හ්ම්...දවස් තුනක්නෙ...කොහොමද එයා එළියටවත් නොඑන්නෙ..."

.
.
.

පළවෙනි දවස...

ජිමින් හෙමින් දොරෙන් එබුනෙ එයාගෙ නිල් ඇස් වැහෙන්න නළලට වැටුන කොණ්ඩෙට ඇස් කරකවලා පිඹින ගමන්...එයා ඇඟිලි තුඩු වලින් ඩයිනින් රූම් එකට ගිහින් චොකලට් කේක් කෑල්ලක් ලොකු හදිස්සියකින් කාගෙන ගියා..චොකලට් කට වටේම ගාගෙන..

ජිමින් පිටිපස්ස හැරිලා බැලුවා.....නෑ..කවුරුත් නෑ....

ජේකේ ඈතට වෙලා හිනා වුනා...ලඟට යන්න බැරි නිසා.

.
.
.

දෙවනි දවස...

ජිමින් බෝල ඇස් වලින් වටේම බලලා ලිවින් රූම් එකේ ලොකු චිත්‍රයකට එබුනා..කළු සුදු චිත්‍රේ කිසිම වර්ණයක් නෑ..ඒ හිටිය කෙනා ධනවත් කෙනෙක් වගේ..ඒත් නපුරු පාටයි..

ජිමින් කට කොනින් හිනා වෙලා කාමරේට දුවන් ගිහින් පේන්ට් බොක්ස් එකක් අරන් ආවා..ඒ කෙනාගෙ තොල් වලට උඩින් රතු පාටින් රැව්ලක් ඇන්ද ජිමින් බෙල්ලත් ඇල කරන් බලන් හිටියා.ඊළඟට නහය උඩින් ලොකු රතු බෝලෙකුත් ඇන්දා..

"හික්ස්...දැන් හරි..ජෝකර් කෙනෙක් වගේ..." ජිමින් බිම පෙරළිලා හිනා වෙන්න ගත්තෙ ඇස් පිරුණ කම්මුල් වල ගිලිලා යද්දි..

ජේකේ ලස්සන හිනාවකින් එයාගෙ ජීවිතේ පාට කරන ඒන්ජල් දිහා බලන් හිටියා..

.
.
.

තුන් වෙනි දවස...

ජිමින් වේගෙන් ලිවින් රූම් එකේ දිව්වා..සෝෆා එකේ බම්ප් වෙන ගමන් උඩ පැනලා හිනා වුනා..එක පඩියකින් ඊළඟ පඩියට පැන පැන ඇවිත් ටීවි  එක ගොඩක් සද්දෙන් දැම්මා...

.
.
.

ඒ නිල් ඇස් වලින් කාගෙදෝ තද කළු ඇස් නිතරම හෙව්වා...

පුංචි පුංචි හුරතල් වැඩ වලින් කාගෙදෝ අවදානයක් දිනා ගන්න උත්සාහ කලා...

තොල් උල් කරලා තනියම අහන ප්‍රශ්න කාගෙදෝ කටහඬකින් උත්තර පැතුවා..

එයා දන් නැති වුනාට...
එයාට ලං වෙන්න බැරි කෙනෙක් ඈත ඉඳන්...

ඒ නිල් ඇස් හැම තත්පරේම බලන් හිටියා..

ඒ හුරතල් වැඩ ඕනිවටත් වඩා ඒ කෙනාගෙ අවදානෙ හොරකම් කලා...

ඒ හැම ප්‍රශ්නයකටම හිනා වෙවී උත්තර දුන්නා...

නෑසෙන , නොපෙනෙන, නොදැනෙන දුරක ඉඳන්..

●●●

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now