14. ගැලවීයාමේ යාන්ත්‍රණය

107 29 20
                                    

මුල් සති තුනට මාස ගාණක වැඩ කළා වගේ දැනුනේ. ඒ අතරෙ අපිට තව සීමාවාසික සගයො දෙන්නෙක් ලැබෙනවා. ඒ ඊළඟ සීමාවාසික කණ්ඩායම පත්වීම් ලබා ගැනීමත් එක්ක. ඒ දෙන්නව දැක්කම අපිට පුදුමාකාර සැනසීමක් දැනුනේ. මට විශේෂයෙන් , මොකද දෙන්නම මගේ batch mates ලා.

පූර්ව ප්‍රසව ඒකකයේ අන්තිම සති තුනේ මම බැලුවේ පූර්ව ප්‍රසව ඒකකය විතරයි , අලුතින් ආව දෙන්නා අනෙක් කොටස් බාර ගත්තා. ඔන්න කොහොම හරි මට සති අන්ත නිවාඩුවක් ලැබෙන්න නියම වුණා. සෙනසුරාදා උදේ වාට්ටුව බලලා එහෙමම ගෙදර එන්න තිබුණත්, එක අම්මා කෙනෙක්ගේ තත්ත්වය හොඳ නැති නිසා ඒ ප්‍රශ්න විසඳෙනකල් මට ඉන්න වුණා. අන්තිමට යන්තම් දවල් එකට විතර සති හතරකට වගේ පස්සෙ මම ගෙදර ගියා. අපි එදා තමයි මුලින්ම බබා එක්ක day out එකක් ගියේ. ඒත් ඒක day out කියලම කියන්න බෑ, වරුවයිනේ ඉතින් තිබුණේ. එදා තමයි බබා මුලින්ම swimming pool එකකට බැස්සුවෙ. අපරාදේ කියන්න බෑ, එදා ඉඳලා මේ වෙනකල් වතුරට දැම්මොත් ගොඩට ගන්න නම් පුදුම සටනක් දෙන්න ඕනෙ. එයා හරි ආසයි වතුරෙ නටන්න. ලැබුණ පුංචි විවේකයේ හරි දරුවව ගෙදරින් එළියේ ලෝකය දකින්න එක්ක යන්න ලැබීමම මට පුදුම සහනයක් වුණා.

මාතෘ නිවාඩු එක්ක දරුවගේ මුල් මාස නවය ගෙදර ඉන්න තිබුණා නම් මට මීට වඩා ගොඩක් දේවල් කරන්න තිබුණා. ඒත් මේ මට සහ එයාට නියම වෙලා තිබුණ විදිය වෙන්න ඇති.

සතියෙන් සතිය ගෙවිලා පූර්ව ප්‍රසව පුහුණුව වේගයෙන් නිමාව දකින්න ලං වුණා. ඒ අතරෙ වුණ සිදුවීම් කිහිපයක් ලියන්න ඕනෙ කියලා හිතුනා.

අවුරුදු විස්සක වගේ අම්මා කෙනෙක්, intra uterine death (IUD) එකක් එක්ක ඇඩ්මිට් වුණා. ඇත්තටම ඒ අම්මට බබා මියගොස් ඇති බව කියලා, ඇඩ්මිට් වෙන්න කියලා දවසකට පස්සෙ තමයි එයා රෝහල් ගත වුණේ. එහෙම එද්දි සංකූලතා රැසක් එක්ක තමයි ආවේ. අන්තිමට බබා ඉවත් කළා.

අම්මාට ටිකක් අමාරු වුණා. එදා අපේ වාට්ටුව බැලුව ලොකු සර් ඒ අම්මට දෙන්න එක්තරා බෙහෙතක් නියම කළා. ඒක නියම කළේ රෑ එකොළහට වගේ කරපු වෝඩ් රවුන්ඩ් එකේදි. කොහොම හරි ඒ බෙහෙත අපේ වාට්ටුවේ තිබිලා නෑ. මිස්ලා හැමතැනම හොයලා, අන්තිමට උදේ වෙනකොටත් බෙහෙත දෙන්න විදියක් තිබ්බේ නෑ.

සීමාවාසික අම්මා [COMPLETED]Where stories live. Discover now