° - ° Page 55 ° - °

827 256 16
                                    

"මෙයා හරිම ලස්සනයි.ඒත් මං මීට කලින් රයිඩ් කරලා නෑනේ...මෙයා මාව එක්ක යයිද?"

ජිමින් ඇහුවෙ ජේකේගෙ ග්‍රවුන්ඩ් එකට ගෙනත් හිටිය අශ්වයෝ දෙන්නාගෙන් සුදුම සුදු එක්කෙනෙක්ගෙ ඔළුව අත ගාන ගමන්.

"එයා අකමැති වෙයිද ඒන්ජල් කෙනෙක්ව පිටේ තියන් යන්න.ඒම නේද 'බියුටි'...?කෝ නගින්නකො..."

ජේකේ ජිමින්ව උස්සලා බියුටිගෙ පිටෙන් තිබ්බා ම ජිමින් හයියෙන් බියුටිව අල්ල ගත්තා.ඊලඟට ජේකේ කලේ තනි කළු පාට අශ්වයෙක් වුන 'බීස්ට්'ගෙ පිටට නැගපු එක.

"ජිමින් මෙයා බීස්ට්..ඔය ඉන්නෙ බියුටි.." ජේකේ හිනා වෙලා එයාගෙ අශ්වයා ව ජිමින් ගාවට ගෙනිච්චා.

"ඒ නම් ඔයා කලින් ඉඳලම දාලා තිබුනද..?" ජිමින් ඇස් ලොකු කරන් ඇහුවාම ජේකේ ආයේ හිනා වුනා..

"නෑ..දැන් දැම්මෙ.."

ජේකේ හෙමීට බීස්ට්ව ඉස්සරහට ගෙනියද්දි බියුටි ජිමින්වත් අරන් ජේකේගෙ පස්සෙ යන්න ගියෙ පුරුද්දටද....නැත්තම් බියුටිත් හිතුවද දන්නෙ නෑ ඒ දෙන්නව එකට තියන්න ඕනි කියලා....

ග්‍රවුන්ඩ් එකෙන් එළියට තිබුන පාර දිගේ හෙමීට ගිය අශ්වයො දෙන්නා සෑහෙන දුරක් ආවා..ජිමින්ට පුරුදු නැති හින්දා ජේකේ ගොඩාක් හෙමින් තමා ගියෙ...

"ඒන්ජල්...ඔයා ආසද හුළඟ කපාගෙන වේගෙන් දුවන්න..?" ජේකේ ඇහුවෙ හෙමින් පිටි පස්සෙන් ආව ජිමින්ගෙන්...

"ම්..හ්ම්...ඒත් මට තාම බෑනෙ..." ජිමින් තොල් උල් කරලා තද කරලා බියුටිව අල්ල ගත්තා.

ජේකේ නතර වෙලා අශ්වයාගෙ පිටෙන් බැහැලා ආවෙ ජිමින් ළඟට.එයා ජිමින්වත් අල්ලන් බියුටිගෙ පිටට නැග්ගා..ගොඩක් ශක්තිමත් අශ්වයෙක් වුන බියුටිට ඒක ප්‍රශ්නයක් වුනේ නෑ... එක අතක් ජිමින්ගෙ ඉණ වටේ යවපු ජේකේ එයාව තමන්ගෙ පපුවට තද කර ගත්තෙ චූටි බබෙක්ව අශ්වයා පද්දන්න එක්ක යන්න වගේ...

අනිත් අතින් ජිමින්ගෙ අත උඩින්ම ලණුව අල්ල ගත්තා..ජිමින්ට චූටි හිනාවක් ගියේ එයාට ජේකේගෙ හදවත හයියෙන් ගැහෙනවා දැනද්දි....

"ඔන්න අපි යනවා මැණික..අල්ල ගන්න...."

ජේකේ ගොඩක් වේගෙන් බියුටිව පැදෙව්වා...බීස්ට් එයාලා පස්සෙන් දුවන් ආවා..සුළඟ කපාගෙන ඒගොල්ලො සුදු අශ්වයෙක්ගෙ පිටේ ඉස්සරහට දුවද්දි ඒක හරිම ලස්සන දසුනක් වුනා..ජිමින් කවදාවත් විඳලා නැති ආස්වාදයක් විඳිද්දි ජේකේ හිතුවෙ හැමදාම මෙහෙම ගෙවෙනවා නම් කියලා..

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now