1st~

3.8K 519 33
                                    

"ජන්ග්කුක්.. පුතා, කිව්වම අහලා අදවත් ඔය චිත්‍ර ඇදිල්ල ටිකකට නතර කරන්න දරුවෝ.. ඒ මිනිස්සු දැන් මඟ එනවත් ඇති"

ජන්ග්කුක් ගෙ ආදරණීය මව.. ජොන් මහත්මිය දැන් පැය ගානක ඉදන් ජන්ග්කුක් ට එක එක විදියට ඇවිටිලි කලත් ජන්ග්කුක් ඒක කනකට නොගන්න නිසා අන්තිමේ ඇය තීරනය කලා සාමාන්‍ය අම්ම කෙනෙක් වගේ තමන්ගෙ එකම පුතාට කෑගහන්න.. ඒත් ජන්ග්කුක් ගෙ අවදානය ගන්න ජොන් මහත්මියට බැරිවුනා..

ජොන් මහත්මිය කියන ඔය 'ඒ මිනිස්සු' එන්නෙ ජන්ග්කුක් ගෙ කැමැත්තකින් නොවීමත් ජන්ග්කුක් පින්සල අතට ගත්තාම මොනම හේතුවකටවත් ඒක අතරමග අත නොඇරීමත් කියන කාරණා දෙක නිසා ජොන් මහත්මියට සිද්දවුනා නැවත වතාවක් තමන්ගෙ පුතාගෙ අවදානය නොලැබීම එතනින් යන්න..

තවත් පැයකට ආසන්න කාලයක් ජන්ග්කුක් තමන්ගෙ අනර්ඝ චිත්‍රේ වෙනුවෙන් කැපකරල එතනින් නැගිට්ටෙ තව ටිකකින් තමන්ගෙ නිවසට එන 'ඒ මිනිස්සු' වෙනුවෙන් සූදානම් වෙන්න..

ජන්ග්කුක් ට අවශ්‍ය නොවුනත් හැමවෙලාවෙම තමන්ගෙ මව කියන දේවල් ප්‍රතික්ශේප කරන්න බැරි නිසාම ජන්ග්කුක් තමන්ගෙ ගෙදරට තව ටිකකින් එන අමුත්තන්ව පිලිගන්න ලෑස්ති උනා..

තව ටිකකින් තමන්ගෙ නිවසෙ සිද්දවෙන්න යන දේ ජන්ග්කුක්ට පොඩ්ඩක්වත් අවශ්‍ය දෙයක් නොවුනත් තවදුරටත් ඒක කල් දාන්න තමන්ගෙ මවට කියන්න තරම් හොද හේතුවක් හොයාගන්න ජන්ග්කුක් ට බැරිවුනා..

"ජන්ග්කුක් ඔයා ලෑස්තිද?"

ජන්ග්කුක් ගෙ මව එහෙම අහන ගමන් ජන්ග්කුක් ගෙ කාමරේ ඇතුලට එද්දි ජන්ග්කුක් හිටියෙ එයා ඇදගන හිටපු රතු පාට කමිසෙ අත වැලමිට ළඟින් උඩට නවන ගමන්..

"අහ්.. මේ ඉන්නෙ මගේ කඩවසම් කුමාරයා..."

ජොන් මහත්මියගෙ ඇස් දිලිසුනා.. ලස්සන හිනාවකින් මුලු මූනම පුරවගත්ත ජොන් මහත්මිය ඒ හිනාව එහෙමම තියාගන ජන්ග්කුක් ලඟට ඇවිත් ජන්ග්කුක් ට තමන්ගෙ ඇදුම හදාගන්න උදව් වුනා..

"රෙබෙකා අදම මගේ කුමාරයාව ගෙදර එක්කන් යයිද කියලයි බය"

ජොන් මහත්මිය සාමාන්‍ය මවක් වගේම තමන්ගෙ එකම පුතාව හුගක් වර්ණනා කලා.. ඒත් ඒක අතිශ්‍යෝක්තියක් උනේ නෑ.. මොකද අද ජන්ග්කුක් ගෙ පෙනුම ඇත්තෙන්ම හුගක් ආකර්ශනීය උනා.. ඒකෙ තිබුනෙ කඩවසම් බවකින් මිදුන ආකර්ෂණීය බවක්..

VOLCANO✔️Where stories live. Discover now