09. මව් කිරි / පිටි කිරි

140 35 4
                                    

ඔය විදියට සීමාවාසිකයට සති තුනක් තියලා අපි බබත් අරන් ගෙදර එනවා. ඒකට හේතු වුණේ අර මම කලින් කියපු කොළය. මොකද ඒ කොළේ විදියට මම යම් අවධානමක හිටියේ. හැබැයි ගෙදර ඇවිත් වැඩිපුර ගෙදර අයගෙ උදව් ලැබෙද්දි මම ටිකක් ස්ථාවර වුණා.

ඇත්තටම ඒ දවස්වල මම ගෙදර හිටිය එක හොඳයි. මට හේතුවක් නැතුව ඇඬුන කාලයක් ඒ. හැමෝම සීමාවාසිකය එක්ක කාර්‍යබහුල වුණා. මට තව සති තුනකින් යන්න වෙනවා. මට ඒක කරගන්න පුලුවන් වෙයිද. බබාට කිරි දෙන්නේ කොහොමද , වැඩ අතරෙ බබාව වෝඩ් එකට ගෙන්න ගන්නවද, නැත්තම් මම නිල නිවාසෙට යනවද, කවුද බබාගෙ රෙදි හෝදන්නේ. නිමක් නෑ ප්‍රශ්න ඒ දවස්වල.

ඔය අතරින් තිබුණ ලොකුම ප්‍රශ්නය , බබාට කිරි දෙන එක. මම මුලින්ම කළේ ළමා රෝග , ඒ කියන්නේ සාරිය උදේ සහ දවල් වෝඩ් රවුන්ඩ් දෙකට අඳින්න ඕනෙ. මේ ප්‍රී කොවිඩ් අවධිය නිසා ස්ක්‍රබ් කිට් කියලා ජාතියක් තිබ්බෙ නෑ. පීඩ් නම් සාරි, සාරි නම් පීඩ්... අනික මට තියෙන වගකීම් එක්ක බබා ගැන හිතන්න වෙලාවක් ලැබෙයිද.

කිරි දොවලා දෙන එක තමයි තිබුණ විකල්පය, ඒත් උදේ 6.30ට ගිහින් ආය රෑ 9ට එන්න වෙනවා නම් මම දවසට කොයිතරම් ප්‍රමාණයක් දොවන්න ඕනෙද, රෑ එළි වෙනකල් දෙව්වත් ඒ ප්‍රමාණය අරන් තියන්න බෑ. දවසම මහන්සි වෙලා එද්දි, වැටෙන වැටෙන තැන නින්ද යද්දි ඒක මට කරන්න පුලුවන් වෙයිද....

මේ කිරි ප්‍රශ්නය හිතුවාටත් වඩා දුර දිග ගියා. මට මුලින්ම මව් කිරි ගැන විද්‍යාත්මකව ඉගැන්නුවේ මගෙම අම්මා, ජීව විද්‍යාවට. ඊට පස්සේ වෛද්‍ය ශිෂ්‍යාවක් විදියට ඒ ගැන ඉගෙන ගත්තා.

මව් කිරිවල වටිනාකම, මුල් මාස හයේ මව්කිරි පමණක් දීමේ වැදගත්කම, පිටිකිරි දීමෙන් බබාට අනාගතයේ එන්න පුලුවන් බෝ නොවන රෝග අවදානම, මේ හැම දෙයක්ම මම හොඳින් දැනගෙන හිටියා.

"කෝකටත් බබාට formula ( පිටිකිරි )  පුරුදු කරලා තියමු, ඔයාට එන්න බැරි වුණොත් දරුවා බඩගින්නේ නේ" අම්මා අකමැත්තෙන් වුණත් කිව්වේ ඒක එන්න පුලුවන් ප්‍රායෝගික ප්‍රශ්නයක් නිසා.

මටත් වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.
හස්බන්ඩ් එක්ක මම රණ්ඩු වුණා. මොකද එයා විශ්වාස කළේම පිටි කිරි නොදී වැඩේ ගොඩ දා ගන්න පුලුවන් වෙයි කියලා. ඒත් මගේ හැකියාව, සහ මට දරන්න තිබුණ වගකීම් එක්ක මම අසරණ වුණා. තාත්තා විදියට එයා ෆයිට් කලේ බබාගේ මූලික අයිතිවාසිකම වෙනුවෙන්. ඒකට එයාට වැරැද්දක් කියන්න බෑ. ඒත් මට එහෙම කරමු කියන්න පුලුවන් කමක් තිබුණෙත් නෑ.

සීමාවාසික අම්මා [COMPLETED]Where stories live. Discover now