16. නිමාව

136 28 10
                                    

සූතිකාගාරයේ සති හය අවසන් වෙද්දි කරපු කියපු දේවල් එක්ක මම ගොඩක් වෘත්තීය වශයෙන් පරිණත වුණා කියලා හිතෙනවා.

ගොඩක් දවස්වලට මම වැඩ අවසන් කරලා ආවත් මහන්සිය සහ මානසික පීඩනය නිසා මට හිත නිදහසේ බබා හුරතල් කරන්න ලොකුවට වෙලාවක් තිබුණද කියලා මටත් දැන් මතක නෑ. ඒත් මට මතකයි සමහර දවස්වලට වැඩ ඉවර කරලා ගෙදර ආවත් හස්බන්ඩ් බබා නිදිකරවන කල් මම පැත්තකට වෙලා වාඩි වෙලා හිටියා. එයා නිදා ගත්තට පස්සෙ මම ගිහින් එයාව තුරුල් කරගෙන නිදා ගන්නවා ඊළඟ ඇමතුම එනකල්.

ඔය ඇමතුම් ආවම වෙලාවක් අවේලාවක් නෑ, මම යන්න ඕනෙ සූතිකාගාරයට . ඔහොම යන්න තියෙන්නෙ පඩිපෙලක් නැගලා නිල නිවසේ ඉඳලා රෝහලට. මේ ළඟදි දවසක ඔය පඩිපෙළ මාත් එක්ක බැහැලා එද්දි හස්බන්ඩ් ඇහුවා මේ පඩිපෙළ පොතට දැම්මෙ නැද්ද කියලා.

ඇත්තටම එදා පඩිපෙළමයි අදත්. ලයිට් නෑ, කඩතොළු ගොඩයි අවසාන පඩි දෙක බහිද්දි මාර බයෙන් බහින්නෙ රෑට. වැටුණොත්, අස්ථි බිඳුමක් ෂුවර්. එදත්ෆෝන් එකේ ටෝච් එකෙන්, අවුරුදු අටකට පසු අදත් ෆෝන් එකේ ටෝච් එකෙන්.

සූතිකාගාරයේ සති හය අවසන් වුණාම ශල්‍යාගාර සති හය පටන් ගත්තා. පසු ප්‍රසව මව්වරු පරීක්ෂා කිරීම සහ ඕනෑම හදිසි ශල්‍යකර්මයකදි ඒකට සහභාගී වීම තමයි මගේ ඩියුටි වුණේ. ඒ වෙනකොට අපේ ඒකකයේ ජේෂ්ඨ නිලධාරීන් තුන්දෙනෙක් නිසා අසල්වැසි ජේෂ්ඨ අයගෙන් බැනුම් අහන ප්‍රමාණය නම් බිංදුවටම අඩු වෙලා තිබුණෙ. ඒ ඒකකයේ අවසාන සති හය ඇත්තටම සාපේක්ෂව සතුටින් ගෙවා ගන්න පුළුවන් වුණා.

ඔය අතරෙ බබාගේ පළවෙනි උපන් දිනය යෙදුනා. කොහොම හරි කල් බලලා මම සති අන්තය නිදහස් කරගත්තා. උපන් දිනය යෙදුනේ ඉරිදා දවසකට. සෙනසුරාදා අපි බබාව අරන් ගමේ ගියා. ඒ මගේ පුංචි අම්මා, බබා වෙනුවෙන් නවගමුව දේවාලෙට වුණ බාරයක් ඔප්පු කරන්නත් එක්ක. මම කේක් හදන්න ආස කෙනෙක්, ඒත් මගෙ දරුවගේ පළවෙනි උපන්දින කේක් එක මගේ අතින් හදා ගන්න බැරි වුණා. වෙලාවක් නැති නිසා. ඒ ගැන පොඩී දුකක් තවමත් තියෙනවා හිතේ....

මම සති අන්තය නිදහස් කරගත්තට රාජකාරි සම්පූර්ණයෙන් අත ඇරලා ගමේ යන්න පුලුවන් කමක් තිබ්බේ නෑ. සෙනසුරාදා උදේ පහට ගිහින් වෝඩ් රවුන්ඩ් කරලා, අම්මලාව සති අන්තය වාට්ටුව බලන සගයාට බාර දීලා තමයි ගියේ.

සීමාවාසික අම්මා [COMPLETED]Where stories live. Discover now