03. හිස් කාලය

205 51 48
                                    

කන්න බොන්න අමාරු ඔක්කොමත් එක්ක මම ආයම බෝඩිමට ආවා. මට තිබුණේ morning sickness ම නෙවෙයි evening sickness එකක්. බහුතරයක් උදේට වමනය කරද්දි මට ඔක්කොම වෙන්නෙ හවසට.
අම්මලා වෙනම තැනක ඉඳලා මට කන්න උයාගෙන ආවා. ඒ දවස්වල කන්න බෑ ඉතින්, අම්ම උයන රස කෑම වුණත්. තුන් වේලම අම්මා උයලා ගේනවා. යාලුවාටත් එක්ක. ඒ අතරට මම කන්න ආස කේක් වගේ ඒවත් අරන් එනවා.

ඒ දවස් ගෙවුණේ කොහොමද කියලා මම දන්නේ නෑ. අන්තිමට විභාගෙට කලින් දවසත් ආවා. මුලින්ම තිබුණේ කායික රෝග/ medicine paper එක, උදේ mcq ( බහුවරණ )  හවස රචනා... ඔය විදියට එකළඟ දවස් හතරකින් විභාගයම ඉවර වෙනවා.

Medicine paper එකට කලින් දවසේ රෑ දහයට විතර කොහේදෝ ඉඳලා මතු වුණ ගෙම්බාව නම් මට අමතක වෙන්නේ නෑ. මට කොහොමත් විශාල ගෙඹි ෆෝබියා එකක් තියෙනවා කියලා මාව කියවන අය නම් දන්නවා. මගේ වෙලාවට ගෙම්බත් මට හරහට, එයත් ඇවිත් ළැගුම් ගත්තේ මගේ පේපර්ස් දාලා තිබුණ පෙට්ටියක් අස්සේ. මම ඉතින් රෑ බලන්න හිටිය නෝට්ස් ටිකත් අරගෙන නෙට් එක අස්සට වෙලා තමයි අන්තිමට පාඩම් කළේ. ගෙම්බා නෙට් එක හරහා ඇවිත් මට කරදර කරන එකක් නෑ කියලා හිතලා මම හිත හදාගත්තා.

දවස් හතර හැරෙන පරක්කුවට ඉවර වුණා. හැමදාම හවස පේපර් එකේ බාගයක් ලියද්දි මට washroom යන්න ඕනේ වගේ, ඒ තරම් සති ගානකුත් නැතුව එහෙම දැනෙන්න හේතුවකුත් නෑ, මම හිතන්නේ තිබුණ බයට වෙන්න ඇති. විනාඩියක්වත් පේපර් එකෙන් ඔලුව උස්සන්න බැරි එකේ, විනාඩි දහයක washroom break එකක් ඉල්ලන්න පුලුවන් ද... කාගෙන ලිව්වා.... වෙන විකල්පයක් නෑ කියලා දන්න නිසා.

අන්තිම දවසත් ආවා... හැමෝම සතුටින් , ඔව් විභාගය අවසන් වීම ගැන කවුද අසතුටු. හැමෝටම විවිධ සැලසුම්, එදා රෑ ඉඳලම පාටි.

මාත් ඉතින් අනාගතය ගැන නොහිතා , යාලුවෝ එක්ක ෆොටෝ ගත්තා, කතා කළා, සතුටු වුණා... මට කියන්න ඕනෙ වුණත් ඒ ගැන කියන්න බය හිතුනා. වෙලාව ආවම කියනවා. මම හිත හදා ගත්තා. මගෙ සායනික කණ්ඩායමේ අන්තිම කාලෙ පාඩම් කරන්න සෙට් වුණ යාලුවෝ තව හතර දෙනෙක් හිටියා. කෙල්ලොම හතරක්, එයාලා එක්ක වුණත් මම මේ ගැන කීවෙ නෑ.

අපිට මේ ලියන විභාගය තිබුණෙ අපේ ෆැකල්ටි එකේමයි. ඒක ඉවරවෙලා අම්මලා එක්ක එනගමන් අලුතින් කෘෂි විද්‍යා පීඨයේ දාලා තිබුණ හෙළ බොජුන් එකෙන් කෑමත් කාලයි ආවෙ. එදානම් මම හිතන්නෙ පීඩනය අඩු වුණ නිසාම පොඩි කෑම පිරියක් තිබුණා මට.

සීමාවාසික අම්මා [COMPLETED]Where stories live. Discover now