15. හැමදේම හොඳින්

117 26 7
                                    

ඒ සති හය එහෙම ගෙවෙද්දි, මට මගේ වගකීම්, මවක් සහ දුවක් විදියට ගොඩක් මග ඇරුණා. අම්මා බබාව බලාගන්න නිසා අම්මාගේ ආදායම් මාර්ගවලට ගොඩක් ඒ බලපෑම දැනෙන්න ඇති. ඒත් මට හිතන්න වෙලාවක් තිබුණෙ නෑ. ඒ අතරෙම අම්මට කකුල් කැක්කුමක් ඇතිවෙලා. ඒ ගැන මට අහන්නවත් වුණේ නෑ. ඒක මගේ නොහැකියාව වෙන්නත් ඇති. මට හැමදේම සමබරව කරගෙන යන්න බැහැ, එදත් අදත්...

ඔය කකුල් අමාරුව හරිම තදට තිබිලා තියෙනවා , ඒත් මට අම්මව බෙහෙත් ගන්න එක්ක යන්න වෙලාවක් තිබුණෙ නෑ. අම්මා මට මේ ගැන කියලා කරදර කළෙත් නෑ. කොහොම හරි ඉවසගෙන අම්මගෙ වැඩත් කරගෙන, බබාගෙ වැඩත් කරලා තිබුණා. අම්මගේ වැඩ කියන්නේ පැය පහක් හයක් එක දිගට හිටගෙන ඉන්න වැඩක්. ඒක කොහොම කළාද කියලා අදටත් මට හිතා ගන්න බැහැ.

අම්මා දරාගන්න බැරිම තැන Orthopedic Surgeon සර් කෙනෙක්ට පෙන්නගෙන තිබුණා. අන්තිමට මම වැඩ කරපු රෝහලේම සායනයට, physiotherapy වලට අම්මා ආවත් මට ඒ වෙලාවේ වත් අම්මා එක්ක ඒවට යන්න බැරි වුණා. අම්මගෙ ලොකු දුව වගේ උන්න යශෝධා අක්කා තමයි අම්මට අදාල උපදෙස් දීලා ඒ කටයුතුවලට උදව් කරලා තිබුණේ.

අම්මා අද වෙනකල් කවදාවත් මට මෙහෙම වුණා, ඔයා මට බැලුවේ නෑ කියන දේ කියලා නෑ. අදටත් මොන රෝග ලක්ෂණයක් පහල වුණත් අම්මයි තාත්තයි තනියෙන් චැනල් කරගෙන ගිහින් බෙහෙත් අරන් ලෙඩ හොඳ වුණාට පස්සෙ තමයි මට කියන්නේ... මොනවා කරන්නද...

මුලින්ම සූතිකාගාරයේ සති හය කරන්න හිටියත් ඒක මට බැරිවුණ නිසා, දෙවනි සති හයවත් සූතිකාගාරයේ පුහුණුවට යන්න මමත් මගේ අසල්වැසි වාට්ටුවේ යාළුවත් උත්සහ කළා. ඒත් මට ලොකු සර් කිව්වේ නාරි වේදයත් අවසාන කරලම සූතිකාගාරයට යන්න කියලා. මොනවා කරන්නද... යාලුවා එක්ක යන්න තිබුණ අවස්තාව මග ඇරුණා.

නාරිවේදය කරපු කාලයේ නම් ඇත්තටම සිස්ටම් එකට පුරුදු වෙලා හිටිය නිසා ලොකුවට ඇනුම් බැනුම් ඇහුවේ නෑ. දෙවනි සතියේ එක දවසක මමත් ජේෂ්ඨ අයියත් වෝඩ් රවුන්ඩ් ඉවර කරන්න ප්‍රමාද වෙලා තියටර් යන්න පරක්කු වෙනවා. අපි යනකොට සර් අපට කලින් ඇවිත්... හිතාගන්න පුලුවන් නේ ඉන් එහාට මොනවායින් මොනවා වෙන්න ඇතිද කියලා. කොහොමත් අපේ සර් එහෙම අඩි හප්පලා බැනලා කෑ ගහන කෙනෙක් නෙවෙයි.

සීමාවාසික අම්මා [COMPLETED]Where stories live. Discover now