° Page 09 ° - ° PJM

963 309 6
                                    


●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

ත් එයා නොදැන හිටිය දෙයක් තිබුනා..හැම මොහොතෙම එයා දිහා රතු පාට ඇස් දෙකක් බලාගෙනයි හිටියෙ...අන්තිමට එයා රතු රෝස මලක් අරන් එහෙන් යන්න හදද්දි ඒ ඇස් වල අයිතිකාරයා කතා කලා...

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●


"ඇත්තටම මං ආවෙ මගෙ දරුවා වෙනුවෙන් දෙයක් ඉල්ලන්න..මට ඒක Jk එකේ ඕනර්ගෙන් තමයි ඕනි..."

සේරම ඩොකියුමන්ට්ස් වල වැඩ ඉවර වුනාම මිස්ටර් පාර්ක් කතාවට ආවෙ ඇත්තටම එයා ආව හේතුව තාම කම්ප්ලීට් වුනේ නැති නිසා..

"සර් මොකද්ද වෙන්න ඕනියි කිව්වෙ..? මොකක් හරි පොතක් ගැන නේද ඇහුවෙ..?"

"ආ ඔව්..මට ඕනි little prince 1943 Original Book එක French වලින්..ඒක මං හිතන්නෙ තියෙන්නෙ ඔයාලගෙ CEO ලඟ විතරයි..." මිස්ටර් පාර්ක් සෙකට්‍රිට කියලා අතේ තිබුන බීම වීදුරුව තොල් ගෑවා.

"මං දන්නවා මිස්ටර් පාර්ක්..ඒත් මට කියන්න තියෙන්නෙ මට සමාවෙන්න කියලා විතරයි...ඇත්තටම මට ගොඩක් සමාවෙන්න...."

සෙකට්‍රි හිටපු ගමන් එහෙම කියලා සේරම ෆයිල් ටිකත් අරන් ඔෆිස් රූම් එකෙන් එලියට ගියෙ ආචාර කරලා..කිසිම දෙයක් කියා ගන්නවත් මිස්ටර් පාර්ක්ට බැරි වුනා...

එයාත් එලියට යන්න හැදුවෙ ඒත් එයා දැක්කෙ ඒ ස්ටූල් එක උඩ තිබුන පොතක්..ඒක දැක්ක ගමන් එයාට අඳුර ගන්න පුළුවන් වුනා.මොකද එයා ගොඩ සැරයක් ඒක ගූගල් සර්ච් කරලා හොයලා බැලුවා.

ඒක තමයි ජිමින්ට ඕන වුන පොත...

මිස්ටර් පාර්ක් හිතුවෙ ඒක එයා වෙනුවෙන් සෙකට්‍රි තියලා යන්න ඇති කියලා.ඉතිං එයා ඒක ගත්තා.ඒත්...
පාරට එයාට ඇතුළෙන් ඇහුනෙ ගොරෝසු ඒ වගේම බය හිතෙන කටහඬක්...

දෙයක් ගත්තාම ගෙවන්න ඕනි නේද මිස්ටර් පාර්ක්..?

●●●

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now