11. අත් නොහැරුම්

120 36 4
                                    

ක්වාටස් එකට ගිහිල්ලත් ඇඬුවා. ඊට පස්සේ අපේ ඒකකයෙම මට බැනපු කෙනාට වඩා සීනියර් අයියා කෙනෙක්ට මම කෝල් කරලම කිව්වා මම එහෙම එයාලා කාටවත් වැරැද්දක් කරන්න හිතාගෙන නෙවෙයි ඒක කළේ කියලා. ඒ අයියා මට situation එක පැහැදිලි කරලා දීලා, ආය එහෙම දෙයක් නොවෙන විදියට වැඩ කරන හැටි කියලා දුන්නා.

ඒත් මට මාර අවුල්, මොකද කලින් කෙනා බැන්නේ මම කරපු වැඩේ නිසා එයාලා හැමෝටම negative remark එකක් වැටුණා කියලයි. කොහොම වුණත් සීමාවාසිකය කියන්නේ සීනියර් අය යටතේ අපි පුහුණු වෙන කාලයක්. ඉතින් වැරදි වෙනවා, ඒවා කලින් අඳුරගෙන නිවැරදි කරන එක අපි වගේම එහෙම කාලයක් පහු කරලා ඒක විඳලා සහ විඳවලා ආව සීනියර් අයගේ යුතුකමක් විදියටයි මම දකින්නේ.

බැනපු කෙනා කෙසේ වෙතත් මම අඬ අඬ කෝල් කරලා සමාව ඉල්ලුව වෙලාවේ හිත හදලා උපදෙස් දුන්න කෙනා නම් දැන් Consultant Paediatrician කෙනෙක්. ඇත්තටම එයාලා ඒ තැනට යා යුතු උතුම් මිනිස්සු. ඒ කාලෙත් මට හොඳට මතකයි උදේ ඇඳගෙන ආව සාරියෙන්ම රෑ දහයටත් අපිව දකිද්දි, ඇයි මෙහෙම ඉන්නේ, මාරුවෙන් මාරුවට ගිහින් rest කරලා එන්න, ආයි එහෙම ඔහොම ඉන්න එපා කියලා කියන්න තරම් ඒ හිත් කාරුණික වුණා.

ඇත්තටම එහෙම ඉන්න අමාරුයි , ඒත් අපිට ඒ කාලේ හැම දෙයක්ම බැලන්ස් කරගෙන කරන්න බැරි නිසා අපි ගියේ නෑ rest කරන්න.

කවුරු කොහොම හිත හැදුවත්, මම ගෙදර යනවා ආයි වෝඩ් එකට නම් යන්නේ නෑ කියලා මම හස්බන්ඩ්ටත් කතා කළා මාව එක්ක යන්න එන්න කියන්න.

එයත් ආවා. එයා ලොකුවට බලපෑම් කළේ නෑ. ඉන්න කියලවත්, යන්න කියලවත්. හැබැයි වුණ සිද්ධිය එයා දැකපු විදිය ටිකක් වෙනස්. එයාලගේ ඒකකයේ කටයුතු වුණ ආකාරය අනුව මම කරපු දේ ඒ විදියට බැනුම් අහන්න තරම් වරදක් නෙවෙයි කියලයි එයා දැක්කේ.

යන්න ලෑස්ති වෙන අතරෙ දෛවය මට හරස් වුණා. වෝඩ් එකෙන් කෝල් එකක් ආවා.
"ඩොක්ටර් xxxx බබාට SOB (shortness of breath, හුස්ම ගැනීමේ අපහසුව) වගේ."
සියල්ල අමතක වුණා. මම ආයි වාට්ටුවේ , මොකද එදා නිවාඩු දවසක් නිසා අනෙක් දෙන්නා රෙස්ට් කරන්න යවලා මම තමයි ඒ වෙලාවේ වාට්ටුව බැලුවේ.

සීමාවාසික අම්මා [COMPLETED]Where stories live. Discover now