08. නිහඬ හැඬුම්

149 38 8
                                    

චූටි දූ ගේ පළමු දවස, කිරි පෙවීමේ යුද්ධය , අම්මා රෑ වෙලා ගෙදර ගියා, ඊළඟ වැඩමුරයට වාර්තා කළේ හස්බන්ඩ්. පව් ඉතින් පුටුවක් උඩ එළි වෙනකල්.

බබා හොඳට කිරි බොන එකේ ලක්ෂණයක් හොඳින් මුත්‍රා පිට කිරීම. ඉතින් තෙමෙන හැම නැපියක් ගානේම අපිට පුදුම සතුටක් ඉතින්. මොකද ඉක්මනට ටිකට් කපා ගන්න ඕනෙ නිසා.

ටිකින් ටික හිරි අඩු වෙද්දි තමයි අමාරු. ඒත් ඒ ගැන හිතන්න වෙලාවක් නෑ. බබාගේ වැඩ. ඊළඟ දවසට එළි වුණා. බබා කිරි බොන නිසා ටිකට් කපන්න පුලුවන් වෙයි කියලා තමයි කීවෙ.

මගේ යාලුවෝ කෝල් කළා, ඒ වෙද්දි ගොඩක් අය දැනගෙන හිටියා මම deliver කරන බව. ඒත් ඒ කිසිම කෝල් එකකට උත්තර දෙන්න මට වෙලාවක් තිබුණ් නෑ.

ඔන්න ඉතින් ටිකටුත් කපාගෙන හවස් වෙද්දි අපි ගෙදර ආවා. බබාට අන්දගෙන එන්න අම්මා වෙනම කහ පාට ඇඳුමක් මැහුවා අම්මගේ අතින්ම. අම්මා මටත් හොස්පිටල් එකෙන් එළියට එනකොට අඳින්න දිග ගවුමක් ගෙනත් තිබුණා. පසු ප්‍රසූත පළවෙනි දවසෙම ගවුමක් ඇඳගෙන ගෙදර යන මා දිහා වපර ඇස් යොමු නොවුණාම නෙවෙයි ඉතින්. ඒත් මට හිතෙනවා අම්මා කළ දේ හරි කියලා. ගෙදර යන්න විනාඩි විස්සක් වගේ ඒ දවස්වල. ඉතින් ඔය පොඩි වෙලාවට බබාට බඩගිනි වෙන්නේ නෑනෙ.

ගෙදර ගියාම ඉතින් අමාරු වැඩියි. වේදනාව හොඳට දැනෙනවා. අපි දෙන්නා මාරුවෙන් මාරුවට ඇහැරිලා ඉන්නයි ප්ලෑන් කළේ. අම්මව උදේ එන්න කියලා ගෙදර යැව්වා. අපිට ඉතින් හරි බයයි බබා ගැන. සැරෙන් සැරේ හුස්ම ගන්නවද කියලා එහෙම බලනවා.

ඊළඟ දවස වෙද්දි හොඳ ගණන්. අම්මා උදේම කෑම හදාගෙන ආවා. හස්බන්ඩ් තමයි ඉතින් නැපි සේදුම් යන්තරේ වුණේ. මම තදින්ම හිතා ගත්තා කොහොම හරි වැඩ ටික තනියෙන් කරගන්න ඉක්මනට පටන් ගන්නවා කියලා. ඒත් ඒක හිතුව තරම් ලේසි නෑ. නින්ද අඩු කම, මහන්සිය එක්ක මට හති වැටිලා ඒ වෙද්දිත්.

දවස් දෙකක් තුනක් යද්දි ගොඩක් අමාරුයි , අම්මා දවල්ට ඇවිත් වැඩ ඔක්කොම කළා. හස්බන්ඩ් වැඩට යන්න කලින් නැපි ඩියුටි කළා. ඒ හැමදේම කළත් මට මේ අලුත් ජීවන රටාවට හුරු වෙන්න අමාරු වුණා. ඒ අතරෙ තව ප්‍රශ්නයක් , සීමාවාසිකය.... යාලුවෝ හෝ ගාලා ඒකට සූදානම් වෙද්දි මම, කිරි යුද්ධය , නැපි යුද්ධය , ගුඩුස් යුද්ධය එක්ක තනි වෙලා. මට හොඳට මතකයි ඒ මුල් දවස්වල බබා දවල් නිදාගත්ත ගමන් , මම කරන්නෙ නාන එක. බේබි සබන් සුවඳ එක්ක අලුත් බෙඩ් ජැකට් එකයි, චීත්තෙයි ඇඳලා ඇවිත් බබා ළඟින් වාඩි වෙද්දි මට නිකම්ම කඳුළු වැක්කෙරෙනවා. පසු ප්‍රසව කාලය කියන්නෙ ලොකු වෙනස්කම් ගොඩක් සිද්ධ වෙන කාලයක්නෙ. ඒ වගේම අපේ හෝමෝනත් වෙනස් වෙනවා. ඒ නිසා වෙනස්කම් දරාගන්න සාමාන්‍යය කෙනෙක්ට වඩා මේ මට්ටමේ ඉන්න අම්මා කෙනෙක්ට අමාරුයි.

සීමාවාසික අම්මා [COMPLETED]Where stories live. Discover now