13. පූර්ව ප්‍රසව

104 31 14
                                    

ඉතින් මම පූර්ව ප්‍රසව කොටස සහ පසු ප්‍රසව ඒකකය කියන කොටස් දෙකම බලන්න පටන් ගත්තා. උදේ 5.30ට ඉන්න අම්මලා හැමෝම බලන්න ඕනෙ, ඒ අතරෙ අම්මලගෙ පටි බලන්න ඕනේ, බබා ලැබෙයි කියලා හිතන අයව සූතිකාගාරයට යවන්න ඕනෙ.

උදේ රවුන්ඩ් ඉවර වෙලා ශල්‍යාගාර ලයිස්තු යවන්න ඕනෙ, ලේ බැංකුවට ලේ වෙන් කරන්න යවන්න ඕනෙ, බට දාන්න ඕනෙ... එකී මෙකී නොකී සීයක් රාජකාරි.

ඒ කාලෙ අපේ ඒකකයේ අපිටම කියලා හිටියේ එක ජේෂ්ඨ වෛද්‍ය නිළධාරි අයියා කෙනෙක් විතරයි , එයා ගොඩා....ක් ජේෂ්ඨ කෙනෙක්, එයාට ඉතින් වේගෙන් වැඩ කෙරෙන්න ඕනෙ. නැත්තම් කෑ ගහනවා. හැබැයි වැඩ මාර ඉක්මන්, ඒ වගේම වැඩ හොඳයි.

අපේ ඒකකයේ ජේෂ්ඨ අය මදි නිසා අනෙක් ඒකකවල අයත් අපේ වාට්ටුව බැලුවා. ඉතින් ඒක ටිකක් පීඩාකාරී වැඩක්. ලෙඩෙක් ගැන එන ඕනෙම ප්‍රශ්නයක් වහාම දැනුම් දෙන්න ඕනෙ. එක මිනිත්තුවක් ජීවිත දෙකක් නැති කරන්න ඉඩ තියෙනවා .

ඉතින් මගේ පළවෙනි සීසර් ලිස්ට් එක ගිය දවසෙ එහෙම ප්‍රශ්නයක් වුණා. නිවුන් දරුවන් බලාපොරොත්තු වුණ අම්මා කෙනෙක් සම්බන්ධව. එහෙම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි, අම්මටවත් බබාලටවත් මොකුත් වුණේ නෑ. ඒත් ඒක ලොකු සර් ඉන්න වෙලාවේ තියටර් එකට යවන්න ඕනෙ කියන එක මගෙ ඔලුවේ තිබුණෙ නෑ. අනික එදා යාලුවත් තියටර්, එයාගෙ නාරිවේද වෝඩ් එකට එන ලෙඩ්ඩුත් මම බලන්න ඕනෙ. සරලව ගත්තොත් කතරගම දෙවියෝ වගේ වැඩ කළයුතු දවසක්.

කොහොම හරි ඉතින් ලෙඩ්ඩු වෙලාවට, මූලිකත්වය දීලා යැව්වෙ නැති එකට මම බැනුම් ඇහුවා. ඒක මට හොඳ පාඩමක්, මම ඉන්පස්සේ හොඳට හිතලා බලලා ඒ ඒ ලෙඩා ගියාද නැද්ද කියන එක වැඩ අතරෙත් හොයලා බැලුවා.

ඔය අතරෙ සූතිකාගාරයේ වුණ එක සිද්ධියක් නිසා අපිට ගොඩාක් දෝෂාරෝපණ එල්ල වුණා.

මම කලින් කිව්වා වගේ අපිට සීමාවාසිකය එපා කරන්න, අපිට වැඩේ දෙන්න බලාගෙන හිටිය අය හිටියනේ. ඉතින් එහෙම අය වෝඩ් බලන දවසට හරිම ස්ට්‍රෙස්.

මගේ උදේ රවුන්ඩ් එකේදි අම්මා කෙනෙක් කැක්කුමයි කියලා, පරීක්ෂා කරද්දි බබා ලැබෙයි වගේ හිතුන නිසා මම ඒ අම්මව සූතිකාගාරයට යැව්වා. බබා දඟලන එක නොදැනෙන බවත් ඒ අම්මා කිව්වා. ඒ නිසා ගත්ත බබාගෙ පටියේ බබාගේ ප්‍රශ්නයක් පෙනුනේ නෑ, ගර්භාශය සංකෝචනය වෙන ලකුණුත් ඒකේ තිබුනා.

සීමාවාසික අම්මා [COMPLETED]Tahanan ng mga kuwento. Tumuklas ngayon