04. සිතුවිලි

197 46 49
                                    

මේ කොටස ලියන්න කලින් සීමාවාසික පුහුණුව කියන්නේ මොකද්ද කියලා ලියන්න හිතුවා...

ලංකාවේ වෛද්‍ය උපාධිය ලබා ගත්තට පස්සෙ, ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගන්න වසරක කාලයක් මාස හය ගානෙ වෙන appointments දෙකක් කරන්න ඕනෙ. ඒකේ මාස හයම 1st oncall, ඉන්න ඕනේ අදාල වාට්ටුවට. ඒ කියන්නේ සරලවම නිවාඩු නෑ. මෙඩිකල් නිවාඩු 14ක් තියෙනවා එච්චරයි , මොකක් හරි හේතුවකට ඊට වඩා ගත්තොත් ඒ ගන්න නිවාඩු දවස් ගාන නැවත ඒ අදාල වාට්ටුවේ වැඩ කරන්න ඕනෙ.

ඒ කාලේ හැසිරීම අනුව ඇතැම්විට අදාල ලොකු සර් හෝ මැඩම් නැවත පුහුණුවට නිර්දේශ දෙන අවස්තා එහෙමත් තිබිලා තියෙනවා .

දැන් එතකොට බබෙක් එක්ක මේක කරන්න ඕනෙ මම....

ඊට අමතරව අද කතාවට කලින් තව දෙයක් කියන්න ඕනෙ. ලංකාවේ විදියට ළමයෙක් හදන්න අවසර තියෙන්නේ කොලේ අත්සන් කරලා, විවාහ උත්සවයක් ගත්තට පස්සෙනේ. මම ඉරි දෙක දකිද්දි මට තිබුණේ ඊට අවුරුදු එකහමාරකට කලින් අත්සන් කරපු කොළේ විතරයි. අවසන් වසර අවසන් කරලා තමයි සංස්කෘතියට අදාල විවාහය කරන්න හිටියේ... අනික් කාරණය අපි හිතුවේ නෑ විද්‍යාත්මකව අපිට ඉරි දෙකක් එහෙම දකින්න වෙයි කියලා.

ඉතින් ඔය හැම දේම එක්ක විභාගය අවසන් වෙලා , අපි වෙනම annex එකකට ආවා.

මට මතකයි ඒ වෙනකොටත් මම පොඩි පොඩි දේවල්වලට හරියට තරහා ගන්න තත්ත්වයක හිටියේ. අපි ඔය අලුත් ගෙදරට ගිය දවසේ, හස්බන්ඩ් ට තවත් නොවැළැක්විය හැකි උත්සවයකට සහභාගි වෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ නිසාම එදා අපි ප්ලෑන් කළ විදියට හැමදේම සිද්ධ වුණේ නෑ.

ඒත් මම ඒක ඒ දවස්වල දැක්කේ හරිම මෝඩ විදියට. හෝමෝන නිසාද, ජීවිත අත්දැකීම් අඩු නිසාද කියලා මම දන්නේ නෑ. මම හරියට තරහා ගත්තා. දුක් වුණා.
ඒත් එයාගේ පැත්තෙන් සාධාරණයි , ඒක යන්න අත්‍යවශ්‍ය ගමනක්, මගින් හැරිලා එන්නත් බෑ.

කොහොම හරි ඉතින් අලුත් ගෙදර මුලින්ම උයපු කෑම වේල... බත් එක නම් රයිස් කුකර් එකට පිං සිද්ධ වෙන්න උයා ගත්තා. ඒත් හැදුව curries දෙකම ඉතා ලස්සනට කර වුණා.... ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන උයන්න ඕනේ කියන සරල පොයින්ට් එකවත් ඒ වෙනකොට මම දැනගෙන හිටියේ නෑ. මම ඇත්තටම කොයිතරම් ළදරුවෙක්ද ජීවිතේ අතින් ගත්තම.

සීමාවාසික අම්මා [COMPLETED]Where stories live. Discover now